යනවා නම් මුලින්ම යා යුත්තේ අපි. අප සෑහෙන්න අසාධාරණක්ම් වලට මුහුණ දුන්නා. අපි එහෙත් ඉවසාගෙන හිටියා. මාමත්, හිටපු අගමැති වන මගේ තාත්තාත් තීරණය කළා තව දුරටත් ඉවසන්න. ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දීනවීමට අපි කටයුතු කරනවා. ඉන් පසුව කේවල් කිරීම ආරම්භ කරනවා යැයි කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ පැවැති කාන්තා හමුවක දී මෙසේ පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසදරනකම් දිහා බලාගෙන ඉන්නේ ඔයාලයි. නියම ශ්‍රී ලංකිකය හැටියට රට වෙනුවෙන් මේ වෙන අසාදරණකම් වෙනුවෙන් වීරයෝ වගේ නැගී සිටින්න .එතකොට ඔයාල නැති වෙච්ච කාලෙට උනත් අපිට කතාකරන්න පුළුවන් මෙන්න නියම බඩු දෙක තාත්තයි පුතයි කියලා. (ස)
ඉවසීම වෙන්දේසිකරනු ලැබේ. අවම ලංසුව කෝටි පණහයි!!! (නදී)
හාද සාක්ෂිය මුදලට පාවා දෙන්න එපා. එක් දේශපාලකයකුගේ ගණන කෝටි 50ක් 100ක් වෙනවා කියා ආරංචියි. (ස)
මහින්ද දිනුවමනම් හම්බවෙයි එපයි නොකියනන්න බලාගෙන ඉන්නකෝ. කට අැරගෙන. තවත් අහුවෙන්න එපා රට නිවරදි කරන්න ඒ විරෝධාර වැඩපිළිවෙලට සහයෝගය දීල ජනතාවගේ ආශීර්වාදය ලැබුවොත් හොදයි. (ස)
මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ. ලජ්ජා නැත්නම් ඔහෙම සිටින්නේ (නදී)
විදුර සහ රත්නසිරි මැති ඇමතිවරුන් වඩා පෞරුෂත්වයක් ඇති කෙනෙකුට සහාය දෙනවා මිස දියාරු තැනකට යන්නේ නැහැ. යාලු මිත්‍රකම් වලට පිල් මාරු කරන දේශපාලනයක් මේ දෙන්නට නැහැ. (නදී)
බොහොම හොඳයි පළමුව හිතන්න ඕනේ අපේ රට ගැන. (ස)
ලක්ෂ්මි අම්මේ, තෙරුණුවන් සරණයි.මම මෛත්‍රී භාවනාව කරනවා.කරුණාකර නිශ්ශබ්දව ඉන්න. (ස)
ඔබේ රබර් කශේරුකාවට ජය වේවා ! (ස)
මුහුද හත්ගව්වක් තියෙද්දී දැන්ම අඹුඩ ගහන්න ඕන නැති බව මේ උදවියගේ කියමනෙන්ම පැහැදිලි වෙනවා. (නදී)
රට ගැන හිතල වැඩ කරන්න. මහින්දගෙන් නොගියත් මෛත්‍රීපාලට වැඩකරන්න (ස)
තමන්ට දේශපාලන මගේ ඉහලට නැගීමට උදව්කල පක්ෂයට පයින් නොගසන ඔබලා සැමදා පාක්ෂිකයන් විසින් ඉහලින් දිනවනු ඇත (ස)
මෙයාලට හරියට පගා කොමිස් ගහන්න බරිවෙලාද මන්ද. මෙහෙම යන කොට අපට හැගෙන්නේ මහින්ද මහත්තයක් එක්ක සෙල්ලම් කරන්න කාටවත් බැරිවෙලා වගේ. තමන්ගේ වාසියට පමණක් සේවය කිරීම අපේ මිනිසුන්ගේ තියන ලොකුම දුර්වල කම. රටට ජනතාවට සේවය කිරීම නායකයෙක්ගේ තියන පලවෙනි යුතුකම.(ස)
