
(රෝහණ සමරවීර)
නියගයේ බලපෑම දිනෙන් දින උග‍්‍රවී ආහාර හා ජලය අවමවීම හේතුවෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් ඇතුළු සතුන්ගේ ජීවිත දැඩි අවධානමකට පත්වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
උඩවලව ජලාශයේ ජල මට්ටම ඉතිහාසයේ නොවූ ලෙස පහළ බැස ඇත. වනෝද්‍යානය තුළ පිහිටි බුරුතගොල්ල වැව, දංගහවැව හා කුඩා වැව ඇතුළු ස්වභාවික දිය කඩිති සම්පූර්ණයෙන්ම සිදී යාම නිසා වන සතුන් උග‍්‍ර ජල හිගයකට මුහුණ පා සිටිති.
මේ පිළිබඳව සොයා බැලීම සදහා අප පසුගියදා උඩවලව වනෝද්‍යානය තුළට ගියෙමු. වනොද්‍යානයේ සතුන් ආහාරයට ගන්නා තණකොළ ශාකයේ සිට සියළු ශාකයන් ජලය නොමැතිව වේලී ගොස් ඇති අයුරු දක්නට ලැබිණි.
බුරුතගොල්ල වැව, දංගහවැව, කුඩා වැව හා ඒ ආශ‍්‍රිත ස්වභාවික සියලූ දිය වලවල් සම්පූර්නයෙන්ම සිදි ගොස් තිබූනු අතර එම ස්ථාන වල ජලය නොමැති හේතුවෙන් අලි ඇතුන් මුවන්, මුගටියන්, හාවන් පමණක් නොව වදුරන් ගරිලවුන්, හිවලූන් වනෝද්‍යනය තුළ ජලය සොයා ඉබා ගාතේ යන අයුරු අපට දක්නට ලැබිණි.
එහි තෘණ භූමි සම්පූර්ණයෙන්ම මැරී ගොස් ඇත. එහි සත්වයින්ට ආහාරයට ගැනීමට ඉතිරිව ඇත්තේ වේළුණු ගස් කොළ හා ශාක පමණි. නොමැරී ඉතිරිව ඇති ශාක වර්ග කීපයක් වනෝද්‍යානයේ ඇතත් එම ශාක වර්ග සත්වයන් ආහාරයට නොගන්නා බව පරිසරවේදීයෝ පෙන්වා දෙති.
දැනට වනෝද්‍යානය තුළ කෘතිම ජල කඩිති පවත්වාගෙන ගිය ද සතුනට අවශ්‍ය ජලය හා ආහාර එමගින් සැපිරෙන්නේ නැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියඟයේ බලපෑම දිනෙන් දින උග‍්‍රවී ආහාර හා ජලය අවමවීම හේතුවෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් ඇතුළු සතුන්ගේ ජීවිත දැඩි අවධානමකට පමණක් නොව පනිය ජලය නොමැති හෙයි වන අලියා ඇතුළු සතුන් පවා ගම්වදීම සහ මිනිස් ජිවිත හානි නවත්වා ගැනීම හෝ අවම කිරිම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුවේ, මේවනවිට සීග්‍රයෙන් ඉහලයමින් පවතින ගෝලීය උෂ්ණත්වය නිසා සමහර ඉදිරියේදී ලනකව ඉන්දියාව වැනි ගර්මකලපිය රටවලට දැඩි උණුසුමක් සහ වැසි නොමැතිව දිගු කාලයක් සිටීමට සිදුවනු ඇත.. මේ හෙයින් සියලු අහාර වරග දැඩි හින්ගවීමක් ඇති වනු ඇත.
ඇයි පිරිත් වැස්සෙ බලබිදිලද පිස්සු මුන්ට
පක්ෂ දිනවීමේ මානසිකත්වයෙන් මිදී... මේ සඳහා විසඳුමක් සොයන්න. පක්ෂ දිනවන එක පස්සේ කරගන්න පුළුවන්.