
මධ්‍යම නයිජීරියාවේ නගර රැසකට කඩා වැදුණු සන්නද්ධ කල්ලි සාමාජිකයටන් පිරිසක් කළ වෙඩි තැබීම්වලින් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 300 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් ඒ අතර සිටින බව නයිජීරියා ආරක්ෂක අංශ පවසයි.
අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ ආගමික සහ වාර්ගික ගැටුම් බහුලය. ගැටුම් බහුලව පවතින්නේ මුස්ලිම් ගෝත්‍රික වැසියන් සහ ක්‍රිස්තියානි ගොවීන් අතරේය.
ආරක්ෂක අංශ පවසා ඇත්තේ සන්නද්ධ සාමාජිකයන් ඉතා සැලසුම්සහගතව නගරවලට කඩා වැදී පහර දුන් බවය. තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති නමුත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd