මේ දිනවල පවතින දැඩි නියඟය නිසා ජලය සොයා හම්බන්තොට පහල අන්දර වැවට ජලය සොයා පැමිනෙන මුවන් මරා මස් කර විකිණිමේ ජාවාරමක නිරත පුද්ගලයින්
දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හම්බනතොට වනජීවි කාර්යාලයය කියයි.
මරණ ලද මුවාගේ හිස්, මුව මස් අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මස් වැද්දන්වත් ඔතනම මස් කරලා වේලුවා නම් හරි. (නි)
හිතක් පපුවක් නැති අය ඉන්න රටක් මේක. මේ අයට විතරයි ජීවත් වෙන්න අයිති. අපි තමයි සත්තුන්ගේ වාසභූමි සොරකම් කරලා තියෙන්නේ (නදී)
මේ අය කරන පව් නිසා තමයි අපිටත් ඉන්න බැරි විදිහට මේ වායු තලය රත්වෙලා තියෙන්නේ (නදී)
කරපු අයට මේවා පලදෙන්න ඕනේ (නදී)
පිටිගල මිලානෝ අයියාගේ කතාව හරි. (නි)
පව් අහිංසක සත්තු. (නදී)
අැයි මේ අයට තේරුම් ගන්න බැරි අපේ වගේම ජීවිත කියල ඒ අහිංසක සත්තුන්ගේත්. මුන්ට නම් ස්වබාව දහමෙන් හරි දඬුවම් ලැබෙන්නම ඕනා (නදී)
අවුරුද්දකට දවස් 28ක නිවාඩුවට ලංකාවට ගියාම නිවාඩුවෙන් භාගයක්ම මම ඉන්නේ සිංහරාජය මායිමේ මගේ ගමේ. ගහ කොළ සතා සීපාවා තවමත් මා එක්ක කතා කරනවා. පුංචිකාලේ තාත්තගේ පස්සෙන් ගිය අඩි පාරවල් තවමත් තියෙනවා. ගඟේ වතුර බැස යන සද්දේ කුරුළු කූජනය රාහී හඬ මට සංගීතයක් වගෙයි, ගඟේ වතුර ටිකක් බීලා පලා කොළ මැල්ලුමක් ගඩා ගෙඩියක් කුරක්කන් තලප ගුලියක් කිතුල් රා ට්කක් මොන තරම් සැපක්ද? එත් අද රටේම වනාන්තර වලට . අලින්ට, සතා සීපාවාට වෙලා තියෙන දේ දැක්කම නම් හිතට දැනෙන්නේ මහා දුකක් වෛරයක්. ලෝක උරුමයේ සත්තු මරා කනවා. ගස් කපා විකුනනවා. එලි කරලා හෝටල් හදනවා. මේකද මේ ලෝක උරුමය? (නදී)
ලොක්කන්ට අහම්බෙන් තමයි මේවා පෙන්නේ. පිටිගල කිව්වා හරි ඔහේ විතරක් නෙමෙයි ජා-ඇල ප්‍රදේශයේ එක රෙස්ටුනර්ට් එකක මුව මස් තියනවලු කෑමට. මට මගේ මිතුරෙක් කිව්වේ එතකොට මේවා කොහොමද මෙහෙම විකුනන්නේ බය නැතුව? හරිම කනගාටුයි මෙවන් සිදුවීම් පිළිබද.(අ)
පන්සිල් පද පහ රකින්නේ නැති බෞද්ධයෝ ඉන්න ලංකාව. (නදී)
කාලකන්නි දේශපාලුවන්ගේ බලය අඩු නොකලොත් ලංකාවේ වනසතුන් කියා ජාතියක් ඉතිරි වෙන්නේ නැහැ. ඉන්පසු දේශපාලුවෝ වනාන්තර කපා ඉවත් කරයි. ඊළඟට දැඩි නියඟය ඇති වෙනවා. එයින් සාමාන්‍ය ජනතාව දුක් විඳියි. නමුත් දේශපාලුවන්ට කිසි දුකක් ලැබෙන්නේ නැහැ. ඔවුන් තව තවත් තම දීමනාවන් වැඩි කර ගනීවි. (නදී)
අත් අඩංගුවට අරන් ආපහු නිදහස් කලාම ඒ ගොල්ල කරන්නේ එ්කමයි. එ්ක තමයි ඒ අයගේ රස්සාව. මේක ලේසි වගේම හොඳ ඉල්ලුමක් තියෙන ව්‍යාපාරයක්. සමහර ලොකු ලොක්කන්ගේ ආරක්ෂාව තියෙන හෝටල් වල මුව මස් පීරිසියක් රුපියල් 400-700 දක්වා මිලයි. හැම දාම තියෙනවා. කොලඹටත් ගේනවා. ගේන වාහන . බාන තැන්, විකුණන හෝටල්, ගැන කාටවත් පේන්නේ නැහැ. මොකද මන්දන්නේ නැහැ. මුව මස් එක්ක අඩියක් ගහන්න ඕන උනාම කොලඹ ඉඳලා පැය දෙකයි. කව්රුවත් දන්නේ නැහැ කියලා හිතන්නේ කොහොමද? රක්ෂිත ආසන්නයේ තියෙන හෝටල් වල දඩ මස් නැත්නම් ඒ හෝටලෙන් වැඩක් නැහැ. සිංහරාජයේ හෝටලයක් තියෙනවා ගෝන මස් ස්පෙෂල්. ඕවා කව්රුවත් දන්නේ නැද්ද? (නදී)
දැඩි දඬුවම් අවැසියි (නදී)