විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළැයි ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික කීර්ති කාරියවසම් මහතා ඇතුළු හය දෙනකු පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇත.
පක්ෂයේ නිල නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නත් පක්ෂයේ සාමාජිකයන් බහුතරය ඉදිරි මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව කීර්ති කාරියවසම් මහතා අද බස්නාහිර පළාත් විපක්ෂ නායක කාර්යාලයයේ දී කීවේය.
පක්ෂයේ නිර්මාර්තෘ ඇන් ඇම් පෙරේරා මහතාගේ දර්ශනයට පිටින් යන ලංකා සම සමාජ පක්ෂයේ නායකයන්ගේ තනතුරු සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසු සාමාජිකයන් තීරණයක් ගනු ඇතැයි ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුණ කිසිම රටක යුද්දයක් දිනන්න බෑ දේශපාලන නායකත්වයක් නැතිව. යුද්දය කියන්නේ තවත් විදියකට දේශපාලනය කිරීම. ඔබ යුද්දය ගැන හොඳට සොයා බලන්න. ජනාදිපති තුමා නොහිටින්න සරත් ෆොන්සේකා කියල යුද හමුදාපති කෙනෙක් වත් දිනන්න පුළුවන් යුද්දයක් වත් නැහැ. එතුමාගේ නිර්භීත දේශාපලන නායකත්වයයි සරත් ෆොන්සේකා ගේ සාර්ථකත්වයට මුලිකම හේතුව උනේ (නදී)
මොහාන්, ඔබ හරියටම හරි. (ර)
කාන්ති මහින්දට තුන්පාරක් දුන්නම වෙන්නේ කොටින්ගෙන් බේරා ගත් රට නැති වෙනවා. ඒ කියන්නේ බේරා නොගත්ත වගේ තමා.(නදී)
හරියටම හරි ..ගොලයෝන්ට ඕන වෙනසක් .අපේ රටට ඕන වෙනසක් .(හේ)
අරුණ ඔබ හරියටම හරි (දිල්)
දැන් දැන් ගමේ මිනිස්සුන්ටත් වැඩේ තේරෙනවා. මෛත්‍රී දිනනවා ඡන්ද 57% යි (නදී)
කාන්ති ඔය ඇත්ත කතාව කිව්වේ මහින්ද මහත්තයාට ජය වේ.(හේ)
අලියා වංගෙඩි, මෝල්ගස්, කුළු හා කොහු හැටියට අර්ථකතනය කළ අන්ධයෝ 7 දෙනා කරලියට ඇවිල්ලා වගේ මෙතන අදහස් දාන වැඩිදෙනෙක් තර්ක කරන්නේ. යුද්ධය ජයගැනීමට බොහෝ සාධක එක්තැන්වුවත් බොහෝ දෙනා නොදන්නා කාරණ තිබෙනවා. (නි)
කාන්ති වගේ අය තමයි ඉස්සර අන්තප්පුරවල ඉන්න ඇත්තේ. මේ රජ කාලේ නෙමෙයි 2014. අපි කතාකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. (බ)
අනේ මන්දා (දී)
හරිනේ නායකයන්ට තේරෙන්නේ නැත්නම් මොනවා කරන්නද ? නායකයෝ අන්දයි .(හේ)
හැමෝම රැවටිලා ඉන්නේ. අපි හැමෝම ඔය යුද්ධයට දායකවුණා. චන්ද්‍රිකා මැඩම් පිටරටින් ගෙනා යුද උපකරණ වලින් තමයි යුද්ධය ජයගත්තේ (නි)