අන්න හරි ...දිනුවට පස්සේ කේවල් කරන්න .මේන් කියල හම්බවේවි .... (ස)
මේක හරියට තුන් තේරවිල්ලක් වගේ.බලන්න මේ කට්ටියේ එන්නේ කව්ද කියල .රනිල් මත්තය ඇතුළු කණ්ඩායම. මෙයලම නේද විධායක ජනාදිපති ක්‍රමය ඇති කළේ. අවරුදු දෙකක් රනිල් මහත්තය ආණ්ඩුව කලානේද .ඇයි එදා එක වෙනස් නොකළේ? ආයේ කව්ද ඉන්නේ චන්ද්‍රිකා මැඩම් .මෙයා කියනවා එයට කරන්න බැරිඋන දේ කරන්න සහය දෙන්න කියල. මෙයාගේ දුක තමා විමුක්ති පුතා ගෙන්න බැරිඋන එක. ඇයි රනිල් මහත්තයට එක ජනාදිපති චන්දෙකට හරි ඇවිත් කොච්චර චන්ද තියෙනවද කියල බලන්න. මම දකින ඇත්ත මේකයි.විදායක ජනාදිපති ක්රෙමේ අයින් කරන්න මේ වෙලාව නෙම්යි .මේ පොදු කණ්ඩායම රටට කියන්න ඕන ජිනීවා ප්‍රශ්නෙට එයාලගේ ස්ථාවරේ. ඊළගට කරන්න ඕන ආසන ඡන්ද කර්මෙට අායෙත් යන එක .මනාප කර්මේ නවත්වන එක.එත කොට පුළුවන් ඉතිරි ප්‍රශ්න විසදන්න.අනික තමා පක්ෂ මාරුකරන්න බැරි කිරීම.මුලින් මෙටික කවරු හරි කරලා බලහල්ලකෝ .....(ස)
මෙය හරි තීරණයකි. කල යුත්තේ ප්‍රශ්ණ කෙලින් කතාකර විඳ ගැනීමය. වැදගත්වන්නේ මහින්ද රාජපක්ෂගේ සිදු උන කොටි මර්දනයයි. (නදී)
කෝටි සිය ගාණකටවත් මෛත්‍රී නතර උනේ නැ ..රට ගැන තමයි හිතුවේ . ඒ මග පුලුවන්නම් යන්න බලන්න . (ස)
තමන්ට වුනු පුද්ගලික අසාධාරනකම් නිසා හෝ තමන් තෘප්තිමත් කොකිරිම නිසා හෝ ඉවත්ව යන මොවුන්ගෙන් කොහොමටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩක් නැහැ.මොවුන්ගෙන් රටටත් වැඩක් නැති බව ජනතාව ඉදිරි මැතිවරණයේදී තහවුරු කරාවි.(ස)
අප්පේ රටේ අගමැතිවරු මොනවද රටට කරපු දේ. (ස)
විශිෂ්ඨයි විදුර මහත්මයා. අපි මෛත්‍රී හරි කියන්නෙත් නැහැ ඉත්තෙක් බවට පත් වෙලා යු එන් පි යට මුක්කු ගහනවා කිලිනොච්චිය මැදවච්චිය අලිමංකඩ පාමංකඩ පැටලිලා ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් වගේ ඕන ගොනෙකුට ජනපති තරඟය කරන්න පුළුවන් (ස)
තාත්තල පුතාල එකතු උනාම හොඳට මුට්ටිය අල්ලලා පුරවා ගන්න පුළුවන් නාගෙන (ස)
ඔබතුමාලා මොනවද කළුතරට කරලා තියෙන්නේ අඩුම තරමේ හොරණට ඔන්න ඔය පම්පෝරි නවත්වල රටට වැඩක් කරන්න එන්න මේ අපිත් එක්ක (ස)
අපේ වත්මන් ජනපතිතුමාම ඉන්නවානම් හොදයි (දිල්)
