(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම රේරුකාන ගබඩාවක තිබී නරක් වූ ලූනූ කිලෝ 3,000 කට අධික ප්‍රමාණයක් විනාශ කර දැමීමට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද ( 01) පියවර ගත්හ.
රයිගම මහජන සෞඛ්‍යය පරීක්ෂක සුපුන් රුක්මාල් සමරවීර මහතාට ලද තොරතුරක් අනුව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මියගේ මග පෙන්වීම මත සෙසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමඟ වැටලීම සිදු කළහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැටලීම සිදු කරන අවස්ථාවේ පුද්ගලයන් කිහිපදෙනෙකු සවල් යොදා ගනිමින් හා අනිත් නරක් වූ ලූනූ අතර තිබුණු ලූනූ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා තෝරමින් සිටි බවද රයිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක සුපුන් රුක්මල් සමරවීර මහතා පැවසීය.
ලූනූ ගැනුණු ව්‍යාපාරිකයාට නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක් වූ ලුණු වෙන්කිරීමේ ප්‍රමිතියක් සහ වෙන්කිරීමෙන් පසු අඩු මුදලකට විකිණීමේ ක්‍රමයක් ඇති කල යුතුයි. වීරයන් වගේ ටිකක් කුණු වුණත් හැම දෙයක්ම විසි කිරීමට තරම් පොහොසත් රටක් නෙමේ... ලංකාවේ අාහාර නැති අය ඕනෑතරම් ඉන්නවා...
අනිත් ඒවා ගැන කවර කතාද?