අරුන සෙන්පතියො යුද්ද ජය ගත්තෙ රජවරුන්ගෙ නායකත්වය යටතේ. යුද්ධ කරන්න තීරන ගන්නෙ රජවරු බව අමතක කරන්න එපා. (ර)
ඒ කියන්නෙ නායකයින් හොරාකාල තියෙනවා..ඉදිරියට හොරා කන්නත් තියෙනවා...ගෝලයින්ට මේ මොකුත් නැහැ..මහින්ද ලග තියෙන පයිල් එලියට දමයි කියල බයයි....අනේ පව්...(නදී)
මේ පක්ෂේ ඉන්න ඔක්කොම මොන පැත්තට එකතුකලත් කාටවත් වාසියක්වත් පාඩුවක්වත් වෙයි කියල මං හිතන්නේ නෑ. (ස)
දැන්වත් ඇත්ත තේරුම්ගත යුතුය (නි)
යුද්දේ කළේ හමුදාෙපති මහින්ද රජතුමා නෙමෙයි දැන් මෛත්‍රී යුගයක් තමයි අවශ්‍ය (බ)
කාන්ති, ඔයා කැමතිම නම් 3 සැරයක් නොවෙයි, තව ඕනෑතරම් වාරයක් දෙන්න. ඒක ඉතින් ඔයාගේ කැමැත්තනේ. (නි)
කාන්ති, තුන්වෙනි පාරත් දුන්නොත් මේ රටේ ඉන්න නෙමේ වෙන්නේ කන්න නැතුව මැරෙන්න. බලන්න ඔයාගේ මොලේ තියෙන්නේ මැටිද කියලා (නදී)
මෙපමණ රටට වැඩ කල මහින්දට විරුද්දව සිංහලයන් කතාකරන හැටි. හොඳ නරක තේරෙන්නේ නැති ජාතියක්. පුළුවන් අය එන්.ජී.ඕ වලින් සල්ලි ගන්නවා. මෛත්‍රීට රට දීල විනාශ උනාම ඔය කතා අනිත් අයට කියන්න. (නදී)
නායකයෝ තමයි වැඩියෙන් ගහන්නේ (නදී)
එහෙනම් ඒකත් එහෙමයි! (නි)
මෛත්‍රී තුළින් චන්ද්‍රිකා බලයට පත්කර නැවත අතීත ස්වර්ග රාජ්‍යය ගොඩනඟමු (නි)
රට යුද්දයෙන් බේරාගත් නායකයට 3 න් වරක් දුන්නම මොකද ? (නදී)
බොහොමයක් ආසන වල සන්ධානෙ තත්වෙත් මේකම තමා. නායකයෝ මහින්දට ගෝලයෝ මෛත්‍රීට (නදී)
අතීතයේ සිටම ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සභාග ආණ්ඩු වල කොටස් කාරයන් වී ඇමති පදවි ලබා ගත් නිසා, අද වනතුරුත් එයම කරන නිසාත් එම පක්ෂ වල නායකයන් සාදාරන හෝ එම පක්ෂවල අරුත් දෙන තීන්දු ගන්නේ නැහැ. (නදී)
ජයවේවා! ඔහොම යං. (නදී)
දේශපාලන පක්ෂයක අදහස් වල ඝට්ටන තිබෙන්නට පුළුවන්. නමුත් මත වාද තිබෙන්නට බැහැ. එහෙම උනොත් පක්ෂයක් ඉදිරියට යන්නේ නැහැ එවිට කළයුතු හොඳම දෙය නම් පක්ෂයෙන් නෙරපා හැරීමයි . (බ)
නායකයන්ට මිසක් ෂොපිං කෑලි වලට ඡන්ද නැහැ. (නදී)
ඕක තමයි ඇත්ත. ලොකු කියන පක්ෂ නායකයෝ විතරයි ජනාදිපති තුමා සමග ඉන්නේ. මහජනතාව ඉන්නේ දුප්පතාගේ නියෝජිතයා එක්ක කියන එක 8 වැනිදා ඔප්පු කරලාම දැනගන්න ලැබෙයි. මෛත්‍රීට ජය නියතයි. ජනාදිපති තුමනි ඔබට සැමදා අපි ආදරෙයි. අපිට සමාවෙන්න. අපි ඔබට පිටුපෑවා නොවෙයි. ඔබගේ ලඟම ඉන්න අය තමයි ඔබට මේ ඉරණම උදා කලේ. ඔබව සැමදාමත් අපට උදාරයි. (නදී)
