(සුජිත් හේවාජුලිගේ)
අනවශ්‍ය ලෙස පොදි ගැසෙමින් එන්නත් ලබාගැනීමට කටයුතු නොකරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එලෙස කටයුතු කිරීමෙන් ජනතාව අනවශ්‍ය අවදානමකට ලක්විය හැකි බවද ඔහු සඳහන් කරයි.
එන්නත් සීමිත තොගයක් ලැබී තිබෙන හෙයින් තෝරාගත් අධි අවදානම් ප්‍රදේශ වලට එන්නත පළමුවෙන්ම ලබාදීමට කටයුතු කරගෙන යන බව කී හේරත් මහතා තවත් එන්නත් තොග ලැබුණු වහා සෙසු ප්‍රදේශවලටද ඒවා ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
තවත් එන්නත් තොග ඉදිරි දිනවලදී ලැබීමට නියමිතව ඇතැයි ද ඔහු පැවසුවේය.
එන්නත් ලබා ගැනීමේදී බොහෝ පිරිස් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන බවට සෞඛ්‍ය අංශ වලට තොරතුරු හෙළි වී ඇත . මේ අනුව එලෙස හැසිරීම වහාම වළක්වන්නැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ප්‍රාදේශීය ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර අවශ්‍ය සෑම කෙනකුටම එන්නත ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ ප්‍රධානිහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු මාධ්‍ය සංදර්ශන එපා. ඔය වැක්සීන් එකට අපි සල්ලි ගෙවලා තියෙන්නේ... නැතිව කාගේවත් බූදලයක් නොවේ. වෙනරටවල්වල 02ම ගහලා ඉවරයි.
වැඩේ අනාගන්නේ ඔබතුමන්ලා නේද? එන්නත් දෙන තැනකට ගිහින් බලන්න. මිනිස්සු පාන්දර 3 ඉඳලා පෝලිම් ගැහෙනවා! වැක්සීන් 1000 ක් තිබෙන තැනකට..., මිනිස්සු 10.000 රැස් වන්නේ මිනිසුන්ගේ වැරැද්දකින් නොවේ. එන්නත් කරණ වැඩ පිළිවෙල නිසියාකාරව කරන්න ඔබතුමන්ලාට නොහැකි නිසයි. අපි තමයි හොඳට කරන්නේ කියලා කවුරු කයිය ගැහැව්වත්, පිළිවෙලකට, සංවිධානාත්මකව, කාර්යක්ෂමව, මනුෂ්‍යයින්ට පීඩාවක් නොදී, මනුෂ්‍ය ගරුත්වය රකිමින් මේ ජාතික ව්‍යවසනය පාලනය කිරීමට රජයේ කිසිම ආයතනයකට නිසි කලමණාකරණ හැකියාවක් හෝ දැනුමක් නැහැ!... පරම සත්‍යය එයයි.
කාටහරි කියන්න පුලුවන්ද අස්ට්‍රසේනිකා දෙවන මාත්‍රාව ගන්න පුළුවන් කවදද? කොහෙන්ද? කියල. මමත් තවම දෙවන මාත්‍රාව ලැබෙනතුරු බලා ගෙන ඉන්න (දොස්තර පවුලකට අයිති නැති) 600,000න් කෙනෙක්. ඔබතුමාලා ගැන කිසිම පැහැදීමක් හෝ විශ්වාසයක් ඉතුරුවෙලා නැහැ.
පොඩි දෙයක් කියන්නම්..!!! කොරෝනා මර්දන බලකාය නිකම් හමුදා අනුඛණ්ඩයක් වගේ. පෝලිම කඩාගෙන යන අයට ඇටකටු කුඩු වෙන්න එක සැරයක් සලකන්න කියන්න. පොඩි දෙයක්නේ...