මෙහි අදහස් දෙකක් එකම සමානයි,නිමල්, නාලක යනු එකම පුද්ගලයකු විය යුතුයි.අනේ සමහරුන්ගේ හිත රිදිලා මේක දැකල.පව් නේද? හිතන තරම් වැඩේ ලේසි වෙන එකක් නෑ.ඒ කිව්වේ මේ කාගෙවත් කරපිටින් වෙන කෙනෙක්ව අගමැති කරන වැඩේ.(ස)
ජනිත් -රටට වැඩක් කරන්න කිවේ අර 77, 89 වගේ කාලේද? නැත්නම් 2002 වගේ කාලේ වැඩද? ඉතිහාසය දන්නවද? (ස)
මෙන්න කුසුම් කට්ටිය වෙන්දේසි කරනවා..හරියට කුසුම් එක්ක කට්ටිය ගනුදෙනු කතා කළා වගේ පන පිහුටුවන්න හදන්නේ..යන කට්ටිය කවුරුවත් නතර කරන්නේ නැහැ..තමන්ට වුනු පුද්ගලික අසාධාරනකම් නිසා හෝ තමන් තෘප්තිමත් කොකිරිම නිසා හෝ ඉවත්ව යන මොවුන්ගෙන් කොහොමටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩක් නැහැ.(ස)
ඔබේ කෙසේ වෙතත් තාත්තාගේ කෙරැවාවල් නම් කවුරැ කවුරැත් දන්නවා. ඒ නිසා ඉන්න තැනක ඉන්න එක හොදා. (ස)
අපේ ජනාදිපතිතුමාව රැකගැනීම යුතුකම්ම් දන්නා අයගේ වගකීමක්.එතුමට ජයෙන් ජයම.වේවා!!!! (ස)
හැමෝම යන්නේ මොනවත් ලබාගන්න බැරි වුන නිසාද තමන්ට, බලනකොට ඔය කියවෙන්නේ. මිනිස්සුන්ට වැඩ කරන එක අමතක වුනාද. (හේ)
කේවල් කොරන්න හම්බ වෙයි මේන් කියලා (ම)
විශිෂ්ඨ තීරණයක්.නියම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙක් කියලා පෙන්නන්න ඔබට ලැබුණු මහගු අවස්ථාවක්..(ම)
කොහොමටත් රනිල් දිනවන්න, විධායක අගමැති කරවන්න වගේ පවු වලට කරගහන්න ඕනේ නෑ. මෛත්‍රී කරන්න හදන්නේ නංගි පෙන්නලා, අක්ක දිග දෙනවා වගේ වැඩක්. රනිල් අගමැති උනාම මොන පිස්සුවක් කරාවිද දන්නේ නෑ. කිසිම විස්වාසයක් තියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. (නදී)
මේ පුතාට තාත්තට යන මග තේරුම් ගියාම , වෙලාවට යාවි , පැනලා ඔහොම නොයනවා කියනා උදවියම තමා වෙලාවට පනින්නේ , (හේ)
මම කියන්නේ හරි තීරණේ ගන්න රට ගමට වැඩක් කරන්න මෛත්‍රී පොදු මිනිසෙක් රටේ දැන් ඇතිවී තිබෙන තත්වය හරි නැහැ යහපාලනයකට සහාය දෙන්න (දිල්)
වෛරයෙන් පිරුන, අාත්මාර්තකාමිත්වයෙන් අග තැන්පත් නොගැලපෙන සන්ධානයකට ගිහින් අනාගතය විනාශ කරගන්නවාට වඩා ඔබේ තීරණය බුද්ධිමත්. (නදී)
ඕක කොනදුනරටියේ තියෙන ප්‍රශ්නයක්.ඕවට බෙහෙත් පස්සේ තමයි දෙන්න වෙන්නේ.(හේ)
අාවත් ඉතින් දැන් පිළුනු උණු බත් පැකට් එකක් නේ ඔය දෙපලම..(හේ)
මගේ ආචාරය. (ස)
