IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නොරොච්චෝලේ අදියර තුනම නවතියි

නොරොච්චෝලේ ගල් අඟුරු තාප විදුලි බලාගාරයේ අදියර තුනම අක්‍රියවීම හේතුවෙන් අද සවස සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි සැපයුමක් අහිමි වී ඇත. නොරොච්චෝල විදුලි බලාගාරයේ පළමු හා දෙවැනි අදියර අලුත්වැඩියා කටයුත්තක් සඳහා නවතා දමා තිබිණි. තුන්වන අදියර පමණක් ක්‍රියාත්මක වෙමින් පැවති අතර අද සවස හයට පමණ තුන්වැනි අදියර ද ක්‍රියාවිරහිත වූ බව බලාගාර ආරංචි පවසයි.

මෙම එක් අදියරකින් මෙගා වොඩ් 300 බැගින් සමස්ථ බලාගාරයේ විදුලි නිෂ්පාදනය මෙගා වොට් 900කි. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකින් ඔහු කියා සිටියේ සති අන්තයේ සහ වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝජනය සාමාන්‍ය අගයට පහළ මට්ටමක පවතින බැවින් මෙම අක්‍රියවීම ජාතික විදුලි පද්ධතියට ගැටළුවක් නොවන බවයි. ඉරිදා උදෑසන එය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු කීවේය.



අදහස් (0)

නොරොච්චෝලේ අදියර තුනම නවතියි

අසෝක Saturday, 12 December 2015 02:50 PM

මේක මාර කරච්ච්ලයක්නේ (නි)

:       0       0

ලක්ෂිත Saturday, 12 December 2015 03:15 PM

චයිනිස් බඩු ඔහොම තමයි (නි)

:       0       0

යසපාල Saturday, 12 December 2015 04:35 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

සන්තුෂ් Saturday, 12 December 2015 05:57 PM

පෞද්ගලික විදුලි බලාගාර වල කොටස් තිබෙන ඇමතිවරු හා විදුලි ඉංජිනේරුවන් කවුද කියා හොයන්න. එවිට නොරොච්චෝලේ අක්‍රියවීමට හේතුව නිකම්ම සොයාගන්න පුළුවන් (නි)

:       0       0

රමිලා Sunday, 13 December 2015 02:03 AM

මේවා අපේ සල්ලි නේද? (නි)

:       0       0

විජිත් Sunday, 13 December 2015 02:11 AM

මේ බලාගාරය නිසා අපේ රටේ පරිසරය,වාතය කොයිතරම් විනාශවෙලා තියෙනවාද දැනටමත්. ඔහොම තමයි මහත්වරුනේ අපේ දේශපාලුවන්ගේ වැඩ නිසා අපි පරිප්පු කනවා. ඔය බලාගාරය හැදුවේ චිනාගේ බලකිරීමට. දැන් සාම්පුර් බලාගාරයත් හදනවාලු. මුළු ලෝකෙන්ම මේ වර්ගයේ බලාගාර වසා දාන්නට උත්සාහ කරමින් ඉන්න වෙලේ, මේ 21 වන සියවසේ ඉන්න දුප්පත් අපි විතරක් ඒවා හදන්න දස අතේ ණයවෙමින් උත්සාහ කරනවා. මුළු ලෝකෙම පුනර්ජනනීය බලශක්ති ක්‍රම තමන්ගේ රටවලට හඳුන්වාදෙමින් සිටින යුගයක අපි විතරක් තවමත් වසර 100 කටත් වඩා එහා ගිය බලශක්ති ක්‍රමයක් ගැන විශ්වාසය තබමින් ඔහේ ඉන්නවා. මේක අපේම අවාසනාව. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 13 December 2015 03:48 AM

මේවා කවුරු කලත් "ජාතික අපරාධ".දැන්වත් ගහපු කොමිස් මුදල් ගැන සොයලා දැඩි දඩුවම් දෙන්න.(ම)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 13 December 2015 03:54 AM

එදා හදපු ජලවිදුලි බලාගාර අදටත් හොදින් ක්‍රියා කරනවා.මේ නොරොච්චෝලේ හදපු අවුරුදු කිහිපයට 185 සැරයකට වඩා කැඩිලා තිබුණා.මේවා තමයි ජාතික අපරාධ කියන ගණයට ඇතුලත් වෙන්නේ.කොමිස් මුදල ගැන පමණක් හිතල මෙවැනි අපරාධ කරපු උදවියට දැන්වත් දැඩි දඩුවම් දෙන්න.(ම)

:       0       0

සංජිව Sunday, 13 December 2015 05:13 AM

යන්ත්‍ර සුත්‍ර කාර්මික දෝෂ වලට ලක්වෙන එක සාමාන්‍ය දෙයක්. කැඩෙනවා, ආපහු හදාගෙන දුවනවා. (ම)

:       0       0

සත්‍යපාල Sunday, 13 December 2015 06:34 AM

විජිත් කාටද ඕව කියන්නේ ? ඕව තේරෙන අය ඉන්නේ ඉතා ටික දෙනයි. බුරුතු පිටින් ඡන්දෙ දෙන්නේ වෙන වෙන දේවල් බලාගෙන. මිනිසුන් යටකරගෙන මිනීමරන ටිපර් රථ, පුද්ගලික බස් පාලනය කරගන්න බැරි රටක, කපුවන් කට්ටඩියන්, පුසාරින්, සාස්තරකාරයින් කියන දේ අනුව සියල්ල කරන වැඩි පිරිසක් ඉන්න රටක, තමන්ගේ පක්ෂේ දේශපාලකයා කරන ඕනෙම ජරා වැඩක් හරි කියන, තමන් අකමැති පක්ෂේ එකා මොන හොද වැඩක් කරත් වැරදි කියන ඡන්දදායකයෝ ඉන්න රටක අපි තවම කිට්ටු ගල් යුගයට මිස නවීන ලෝකයට නොවෙයි. (බ)

:       0       0

ගයානාත් Sunday, 13 December 2015 07:46 AM

හුගක් කට්ටිය කෑගහන්නේ හරියට නොදැන. මේ බලාගාරයේ තිබුණු ප්‍රශ්න දැන් විසඳිලා. දැන් හොඳට වැඩ කරනවා. අදියර දෙකක් නියමිත කාලීන නඩත්තු වලට වහල තියෙන්නේ. එ්ක බොහොම සාමාන්‍ය දෙයක්. දැන් මාස දෙකතුනක ඉඳලම එකක් විතරයි වැඩ කළේ. හදිස්සියේ මෙම යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙනවා. එ්ක ඉංජිනේරුමය උපකරණ වල හැටි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site