2007 දී මාතලේ ඉදිකළ නිවසේ වැඩට ග්‍රාමාරක්ෂකයන් 5ක් හා කොස්තාපල්වරුන් දෙදෙනෙක් නීති විරෝධීව යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජූලි 21 අධිකරණයේ පෙනී සිටින ලසෙ මාතලේ හිටපු පොලිස් අධිකාරී හෙක්ටර් ධර්මසිරිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා නොතීසි නිකුත් කළේය. හෙක්ටර් ධර්මසිරි මේ වන විට ගාල්ල නියෝජ්‍ය පොලිස් පති ලෙස කටයුතු කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වැඩිය කොච්චරනම් දේවල් වෙනවද.. කෝ ඒවට ක්‍රියාත්මක වෙන්නේ නෑනෙ... කන්ඩ ඕන උනාම කබරයත් තලගොයා වෙනවලු
අපි බලන්න ඕන නීති විරෝධී කියන්නේ ඇයි කියලයි..සමහරවිට නීත්‍යානූකූලද දන්නේ නැහැනේ.පොලිසිය කරන්නේ නීත්‍යානූකූල දෙවල්ම තමයි.අපි පොලිසියේ ක්‍රියා පිළිබඳ වැරදි ඇහැකින් බල්නන නරකයි.අනික ඒක පොලීසියනේ.අනික පොලිසියේ ඉන්නෙත් ඉටිපන්දම් හදුන්කූරු නෙවෙයිනේ..
ආචාර්ය තුමනි, අදහස තව ටිකක් පෙහැදිලි කොරන්නකෝ....
හට්ටිය රත්වෙනකං කකුළුවත් දිය කෙලනවලු හැලිය ඇතුළෙ... ඒ වගේ තමයි මේ මහත්තයත් බලය තියනකං මේව කරන්න ඇති. කාගෙ හරි වචනයකට පිටිං යන්න ඇති.. දැං ඉවරයි ඔක්කොම කැපිලි තමයි...
හේවගේ මහතා දක්වා ඇති අදහස් නිවැරදි බව මම පිළිගනිමි
ඒක හරි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට තමන්ගේ පෞද්ගලික කටයුතු සඳහා තම පහල නිළධාරීන් යොදා ගැනීමේ අයිතියක් ඇත.
ඕක ඉතිං පොලිසියෙ විතරක් නෙවේ .වෙන ආයතනවලත් සිද්ධවෙනවා.. ලොක්කට තියෙන බයට..........
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට නින්දා අපහාස එල්ල කර කමෙන්ට්ස් කරන්නේ නැතුව සිදුවීමට අදාළ වන කමෙන්ට්ස් කරන්න...
හැමෝම දැන් මේක කෝලම් මඩුවක් කරගෙන මේ ආචාර්ය තුමා ගේ කමෙන්ට් හින්ද.
ටිකක් විතර පොන්සේකගෙ නඩුව වගේ.....
මේකත් මානව හිමිකම් ප්‍රශ්නයක් බොලවු.කොල්ලෝ, බලාපිය පෙරකදෝරුවෙක් හෙම ඉන්නවද කියලා උපදේශයක් ගන්න මට
පොලිස් අධිකාරවරයෙක්ට පොලිස් කොස්තාපල් කෙනෙකුට වැඩක් පවරන්න බලයක් නැතිනම් ඒ බලය තියෙන්නේ මුදලාලි කෙනෙකුටද? අනික් පොලිස් අධිකාරි කෙනෙකුට ඔහොම දෙයක් වත් කරගන්න බැරි නම් ඒ පොලිස් අධිකාරිකමෙන් ඇති වැඩේ මොකක්ද?නිකම් පොලිසියේ උත්තමයන්ට නින්දා නොකර තියෙන වැඩක් බලා ගන්න.
නිශාන්ත මහත්තයෝ... මම නම් දන්න තරමින් රාජයේ සේවකයෙක් රාජකාරි වේලාව තුළ පුද්ගලික කටයුත්තක යෙදවීම නීති විරෝධී කියලා....
රාජකාරියට අදාළ නම් කලාට කමක් නැහැ....
ආයෙත් මේ මනුස්සයා තමන්ට නැති ආචාර්ය පට්ට්ම පාවිච්චි කරන්න පටන් අරන් වගේ.