ඔක්කම පුස් වෙඩි , මහින්ද මහතාගේ ජයග්‍රහණය නියතයි,බිය සැක නැතුව ජීවත්වීමට ඉඩ සැලසු මහින්ද මහතාට අපේ ප්‍රණාමය , (හේ)
බලමුකෝ කවුද අන්තිමට දිනන්නේ කවුද කියලා.(හේ)
රට ගමන් කරන දිශාව දැන් අවබෝධ කර ගන්න පුළුවන්. ලොක්කෝ ඉන්න වරදාන නිසාද කියලා සැකයක් ඉතුරු වෙනවා.(හේ)
අපිට කවුරුත් නැද්ද.? (ර)
කාන්ති මහින්ද නෙමේ යුද්දේ කළේ සරත් පොන්සේකා. ඔයා ඒ කාලේ මොන ලෝකෙද උන්නේ. නිකන් ගොන් කතා නොකියා ඉන්න (නදී)
ඕක තමයි රටේ තත්වය, නායකයෝ කොහේ ගියත් ජනතාව මෛත්‍රීට (නදී)
අරුණ, සරත් පොන්සෙකා යුද්ද කලාට නායකත්වය දුන්නෙ කවුද? දේශපාලන යුද්දය කළේ කවුද? ඔතන රනිල් හිටියානම් යුද්දෙ ඉවරවේද? ඔයා ගොන් කතා කියන්න එපා (නදී)
අරුණ, ඔයා ලඟදීද ඉපදුනේ. සරත් ෆොන්සේකා චන්ද්‍රිකාගේ කාලෙත් හිටිය. එත් යුද්දේ ඉවර කලාද. මොකද එයාට එ්ක කරන්න පාලකයෝ උදව් කලේ නැහැ. එ්කටි අපි මහින්ද රාජපක්ෂ යුද්දේ දිනුවා කියන්නේ. අනික ඔය කියන විදිහට සරත් ෆොන්සේකා නෙවේ යුද්දේ දිනුවේ අපේ අබීත ත්‍රිවිද හමුදාව සහ පොලිසිය. දන්නා කෙන්ගෙඩියක් කතා කරන්න (නදී)
එදා රජවරු අවුරුදු 25-30 රජ කළා නම් ජනපතිතුමාට මොකද බැරි ?(හේ)
යුද්දේට කරපු ආයුධ චන්ද්‍රිකා ගෙන්නපු ඒවා වැඩි හරියක්. රටටම ඕන වුනේ මේක අවසන් කරන්න. ගොඩක්ම කැපකිරිම් කලේ ත්‍රිවිධ හමුදාවයි පොලීසියයි. කරුමෙකට වගේ මේකටත් දේශපාලනේ ඉස්සරහට දාගෙන අයිතිය තනිව බුක්ති විදිනවා. අපෙන් ගහපු බදු වලින් තමා ඔය සේරම කලේ. මහින්ද මහත්තයාගෙ නායකත්වයෙන්. ඒත්ඔයාල හොද දේ ගැන වගේම නරක දේත් බලන්න හමුදාපතිවරයා ජනපති සටනට ආවා කියල. හිරේ දැම්මා. එයාගෙ නම් ඉතිහාසෙන් මැකුවා. නිවට හැත්ත. අච්චර අමාරුවෙන් හදපු අපේ පක්ෂේ උප සභාපති කොටි දෙවෙනි නායකයා. අරංතලා භික්ෂූන් කපා කොටා අපවත් කරපු. දළදා මාලිගාවට බොම්බ ගහපු. ශ්‍රී මහ බෝධියෙ බැතිමතුන් මරාදාපු බෝම්බ ගහපු. සිංහල බෞද්ධ කියාගන්න්නා පක්ෂ භේදය ඉහට ගහාගත් මෝඩ හැත්ත.(අ)
නලින් මහත්තයට හිතෙන දේවල් හැබෑට. ඔහොම දිනපු ඈයෝ කීයක් අපි දැක්කද පහුගිය කාලේ. මේක රියල්ටි ෂෝ එකක් නෙමෙයි මහත්තයෝ එස් එම් එස් වලින් දිනනවා වගේ. මේක ජනාධිපතිවරණයක්. 9 වෙනිදට ඇදෙන් බිමට වැටිලා වලන් කටු අනාගෙන ලතෝනි දෙන්න නම් එපා. (නදී)
අන්න එහෙමයි දැන් තත්ත්වේ.(හේ)
අරුණ ඔබ හරි. (ර)