(අමිල චින්තක ගමගේ)

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණද පසුව එය නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ උත්සවශ්‍රීයෙන් සිදුකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව  පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මැතිවරණ නීති රීතිවලට ගරු කළ යුතු නිසා එම තීරණය ගත් බවද හෙතෙම පැවසීය.

එය  හෙට 07 වැනිදා උදෑසන 7.00 ට පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ පැවැත්වීමට නියමිත බවද මිලින්ද රාජපක්ෂ කීය.

පොදු ජන පෙරමුණ මුල සිටම පැවසු පරිදි ජනාධිපති අපේක්ෂකයෙක් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමේ තීරණය කිසිසේත්ම වෙනස් නොවන බවද, පොහොට්ටු අපේක්ෂකයා අන් කවරකු නොව ව්‍යාපාරික ධම්මික පෙරේරා බවද මිලින්ද රාජපක්ෂ සඳහන් කළේය.

නැටුම්,ගැයුම් ඇතුළු විශේෂාංග රාශියකින් පොහොට්ටු අපේක්ෂකයා ජාතියට හදුන්වා දීම සිදු කෙරෙන බවද ඔහු සදහන් කළේය.