දැන් ඔය මේ ආණ්ඩුවේ තියෙනවා කියන වැරදි, දුෂණ, වංචා, අලුත් ආණ්ඩුව ආපුවහම කොහොමද නතර කරන්නේ කියල මට කව්රු හරි කියනවද. ඉතිහාසය දිහා බලද්දී රටේ දියුණුව ගැන හිතපු ආණ්ඩුවක් නෑ. අවරුදු ගානක් සාගින්නෙන් පෙළුන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරු දිගට හරහට සල්ලි ගහන්න ගියහම ඔය උඩ කමෙන්ට්ස් දාන අයට තේරේවි කව්ද කඩේ ගියේ කියල. (ස)
හිටපු අගමැති වික්‍රමනායක මැතිතුමාගේ, පයට සේරප්පුවක් නොදන චාම් ගතිගුණ ඇති ජනතා හිතවාදී විදුරපුතටාට පුටුවෙන් නැගිටගිය සිල්ලගේම අමැති ධුර දැරීමේ හැකියවක් ඇති බැවින් ජෙස්ය්ස්ට අමෙති පදව්වියක් දරන දරන තම ව්යෝවුර්ද පියා සිය කැමැත්තෙන් විශ්‍රාම ගනු බැවින් ජනාධිතුමාට කැබිනෙට්ටුව ලේසියෙන් අඩුකලහැකි වනුඇත (ස)
යන්න තරම් කොන්දක් නෑ. (ස)
දැන් ඇත්ත තත්වේ මෛත්‍රී පිටිපස්සේ ඉන්නේ චන්ද්‍රිකා , රනිල් මොනාද මෙයාලා කලේ(ස)
ශ්‍රීලංකා නිදහස් පක්සේ අපි ජන්දේ දීලා මෛත්‍රීට රනිල්ව අගමැතිකරන්න අපිට පිස්සු නැහැ කාටවත් වෙච්ච පුද්ගලික අපහසුතාවට පක්ෂේ මරු කළාට අපිත් එයාලගේ පස්සෙන් යන්න ඕනෙද ? එම්බසි වල satalite දුරකතනවලින් රහස් සාකච්චා තිබ්බේ කාගේ උවමනාවටද මොන එම්බසි ද මේක පිටිපස්සේ ඉන්නේ (ස) මම දැක්ක එක්කෙනෙක් කියනවා අපි අදිරජ්ජයන් එකකේ හැප්පෙන්න ඕනේ නැහැ කළු ගලේ ඔලුව ගහ ගන්න එපා කියල හිටපු මාලු කාරයෙක්. අපි හොඳ සිහල ජාතියක් මෙයා ඉස්සර ටජ් එකේ ආපන සාලවලට ඇවිත් එක එක එම්බසි වල අයත් එක්ක කරපු කුමන්ත්‍රණ අපි අහගෙන හිටියේ කව්රු ගියත් අපි යන්නේ නැහැ මහින්ද මහත්තයා ගියත් අපි දෙන්නේ බුලත් කොලේට අපි දැක්ක 88 89 90 උනේ මොනවද කියලා අපි මැරිලා ඉපදුනේ නැහැ මේ පොදු අපෙක්සකය අපිට පෙන්නේ ගෙදර ඉන්න ගැනිට ලමෙක් හදන්න බැරිඋනාම අල්ලපු ගෙදර මහත්තයට කියලා හදනවා වගේ හූඌඔ ඔය හම්බෙන බබා අංග විකල බබෙක්
අරයත් එක්කම ඉන්ට (ස)
මහින්දගෙන් දිනුවට පස්සේ මෙතෙක් නොලැබුන දේ ලැබේවි කියල කියන එකෙන් පෙන්නේ මෝඩ කම හෝ අවස්ථාවාදය පමණි' (ස)
එක පවුලකට භාර දීලා බලාගෙන ඉන්නවා ද නැතිනම් අල්ලපු ගෙදර මහත්තයට වැඩ පෙන්නන්න නෝනා දෙනවද? (අ)
මේක හරි වැඩක්නෙ මෙයාලට ජනතාව චන්දෙ දුන්නෙ මෙයාලට ඕන හැටියට පක්‍ෂ මාරුකරන්නද මොනවද මෙයාලට වුන අසාධාරණක්ම් ? තාත්තගෙන් අගමැතිකම ගත්ත එකද ? ඇත්තටම නීතියක් ගේන්න ඕනෙ පක්‍ෂෙ මාරුකරන අයට විරුද්දව (නදී) .
