රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් කැබලි 24 ක් ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අද අළුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අකුරණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි.
ජෙට් ගුවන් සේවයට අයත් 9ඩබ්ලිව් 256 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි සැකකරු පිළිබඳ ගුවන් නියමුවා දුන් තොරතුරක් මත රේගුව ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ ගමන් මල්ලේ තිබී අදාල රන් බිස්කට් තොගය සොයාගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රෝහණ ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඉන්ද්‍ර උක්වත්ත මහතා ඇතළු නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් එහෙන් මෙහා ටත් ගෙනියනවා මෙහෙන් එහාටත් ගෙනියනවා. මොන ලාබෙකටද? මෙහෙ රත්තරන් මෙහෙ ඉල්ලන අයට දීල එහෙ ඒවා එහෙ ඉල්ලන අයට දුන්න නම් කිසිම ප්‍රස්නයක් නැහැනේ.(නදී)
නියම රේගුව. ඔත්තුව දුන්න කෙනා ප්‍රසිද්ද කරනවා. (නදී)
මේ තියෙන තත්වය උඩ ඔත්තු දීමත් තමන්ගේ බෙල්ල කපා ගැනීමක් වගේනේ. අර නියමුවාට හොඳින් ඉන්න දෙයිද. කෝටි ගානක රත්රන් ජාවාරම් පොඩි මිනිස්සු කරයිද.(නදී)
දැන දැන අමාරුවේ වැටෙන්නේ.(නදී)
නියමුවාට මේ සම්බන්ධව යම් දිරිගැන්වීමක් කළයුතුයි (නි)
කොහොමද නියමුවාගේ දක්ෂකම. රාජකාරියට අමතරවත් සේවය කරලා අති දක්ෂයෙක් ඔබට අපේ ප්‍රනාමය! (නදී)
නියමුවා පිටත් වෙන්නත් කලින් විස්තරේ ලෝකෙම දන්නවා. දැන් ඉතින් රත්තරන් පටවපු අය මෙයා ගැන වග කියයි. ෂෝක් රේගු නිලධාරීන් ටික. (නදී)
නියමුවා කලේ වරදක්. පාරිබෝගිකයා පාවා දීමක් (නදී)
ගම අකුරණ නම් ඉතින් කියන්න දෙයක් නැහැනේ ? (නදී)
නියමුවාට ඔත්තුව දුන්නාට යම් දිරි දීමනාවක් ලබාදිය යුතුය (නි)
මෙවන් නියමුවන් කොච්චර වාසනාවක්ද? (නි)
සේපාල මේ මොනවද කියවන්නේ? (නි)
අගය කළයුතු වැඩක් (නි)
සේපාල මේ මොනවද කියවන්නේ? සේපාලට තවම සනීප මදි වගෙයි (නි)