නොරොච්චෝලේ ගල් අඟුරු තාප විදුලි බලාගාරයේ අදියර තුනම අක්‍රියවීම හේතුවෙන් අද සවස සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි සැපයුමක් අහිමි වී ඇත. නොරොච්චෝල විදුලි බලාගාරයේ පළමු හා දෙවැනි අදියර අලුත්වැඩියා කටයුත්තක් සඳහා නවතා දමා තිබිණි. තුන්වන අදියර පමණක් ක්‍රියාත්මක වෙමින් පැවති අතර අද සවස හයට පමණ තුන්වැනි අදියර ද ක්‍රියාවිරහිත වූ බව බලාගාර ආරංචි පවසයි.
මෙම එක් අදියරකින් මෙගා වොඩ් 300 බැගින් සමස්ථ බලාගාරයේ විදුලි නිෂ්පාදනය මෙගා වොට් 900කි. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකින් ඔහු කියා සිටියේ සති අන්තයේ සහ වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝජනය සාමාන්‍ය අගයට පහළ මට්ටමක පවතින බැවින් මෙම අක්‍රියවීම ජාතික විදුලි පද්ධතියට ගැටළුවක් නොවන බවයි. ඉරිදා උදෑසන එය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර කරච්ච්ලයක්නේ (නි)
චයිනිස් බඩු ඔහොම තමයි (නි)
අයියෝ සල්ලි! (නි)
පෞද්ගලික විදුලි බලාගාර වල කොටස් තිබෙන ඇමතිවරු හා විදුලි ඉංජිනේරුවන් කවුද කියා හොයන්න. එවිට නොරොච්චෝලේ අක්‍රියවීමට හේතුව නිකම්ම සොයාගන්න පුළුවන් (නි)
මේවා අපේ සල්ලි නේද? (නි)
මේ බලාගාරය නිසා අපේ රටේ පරිසරය,වාතය කොයිතරම් විනාශවෙලා තියෙනවාද දැනටමත්. ඔහොම තමයි මහත්වරුනේ අපේ දේශපාලුවන්ගේ වැඩ නිසා අපි පරිප්පු කනවා. ඔය බලාගාරය හැදුවේ චිනාගේ බලකිරීමට. දැන් සාම්පුර් බලාගාරයත් හදනවාලු. මුළු ලෝකෙන්ම මේ වර්ගයේ බලාගාර වසා දාන්නට උත්සාහ කරමින් ඉන්න වෙලේ, මේ 21 වන සියවසේ ඉන්න දුප්පත් අපි විතරක් ඒවා හදන්න දස අතේ ණයවෙමින් උත්සාහ කරනවා. මුළු ලෝකෙම පුනර්ජනනීය බලශක්ති ක්‍රම තමන්ගේ රටවලට හඳුන්වාදෙමින් සිටින යුගයක අපි විතරක් තවමත් වසර 100 කටත් වඩා එහා ගිය බලශක්ති ක්‍රමයක් ගැන විශ්වාසය තබමින් ඔහේ ඉන්නවා. මේක අපේම අවාසනාව. (නි)
මේවා කවුරු කලත් "ජාතික අපරාධ".දැන්වත් ගහපු කොමිස් මුදල් ගැන සොයලා දැඩි දඩුවම් දෙන්න.(ම)
එදා හදපු ජලවිදුලි බලාගාර අදටත් හොදින් ක්‍රියා කරනවා.මේ නොරොච්චෝලේ හදපු අවුරුදු කිහිපයට 185 සැරයකට වඩා කැඩිලා තිබුණා.මේවා තමයි ජාතික අපරාධ කියන ගණයට ඇතුලත් වෙන්නේ.කොමිස් මුදල ගැන පමණක් හිතල මෙවැනි අපරාධ කරපු උදවියට දැන්වත් දැඩි දඩුවම් දෙන්න.(ම)
යන්ත්‍ර සුත්‍ර කාර්මික දෝෂ වලට ලක්වෙන එක සාමාන්‍ය දෙයක්. කැඩෙනවා, ආපහු හදාගෙන දුවනවා. (ම)
විජිත් කාටද ඕව කියන්නේ ? ඕව තේරෙන අය ඉන්නේ ඉතා ටික දෙනයි. බුරුතු පිටින් ඡන්දෙ දෙන්නේ වෙන වෙන දේවල් බලාගෙන. මිනිසුන් යටකරගෙන මිනීමරන ටිපර් රථ, පුද්ගලික බස් පාලනය කරගන්න බැරි රටක, කපුවන් කට්ටඩියන්, පුසාරින්, සාස්තරකාරයින් කියන දේ අනුව සියල්ල කරන වැඩි පිරිසක් ඉන්න රටක, තමන්ගේ පක්ෂේ දේශපාලකයා කරන ඕනෙම ජරා වැඩක් හරි කියන, තමන් අකමැති පක්ෂේ එකා මොන හොද වැඩක් කරත් වැරදි කියන ඡන්දදායකයෝ ඉන්න රටක අපි තවම කිට්ටු ගල් යුගයට මිස නවීන ලෝකයට නොවෙයි. (බ)
හුගක් කට්ටිය කෑගහන්නේ හරියට නොදැන. මේ බලාගාරයේ තිබුණු ප්‍රශ්න දැන් විසඳිලා. දැන් හොඳට වැඩ කරනවා. අදියර දෙකක් නියමිත කාලීන නඩත්තු වලට වහල තියෙන්නේ. එ්ක බොහොම සාමාන්‍ය දෙයක්. දැන් මාස දෙකතුනක ඉඳලම එකක් විතරයි වැඩ කළේ. හදිස්සියේ මෙම යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙනවා. එ්ක ඉංජිනේරුමය උපකරණ වල හැටි. (බ)