කවුරු ආව ගියත් මාතර , හම්බන්තොට පමණයි. ආණ්ඩුවට මේ පාර දිනන්න පුළුවන්. මම කියන්නේ අනේ පව් කියලා (නදී)
ජනතාව පත්කළේ රටට ගමට සේවයට මිස ඔබට ලැබෙන ඇමති කම හිතා නොවේ. දරන්න බැරි තරන් ලොකු ඇමතිමණ්ඩලයක ඇමතියෙක් වෙලා මිනිස්සුන්ට බර දෙනවට වඩා හොඳයි පුලුවන් සේවයක් කරලා මැරිලා යන එක. (ස)
කේවල් කරනවා කියන්නේ මන්තිරි කම වෙන්දේසියේ දානවද ? මිනිස්සුන්ගෙන් වැඳලා අරක අරගෙන වැඩි මිලට විකුණන්න යන්නේ නේද ? දැන්මම අඩුම ලන්සුව කීයද කිවුවනම් අපිටත් පොඩ්ඩක් හිතල බලන්න පුළුවන් ... පවු සෙරෙප්පු දෙකක්වත් නැතුව නේ පාරේ ඇවිදින්නේ ..මිනිස්සු සෙරෙප්පු දාන්නේ අඩි පතුල් අපිරිසිඳු වෙන එක වළක්වන්නයි .. නැතුව නොදාන්නේ සිංහල කමට නෙමෙයි .. මම දැක්ක මහා ලොකුවට සෙරෙප්පුවත් නැතුව ඇවිදින කෙනෙක් කියල පහුගිය දවසක පුවතක් තිබුනා .. හැබැයි සමහර මිනිස්සු සෙරෙප්පු දාන්නේ නෑ කකුල් වල දද වන කුෂ්ට එහෙම තියෙනවා නම් ..කරුණාකර ලංකාදීපේ මේ කොමෙන්ටුව පලකරන්න නොදන්නා මිනිස්සුන්ට දැනගන්න .. (ස)
ලැබේවි මේන් කියල. යුද්දෙට මුවා වෙලා වටේටම ගසා කාලා තමන්ගේ හතර වරිගය පොහොසත් කර ගත්ත උදවිය ගැන කුමන කතාද ? ඔබතුමා හිතනවද තැනක් ලැබේවි කියල. කවදාවත් නැහැ . තමාගේ පවුලේ කෙනෙකුට ඇරෙන්න මේ රටේ කිසිම වැදගත් ඉහල තානාන්තරයක් කාටවත් දීල නැහැ. නොදීම බැරි නිසා මිස් වුන ඒවාට හිතවතුන් පත් කරලා. බලාගෙන ඉන්න . මේන් කියල ලැබේවි. (ස)
කපිල, මේක ඒ දෙකම නෙවි, ලොක්ක අතේ තියන තුරුම්ම්පු වලට තියෙන බය.රබර් කම්හල් ට්‍රැක්ටර් ගොඩක් ලොක්ක අතේ තියෙනවා. (ස)
අපිත් තරගයට රැවටෙමු(ස)
මේ හැමෝටම කියන්නේ-රුපවාහිනී නාලිකාවක ආණ්ඩුව විවේචනය කරන කතාවක් තිබුන.හැබැයි බොහෝ තැන වලට එ්ක ගියේ නැහැ. හේතුව විකාශන පද්දතිය ක්‍රියා විරහිත කරෝල. ඉතින් දැන් කියන්නෙපා ඕව අරයගෙ වැඩ නොවේ කියල.ඕකෙන්ම තේරෙනවා මිනිසුන්ට නිදහසක් නැහැ කියල කතා කරන්න.මට එකෙන්ම එපා උන.ඕව කැත දේවල්. (ස)
කව්රු ගියත් නැතත් හිටියත් නැතත් දැන් ටයිටැනික් නැවේ සිදුරක් හැදිලා තියෙන්නේ නැවත් සමග ගිලෙනවද නැත්ද කියන තීරණය ඔබට බාරයි. අපට කියන්න තියෙන්නේ "අනේ පව්" (ස)
විදුර මහත්තයා කලින් වතාවක ඔබ කිව්වා ලංකාවේ ජනාධිපතිවෙන්න සුදුසුම කෙනා තාත්තා කියා. ඔන්න අවස්ථාව, වාසනාව උරගා බලන්න (නදී)
අවස්ථාවාදී දේශපාලනයට අහුවෙලා රට පවා දීලා කෝටි 130ක් උපයා ගත්තේ නැති නිසා ඔබට අපගේ උකත්තමාචාරය (නදී)
කෘතහස්ත දේශපලාංඥ ඔබේ පියාට සහ ඔබට ජාතියේ ප්‍රණාමය. (නදී)
අපි හිතුවේ විදුර මහත්තය කෙලින් වැඩ කරන කොන්දක් තියන අභීත පිරිමියෙක් කියලා (නදී)
