රුපියල් ලක්ෂ 54 ක් වටිනා මොන්ටෙරෝ රථයක් විකුණා පොරොන්දු වූ පරිදි එය මිලදී ගත් පුද්ගලයාට ලියාපදිංචි අයිතිය පවරා නොදුන් බවට චෝදනා කරමින් වෘත්තීය හා කාර්මික පුහුණු නියෝජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.
2002 මාර්තු මස 22 වැනිදා තමාගේ මන්ත්‍රී පදවිය වෙනුවෙන් හිමිවන තීරුබදු සහන යටතේ ලැබුණු ඩබ්ලිව්.පී.ජී.කේ.4271 මිට්ෂුබිෂි මොන්ටේරෝ රථය දිනේෂ් රත්නායක නමැත්තකුට රුපියල් ලක්ෂ 54 කට විකුණා එහි ලියාපදිංචි අයිතිය වසර 5කින් පවරා දෙන බවට වංක ලෙස පොළඹවා වාහනය විකුණා ඇතත් වසර 5කින් එහි ලියාපදිංචි අයිතිය නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා චෝදනා නගා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ මැති ඇමතිවරු පමණක් නොව තීරුබදු රහිත වාහන ගෙන්වීමට අවසරය තිබුනු දොස්තරවරු, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඔය කොයි කවුරුත් තම තමන්ගේ වාහන විකිණු බව අපි දන්නවා (නි)
මේ ඉතින් අපේ ජනතා නියෝජිතයොනේ! (නි)
ඡන්දෙට කලින් කොහොමද කතාකළේ? බුදුවෙලා වගේ හිටියේ. මේක වෙන්න ඇති යහපාලනය. (නි)