කරලා තියෙන දේ වැරදි වෙන්න පුලුවන්. ඒත් මේ වගේ පොඩි දේකට අනවශ්‍ය ලෙස ප්‍රචාරය දෙන එක නම් කැතයි. ඇරත් තාම එයා වැරදිකාරයෙක් බවට තීරණය වෙලත් නෑනෙ. දැන් මෙයා නඩුවෙන් නිදොස් කොට නිදහස් කලත් ආපහු කොන්ද කෙලින් තියන් රාජකාරි කරන්න පුලුවන් වෙයි කියල හිතනවද?
මේක හරියට අපේ ආචාර්යතුමා ලවා මහාචාර්යවරයෙක් තමන්ගේ ගෙදර වළං හෝදගත්ත වගේ වැඩක්..
මොකද බැරි ලාපා... ඊළගට මුළු පෙලසියම අරං ගිහිල්ලා මාතර තව ගෙයක් හදයි...
ෂෙරීෆ්, ඔයා දන්නවද පොලිසිය පාටි ටයිම් කරන බව?
නීතිය රැක ගන්න ඉන්න වගකිවයුත්තෙක් ඊට පිටුපෑවහම ඒ ගැන හිතන්න වෙනවා
අම්මෝ මේක ලංකාවද කියල හිතෙනවා.. නියෝජ්‍ය පොලිස්පතිකෙනෙක් උසාවි ගේන්න. කවුද දන්නේ නෑ පැමිණිල්ල දැම්මෙ....
ඕවනම් මොනවද? ලොක්කගේ වැඩට අමතරව නෝනලගේ වැඩත්.. නිකමට වගේ ඉස්කෝලයක් ගාවට ගියානම් පොලිස් වාහන කීයක් ලමයි අදිනවද කියල බලන්න පුළුවන්...
මේක වෙන කවුරු හරි කැපිල්ලට දාපු පැමිණිල්ලක් ද කියන්න බෑ...
වැරැද්ද වැරැද්දමයි. පොඩි ලොකු බේරා දඩුවමි දීම නීතිය සතුයි. අසුචි ටිකක් කටේ ගැවත් අසුචිමයි. අසුචි ගොඩක් කෑවත් අසුචිමයි. එම නිසා වැරැද්ද කරන ලද අය නිවැරදි කරනවාට වඩා ඒඅයට වැරැද්ද පෙන්වා දීම කාගේත් වගකීමකි. මෙතන ඉන්න සමහරක් අයත් හොරුවගේ තමයි මටනම් පේන්නේ.
මාර කමෙන්ට්ස්... :P
අපිත් ඉතින් ඉටි පන්දම් හඳුන් කූරු නොවෙයිනේ. අපිව පත්තු කරන්න එහෙම ලං වෙන්න එපා. මාත් පර්යේෂණ විශාල ප්‍රමාණයක් කරලා තියනවා. මෙතුමා වරදක් කලාද නැත්ද කියන ඒක නොවේ වැදගත්, එය කරලා තියෙන්නේ රාජකාරියට අනුකුලවද නැත්ද කියන ඒක තමා සොයා ගන්න තියන උභාතිකෝටික පැනය. මා මේ ගැන දැනට ලියන නිබන්ධය පළ කිරීමට කැමති කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා මට දන්වන්න පින්වතුනි.
කෝ ඉතිං, ලොකු ලොක්කෝ හැදිලා ඉන්න එපායැ පොඩි එවුවො හදන්න
ඉහළ නිලධාරියෙකුට අවනත වෙන්න නැතිව ඇති.. දැන් ඉතිං කැපිල්ල තමයි.. yes sir..ok sir... කියන කං හොදයි...
මම කැමතියි ඔයාගේ නිබන්ධන ගිනිතියන්න
අපේ රටේ දොස්තරවරැ සහ ගුරැවරැ part time කරනවා.. පොලිසියේ අයට එහෙම අවස්ථාවක් දෙන්න ඕන...!!!
අනේ මන්ද මේ ලංකාවද?? පිටරටක නම් පිළිගන්න තිබුණා.. පුදුමයි... ඒත්?
කලින්නම් මෙයා කතා කළේ මුඛයෙන්.දැන්........
කට කට ....මෙහෙම නොකර කොහොමද රට පෝෂනය කරල සංවර්ධනය කරන්නේ..
වරැනගේ කතාව සම්පූර්ණ ඇත්ත....
මස් කඩේ ළගට ඇවිත් කිලෝ දෙකක් දෙන්න කියලා ලොක්කටත් දෙකක් දාන්නෙයි කියනවා. ඊට පස්සේ ගවඝාතනයෙන් තොර සමාජයක් කියල බෝඩිඑකකුත් උස්සන් ඉන්නවා.