ලක්ෂ පන්සීයට ඉවසීම කියල කියන්නේ ඕකට බව රටේ හැමෝම දන්නවා. (නදී)
තාත්තයි පුතයි දෙන්න කේවල් කර කර හිටියහම ජනතාවට සෙතක් වෙයිද? "වංසේ කබල් ගාලා හරියන්නේ නැහැ. වැඩක් වෙන විධියක් බලල කළුතර ජනතාවට සෙත සලසන්න. මොකද ඔබතුමන්ලා පිරිසිදු දේශපාලනයක් කරන නිසා මොන පැත්තට ගියත් ජනතාවගේ සහාය ලැබෙනවා. (නදී)
යන්නේ නැහැ තමා. යැවෙනවා. නොගිහින් ඉන්න බැරි වෙනවා. මේවා වෙන්නේ ටික ටික, නමුත් වේගයෙන්. රටේ අනාගතය ගැන හිතන මිනිස්සු මේ ගොල්ලන්න්ට බලකරනවා එන්න අපි මෙහෙම කරමු කියලා. මේ සැරේ ඉස්සර වෙලා ඉන්නේ ජනතාව. දේශපාලකයන්ට වෙන්නේ ජනතාව අනුගමනය කරන්න. ඉතින් දන්නේ නැතිව බැහැ නැහැ කියනවා. (නදී)
කෝටි පනහයි. ඉවසීමයි පුරුදු පුහුණු වෙමු. (ස)
මේක මාර දේශපලනයක්නේ කාගෙවත් මනදොල පුරවන්න රටේ මිනිස්සු දුක්විදින්න ඔනාද, කළුතර දිස්ත්‍රික්කේ ජනතාවටම නින්දාවක් (ස)
මයිත්රීපාල හිරවෙන පාටයි. දවස් 100 දැන් පය 24 වෙලා. ඉදිරියට තව මොනවා වෙයිද? ටී එන් ඒ අයත් එක්ක ගහන ගිවිසුම මොකක්ද? රට අරාජික වෙන්නයි යන්නේ. (ස)
රුකඩ නටවන කොට පොඩි දරුවන් ලෙස අපි හිතුවේ ඇත්තටම ඒ පණ නැති රුකඩ වලට කතා කරන්න පුළුවන් කියල. ටික ටික උස් මහත් වෙන කොට තමයි අපිට තේරුනේ තිරය පිටි පස්සේ හැංගිලා ඉන්න පිරිස තමයි කතාවෙන් හා නර්තනයෙන් රුකඩ සක්‍රීය කරන්නේ කියල. තාත්තයි පුතාගෙයි රුකඩ නැටුම් ඉවර වෙන්නේ කවදද දන්නේ නැහැ. (ස)
තමන්ට වුනු පුද්ගලික අසාධාරනකම් නිසා හෝ තමන් තෘප්තිමත් කොකිරිම නිසා හෝ ඉවත්ව යන මොවුන්ගෙන් කොහොමටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩක් නැහැ.මොවුන්ගෙන් රටටත් වැඩක් නැති බව ජනතාව ඉදිරි මැතිවරණයේදී තහවුරු කරාවි.(ස)
රටට අවංකවම සේවයක් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පමණයි. එදා කොළඹ කුණු කන්දක් අද කොච්චර ලස්සනද.. ඔය පම්පෝරි ගහන රනිල්ලා චන්ද්‍රිකාල මොනවද කරේ රටේ තිබ්බ සම්පත් ඔක්කොම වික්කා එකයි..ජනාධිපති වටේ ඉන්න හොරු ටික යන එක පක්ෂයට වගේම රටටත් හොඳයි..අනාගත ජනාධිපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජයවේවා ! (ස)
මහින්ද දිනවල කේවල් කරන්න හිතුවා මදි දවල් හීන (නදී)
කේවල් කරලා තව හොරකම් කරන්නද? 60 පැන්නට පස්සේ ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? බල ලොබි කමට සීමාවක් තියෙන්න ඕනේ. මේ රජයට මෙතරම් වැරදුනේ වැඩකට නැති හොරු රකින්න ගිහිල්ල. දැන්වත් කිසිම වැඩකට නැති හොරු ටික ඉවත් කරලා හොඳ ගමනක් යන්න රජයට පුළුවන් වෙන්න ඕනේ.
