ලන්ඩනයේ ලොතරැයියකින් පවුම් ලක්ෂ හතරහමාරක් (රුපියල් කෝටි 153) ඇදී ඇතැයි වැල්ලවත්තේ ව්‍යාපාරික ශ්‍රී රාමචන්ද්‍ර ශ්‍රී කරන්ගෙන් කුරියර් ගාස්තු වශයෙන් ඇමෙරිකා ඩොලර් 1000ක් (රුපියල් 135000) වංචා කළැයි කියන නයිජීරියා ජාතික ක්ලින්ච් ක‍්‍රිස්ටියන් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ලොතරැයි දිනුම ඇදුණු බවට ඊමේල් ලිපියකින් දන්වා ව්‍යාපාරිකයාගේ තොරතුරු ගෙන තෑගි මුදල එවීමේ කුරියර් ගාස්තු ලෙස ඩොලර් 1000ක් කොළඹ තරු පහේ හෝටලයකදී ඔහුගෙන් ලබාගත් බව කියන මෙම නයිජිරියානුවා මෙවැනි දේ කරන්නෙකියි රහස් පොලිසිය සැකකරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් විස්වාස කරන්න අමාරුයි ..ඔන්න ලංකාවේ කෙනෙක් නෛජිරියනුවකුගේ කනෙන් රිංගයි කිව්වා නම් වැඩේ අනිවාර්යයි ...
මටත් ඔය විද්‍යුත් තැපෑල ලැබුන. පවුම් මිලියනයක් ඇදිල කියල. එය මගේ ගිණුමට එවීමට පවුම් 200 ඔවුන්ගේ ගිණුමට එවන්න කියල. හැබැයි ඔය පණිවුඩේ එවපු එකා දන්නේ නැහැ මම දකුණේ කොල්ලෙක් කියල. මම කියල යැව්වා මට මිලියනයක් ඇදිල තියන නිසා එකෙන් පවුම් 200 අරගෙන ඕනිනම් තව පවුම් 300 එයාලගේ ආයතනය වෙනුවෙන් අරගෙන ඉතුරු ටික එවන්න කියල. ඊට පස්සේ මට කිසිම ලොතරැයියක් ඇදුනේ නැහැ.
නයිජීරියානුවො කරන්නේ ඔහොම වැඩ තමයි.කතාවෙන් නම් හරි කරුණාවන්තයි.නමුත් ලෝක හොරු
මෙයා බිස්නස්කාරයෙක් නම් වෙන්න බෑ
මෙයා බිස්නස්කාරයෙක්නම් වෙන්න බෑ..
මේ ව්‍යාපාරිකයා හරක් ව්‍යාපාරයද කරන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
කිව්වට අහන්නෙම නෑ වැඩ තන්හාවට ගිහින් ආතතිය නැති කර ගන්නවා
කිව්වට අහන්නේ නෑනේ..වැඩි තන්හාවට ගිහින් අතේ තියෙන දේත් නැති කර ගන්නවා...
සල්ලි හම්බ වෙන වැඩක් කිවුවම මොළේ අවුල් කර ගන්නේ නැතුව දෙපාරක් හිතලා වැඩ කරන්න පුරුදු වෙන්න මේ සිද්ධිය හොද උදාහරණයක්
දවසකට ඔය වගේ ඒවා එක්ක දෙකක් එනවා.අහු වෙන්න නම් එපා
පවුම් ලක්ෂ 4.5ක් කියන්නේ රුපියල් කෝටි 10කටත් ආසන්න මුදලක්
ඔහුව නිදහස් කරන්න එපා.මේ මෙවන් පුද්ගලයෙක් හමුවූ පළමු වතාවයි.ඔහු මාර්ගයෙන් මේ පිටුපස සිටින අනික් පුද්ගලයින්වද අල්ලා ගන්න උත්සාහ කල යුතුයි
නයිජීරියානුවො ඔය වගේ වැඩ දරුණුවටම කරනවා.මටත් ඊ-මේල් දෙකක්ම ආවා
ඔන්න අල්ලගන්නව නම් ඕනතරම් කලු සල්ලි
ආපහු විදේශ විනිමය වරද්දල, මීට කලිනුත් දවසක යුරෝ වල වරද්දල දාල තිබින. දැන් පවුමවල
Yahoo/msn එකෙන් දිණූමක් ඇවිල්ලා කියලා මටත් ආවා ඊ-මේල් එකක්.අපි අහුවෙයි ඕවට
ඒ ඊ-මේල් ස්පෑම් කරන්න
නයිජීරියාවේ මෙවැනි වැඩ හරියට වෙනවා කියලා ලාංකිකයෝ දන්නවා නේද?
සල්ලි තිබුනට මොලේ ගන්න බෑ
මෙවැනි මුදල් ගැරීමේ උත්සාහයන් ඊමේල් හරහා නිබඳව සිදුවෙමින් පවතින දෙයක්. පුවත් පතක් හෝ රූපවාහිනී නාලිකාවක් මගින් විශේෂයෙන් ම ඊමේල් භාවිතා කරන ජනතාව වෙනුවෙන්ම පිළියෙල කළ ලිපියක් හෝ වැඩසටහනක් තුළින් ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කර තිබීම කාලීන සමාජ මෙහෙවරකි.
කොට්ටෝරුව ගේ හොට පැටලිලා
දැන් අන්තර්ජාලය හරහා සිදුකරන හොර වැඩවල එක් උපක්‍රමයක් මේක. ඒ නිසා මෙවැනි දේ වලට අසුවෙන්න එපා
අපි හැමෝටම ඔහොම මේල් එනවා.සමහරු රැවටෙනවා.ඒ අයට දැනුවත් වෙන්න මේක හොද ප්‍රවෘත්තියක්
නෛජීරියව ලෝක ප්‍රකට අන්තර්ජාල මගඩි වලට සම්බන්ද රටක් කියල දන්නේ නැද්ද?
ඔය වගේ දේවල් අපිටත් කොයිතරම් එනවද? අපි මොළෙයි පාවිච්චි කරන්න ඕනි
ව්‍යාපාරික මහත්තයා කොණ්ඩේ බැදලද ඉන්නේ?