රාජ්‍ය දේපල කොල්ලකන උන් උල තියලත් මදි....
සුජිත් ආචාර්යතුමෝ, ඔයා බුද්ධාගම දන්නවද?
වැටත් නියරත් ගොනා කානම් කාට කියන්නද මේ අවනඩුව?
පොලිස් ලොක්කෝ ඔහොමමයි.....මේවට විරුද්දව රජයෙන් නිසි පියවර ගන්න ඕන........මෙහෙම රටක ඇයි අපි ඇස් කන් පියාන්
සාමාන්‍ය මිනිස්සු පොලීසිය හා හමුදාව එක්ක ඉන්නේ පුදුම වෛරයකින්. ඒත් පෙන්නන්නේ නම් ඔයාලා විතර හරි ෂෝක් රණවිරුවෝ මුළු ලෝකෝම නැහැ කියලායි.මෙහෙම සිදුවීමක් සිදුවුනාම,ඒ අයට ආපහු හැරිලා ගහන්න පුළුවන් වුනාම කිසිම අනුකම්පාවක් හිතක් පපුවක් නැතිව හැරිලා ගහන එක තමයි ඒ අය කරන්නේ.මම මේක දැන ගත්තේ මීට අවුරුදු 23 කට කලින්.මම දන්නවා සිවිල් සමාජය කරන්නේ අලි ප්‍රෝඩාවක් කියලා.මොකද ඔයාලා තමයි අනේ අපේ රණ විරුවෝ කිය කිය උඩ දදා ඒ ගොල්ලෙන්ගේ වැඩේ කොහොම හරි කරවා ගන්නවා පස්සේ පස්ස පැත්තට පයින් ගහලා එලවලා දානවා තිරිසන් සතෙකුටවත් නොසලකන විදිහට.කිසිම කෙළෙහි ගුණ නොදත් සිවිල් සමාජයක් තමයි මේ රටේ ඉන්නේ.ඒ අය හිතන්නේ නැහැ පොලිසිය හමුදාව ඉන්නේ ඒ අයව ආරක්ෂා කරගන්න කියලා.ඒ වගේම පොලිසිය හමුදාව කියන්නේ ඉටි පන්දම් හදුන්කූරු නෙවෙයි. ඒ අයටත් හැඟම් දැනීම්,දුක කදුළ වේදකනාව දැනෙනවා කියලා ඒ අය හිතන්නේ නැහැ.බොරුවට කෙල්ලොත් අනේ අපේ රණ විරුවෝ කිවාට බලන්න බදින්න එක කෙල්ලෙක් වත් කැමති වෙනවද කියලා උන් ඔක්කොටම ඕනේ උදේ ගිහින් හවස ගෙදර එන ඔෆීස් එකක ටයි පොල්ලක් බැඳගෙන සීත කල කාමරයකට වෙලා රස්සාව කරන කාර් එකක් ගෙයක් තියෙන කොල්ලෙක් කසාද බැඳ ගන්න.එහෙමත් කෙල්ලෙකුට තමයි ඒ ගැන අවංක හැගීමක් තියෙන්නේ.රට බේරගන්නත් ඕනේ සිවිල් සමාජයට ආවාම මුන්ගේ කොහිල කටු ඇනෙනවා වගේ කෙණෙහිලිකම් ඉවසන්නත් ඕනේ. ප්‍රභාකරන් ඉන්නකම් මිනිස්සුන්ට පොලිසියයි හමුදාවයි රණවිරුවෝ.එත් දැන් ඒ බය නැහැනේ.දැන් සිවිල් මිනිසුන්ට පොලිසිය හමුදාව 8 පාස් මැට්ටෝ පොල් කුඩු ගානට දාලයි සලකන්නේ.මුළු රට ජාතිය කොටියන්ගෙන් බේරගත්තු හිටපු හමුදාපති ජනරාල්තුමා සිරගත කරපු වෙලාවේ එක හරියි කියලා සව්දිව පුරපු කට්ටිය ඉන්න සිවිල් සමාජයත් දියුණු වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
අනුමානයක් නෑ.හරියට කුලියක් ගෙවන්නේ නැතුව ඇති.පොලිසියට අහු වුනොත් ඉතිං සුද්ද කරන්නමනේ බලන්නේ
දැන් ඔය කීවෙනි ගෙදෙට්ටද යොදවලා තියෙන්නේ?
පව් ඔයිට වඩා වැරදි කරන අය පොලීසියේ නැතුව වගේ.....
ඉතින් අනේ මේ වගේ සුළු වැඩක් වත් ගන්න බැරිද?