බොහොම හොඳයි පුතේ ඔබේ තීරණේ..කාගේ කාගේත් ඇස් පැදෙන්න ඔබ කරන දෙය හරි......රට ගැන හිතල ඔබ ගත් තීරණයට ඔබටත් ඔබේ තාත්තාටත් ජය වේවා. (ස)
මහින්ද දිනුවමනම් හම්බවෙයි එපයි නොකියනන්න බලාගෙන ඉන්නකෝ. කට අැරගෙන. තවත් අහුවෙන්න එපා රට නිවරදි කරන්න ඒ විරෝධාර වැඩපිළිවෙලට සහයෝගය දීල ජනතාවගේ ආශීර්වාදය ලැබුවොත් හොදයි.(ස)
ජනතා සේවය හා ලබන වැටුප මිස තව කුමක්ද ජනතා සේවක ඔබලා බලාපොරොත්තු විය යුත්තේ. රැස් කල යත්තේ කරන ලද හරි දෙයින් ලබන තෘප්තියයි. නායකත්වයට උදව් දි්ම රටට කරන යුතුකමයි. (ස)
විදුර ගරු මන්ත්‍රී තුමෝ, තාත්ත හිටියයි කියල ඇති වැඩක් තියනවද? අවුරුදු 12 ක් රටේ දෙවෙනි පුරවැසිය හොරණට මොනවාද කරලා තියෙන්නේ. හරි හමන් බස් ස්ටෑන්ඩ් එකක් නැ. ඇවිල්ල බලන්න මේ දවස්වල යන්න බෑ ඉස්සරහ තනිකර මඩ ගොහොරුවක්. ඉපිරිතාලයක් තියනවා අඩුපාඩු කෙළවරක් නෑ. අඩු තරමින් හොරණ නගරය අවට පාරවල් ටිකවත් හරියට තියනවද? ප්‍රසිද්ධ වැසිකිලි පද්ධතියක් හොරණ නගරයේ ඇත්තෙම නෑ. විදුලිය හැමදාම කඩා වැටෙනවා. සති පොළ වැහි දාට යන්න බෑ හරිම අපිරිසිදුයි. කතාව නම් දෝලාවෙන් ඒ වුනාට ගමන පයින්.(අ)
එය කවුරුත් රටට ආදරේ නෑ. තමන්ගේ වාසිය විතරයි බලන්නේ. ඒ වුණාට මීඩියා ඉස්සරහනම් වීරයෝ. අයියෝ ලංකාවේ කසිකබල් දේශපලනය. (ස)
ඔබට මොකුත් හම්බවෙන්නේ නැහැ මහින්ද දිනුවොත් .කොන්ද පන ඇතිව තීරණයක් ගන්න. ඔච්චර බයවෙන්න එපා. ඔබේ පියා ජ්‍යේෂ්ඨ ඇමති කරලා අවුරුදු පහක් මොකද කලේ. තවත් කඹුරනවාද ? (ස)
මම ගාල්ලේ කෙනෙක් ,එත් අද වෙනකොට දකුණේ අගනුවර ගාල්ල දියුණු නෑ.මොකද ගාල්ලට තිබුණු සේරම හම්බන්තොටට ගෙනිච්චා. කිසිම මිනිසෙකුට දැනෙන දෙයක් ගාල්ලේ පසුගිය කලේ උනේ නෑ . අපිට ඕනේ වෙනසක් එක්ක අපේ ගමටත් දියුණුවක් .ඡන්දෙ කිට්ටු කරලා දෙනදෙවල් වංචා සහගතව අපිව රවටනවා .අපේ ඡන්දෙන් පත්වෙලා අපිව අයෙත් රවටන එක තමා ඉවසන්න බැරි. (ස)
ඔන්න ඕකට තායි කියන්නේ ආත්මාර්ථ කාමී බව.ගමේ බාසාවෙන් කියන්නේ කඩේ යනවා නැත්තන් රෙදි හෝදනවා කියන එක.දැන් බැරිද කේවල් කරන්න. ඕව කියන්න කොණ්ඩේ බැදපු චීනුන්ට.(ස)
විශිෂ්ඨයි විදුර මහත්මයා. (ස)
ඔබගේ ඍජු තීරණයට මගේ ආචාරය (ස)