(ඩයනා උදයංගනී)
මෙරට නාය යෑමේ තර්ජනයක් ඇති ප්‍රදේශවල පිහිටි මහාමාර්ග හා මාර්ග පිළිබද විධිමත් පරික්ෂාවක් සිදුකරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මාර්ග සංවර්ධන අධිකාියට උපදෙස් දී ඇත.
මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් ප්‍රේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ සහ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් යන මහත්වරුන්ට අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී තිබේ.
නාය යෑමේ තර්ජන ඇති ප්‍රදේශවල මීට වසර ගණනාවකට පෙර ඉදි කර ඇති මාර්ග පිළිබඳව හෝ නිසි අධ්‍යනයක් කර නැති බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්,ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා විශේෂඥයින් සහභාගීකර ගනිමින් මෙම මාර්ග පිළිබඳ සොයා බලා තමාට කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd