සෙවණගල වැවේයායේ දී උක් ගොවියකු දෑත දෙපය බැඳ නයකුද සමග ටැංකියකට දැමූ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසයි කියයි. ගොවියාගේ ඇගේ හතර පොළක් නයා විසින් දෂ්ඨ කරන ලදැයි පොලිසිය පවසයි. ටික වේලාවකින් එම දෙදෙනා ටැංකියෙන් එම පුද්ගලයා සහ නයා එළියට ගෙන ඇතැයි ද මියගිය ආකාරයන් සිට ගොවියාගේ බැමි ලෙහා සැකකරුවන් නයා මරා දමා ඇතැයි ද කියති. ඔවුන් ගිය පසු මේ ගොවියා රෝහලට ගොස් ඇතුළු වී සිද්ධිය විස්තර කර තිබේ. ඉඩම් ආරවුලක් මේ සිද්ධියට හේතු වී ඇති බව ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් විසත් නාගයාගේ විසත් අතර වෙනස මේ ඡායාරූපයෙන් හොඳින් පෙනෙනවා. (ස)
අපිට දැනුනට අහිංසක ජීවිතවල අගේ බොහෝ දෙනෙකුට එක දැනෙන්නේ නෑ වගේම ඒ ජීවිතවල අගයක් නැ. අපරාධ නම් දවසකට කීයක් සිද්ද වෙනවද. කෝ කාටද නිසි දඩුවමක් දුන්නේ.මේකත් තවත් එක සිදුවීමක් විතරයි එයාලට.අහිංසක ගොවියාගේ ජීවිතේ බේරුන එක ලොකු දෙයක්. (ස)
මරුන වගේ හිටිය නිසා හොදයි., පන තියෙනවා කියල දැනගත්තානම් ..? මෙයත් සැක සහිත මරණයක් වෙන්න තිබුනා. කොහොම උනත් මොහුට ඉක්මන් සුවය පතමු ...!! නියමයි මොලේ නම් .(අ)
බුදුදහම ඇති රටේ මෙහම නම් බුදු දහම නැති රටවල කොහොම ඇත්ද ? ඒ උනාට ඒ රටවල මේ තරම් අසික්කිත වැඩ නැති එකනේ පුදුමේ. (ස)
මිනිසුන් විසින් මිනිසෙකුට මේ වගේ තිරිසන් වැඩ කරන්නේ ඇයිද මන්දා. (අ)
ඇමෙරිකානු පුරවැසිකම් නැති එකේ අරුමය!! (නි)
වෙසක් සමයෙත් මේ වගේ තිරිසන් වැඩ කරනවනේ අපේ රටේ මිනිස්සු, කාට කියන්නද මේ අවනඩු, අදහස් ලියලා උඩ බලාගෙන ඉන්නවා මිසක්! (අ)
රජ කාලේ දඩුවමක් වගේ , ගොවියාගේ වෙලාව හොදයි, දැන් රජයෙන් වැරදි කරුවන්ට මොකද? වෙන්නේ ? පව් අහිංසක නයා , අකල් මරණයකට ගොදුරු වුනා,(අ)
තම තමන්ට ,හිමි දර්මයෙහි නොපිහිටුණු විට ,මේවා අහන්න ලැබෙනවා .ජනජීවිතයට නුසුදුසුම රටක් වෙලා ඉවරයි .පාලනට අවශ්‍ය නීතිරීති පෙනෙන්නවත් නැහැ (අ)
පවුකාරයෝ. උන් දෙන්නටත් මේ වගේම හරි ඉක්මනට ලැබෙයි. මේ මිනිස්සු ධර්මය නොදන්නා මෝඩයෝ රැලක්. කොයිතරම් තේරුම් කර දුන්නත් ඒවා කණකට ගන්නෙත් නැහැ. එනිසයි මෙතරම්ම පවුකාරයෝ වැඩිවෙන්නේ. හරිම දුකයි , කණගාටුයි මේවා ඇහෙද්දී , දකිද්දී. (නි)
මොන තරම් තිරිසන් ලෝකයකද අපි මේ ජීවත් වෙන්නේ ? මෙවැනි දේවල් කරන්න මුර්ගයන්ට හිතෙන ආකාරය ගැන හිතා ගන්නවත් බැහැ. (අ)
මම අහලා තියෙන දෙයක් තමයි සර්පයෙක් දෂ්ට කළ විට කළ යුතු මුලිකම ප්‍රතිකාරය තමයි ලෙඩාගේ සිත චංචල නොවී තබා ගැනීම.ඉතින් මේ තැනැත්තාට සිවුවරක් නයා දෂ්ට කළත්, ඒ ආත්ම විශ්වාසය තියෙන්න ඇති.ඒකයි ජීවිතය බේරුනේ. (නි)
මේ තමයි මම කියන " මිනිස්සු ". (අ)
මරන්න බැරි කෙනා ගලේ ගහුවට් මරන්න බෑ (අ)
මේක කරපු දෙනා මොන වගේ වැඩක් ද (අ)
ආයෙත් වැඩේ වැරදිලා.නයා හා මිනිහ මාරුවෙලා.මේ දෙන්නව ඊළඟ පාර නගර සභාවටවත් යවන්න ඕනෑ. (නි)
අපේ රටේ මිනිසුන්ට තවත් මිනිස් ජිවිතයක අගයක් නොදැනෙන්නේ මොන පවකටද කියා හිතාගන්නත් බැහැ.මැරෙන කොට අපේ මේ කුලියට ගත්ත ශරීර කුඩුවවත් ගෙනියන්නේ නැති එකේ තව ඉඩම් කඩම් ගෙනියනවද? (අ)
නයා මිනිහට දෂ්ට කරලා තියෙන්නේ තද කේන්තියෙන් නෙමෙයි වගේ.එයාගේ ආරක්ෂාවට වෙන්න ඇති.තද කේන්තියෙන් දෂ්ට කළාම එක පාරත් ඇති මැරෙන්න.අනෙක දෙවැනි තුන්වැනි හතරවෙනි අවස්ථාව වනවිට උග්‍ර විෂ ගතිය අඩු වෙනවා කියලා මම අහලා තිබෙනවා. බඩගින්නේ ගොදුරු සොයා යනවිට,තමන් අනාරක්ෂිතයි කියා දැනුන විට නයා බොහොම සැරලු.නොකරම බැරි අවස්ථාවක් හැරුණු විට පොළඟා වගේ ඉවක් බවක් නැතුව හිරිහැර කරන්නේ නැතිලු. තරමක් බුද්ධිමත් සතෙක් කියලයි කියන්නේ. (නි)
මේකා රබර් නයෙක්වත්ද? නැත්නම් විෂ නැතුව ගියේ කොහොමද? (නි)
අනේ අම්මෝ…මේ ලංකාවද? (අ)
හතර පොලක් නයෙක් දෂ්ට කල මිනිහෙක් තනියම රෝහලටත් ගියා නම් එකත් මහා දෙයක්.නයා දෂ්ඨ කර ටික වෙලාවකින් විෂ නිසා සිහි මුර්ඡා වෙනවා නේ. කොහොම හරි ගොවියාට ඉක්මන් සුවය පතමි. (අ)
මේ සිංහල බෞද්ධ රට ද (ස)
මිනිසාමය ලොව දෙව්‍ියන් වෙන්නේ මිනිසාමය ලොව තිරිසන් වෙන්නේ, අහල තියනවා නේද? (ස)
ඇත්ත චන්ද්‍රා .., දැන් ඉන්න මිනිසාට වඩා සිවුපාවනුත් බුද්ධිමත්..!!! (ස)
නයෙක් දෂ්ට කළ විටදී රුධිරය ටික ටික කැටි ගැහෙනවා. නමුත් මේ සිදුවීම නම් හරිම පුදුමයි. මොහුගේ ආයුෂ දිග ඇති (නි)
හිතාගන්නත් බරි අමානූශීක කුර්‍රිරුක්‍රියාවන්ට මිනිසුන්පෙලඹිලා මෙහෙම වෙන්නෙ මිනිසුන්ධාර්මිකව හැඩගැසෙන්නේ නැති නිසයි. ඉතාලියෙ මෆියා කතාවලනම් ඔයවගෙ දෙවල් තියනවා."ශෙරිෆ්" වෙසක් සමයෙපමනක් නොව අව්රුද්දේ සෑම දවසකම මිනිස් හදවතේ ප්‍රේමය තිබිය යුතුයි. (ස)
මට නම් හිතාගන්නත් බෑ.. මේ ගොවියා සුපර් මෑන් කෙනෙක් වගෙයි .. නයෙක් 4 පොළකට ගහල දිගු වෙලාවක් ප්‍රතිකාර නොකර ඉඳලත් බේරුන එක ?ඇත්ත නයෙක්ද සෙල්ලම් නයෙක්ද දන්නේ නෑ ගැහුවේ ... (ස)
මට තේරෙන්නෙ නෑ දැන් මේ රටේ මිනිස්සුන්ට මොකක් ද මේ වෙළා තියන්නේ කියලා. දවසෙන් දවස අහන්නේ අහස පොලව උහුලන්නේ නැති අපරාධ. මට ඇත්තටම මේ රටේ ඉන්න හරි බයයි. (ස)
සොබාදහමේ තවත් විස්මිතයක් තමා මේ. මේ නයා දැනගෙන හිටිය මේ පුද්ගලයට වෙච්ච ඇබැද්දිය. නමුත් තමාගේ ගැලවිල්ලට වගේ විෂ අඩු කරලා බෙහෙත් විදලා; (ස)
මේ මිනිස් තිරිසනුන් දෙදෙනාට නිසි දඬුවම් ඉක්මනින්ම ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරමු. (නි)
මේකේ ඉන්න ගොඩක් අය බුදුදහම ගැන කතා කරලා තියෙනවා. එත් බුදු දහම රැක ගන්න නම් ඔය තරම් උනන්න්දුවක් නෑ. (ස)
අපේ රටේ දිනෙන් දින මෙවැනි තත්වයන් වැඩිවෙනවා මිස අඩුවෙන්නේවත් නැතිවෙන්නේවත් , ඒ වාට අලුතින් දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන්නේවත් නැහැ , තව වසර දෙකකින් අපේ රට දරුණුම දරුණු ගනයේ අපරාධ වලින් පිරිණු රටක් බවට ලෝකෙන්ම හංවඩු ගැහෙනවා ....?කෙටියෙන් කීවොත් සොමාලියාවක් වෙනවා ෂුවර් ..? මම සැනසිල්ලේ ජීවත්වෙනවා මරණ බියෙන් තොරව දරුපවුල සමග පිට රටක ජීවත්වෙන බැවින් ..? මේ කියවන ඔබත් ආත්ම ආරක්ෂාවටවත් දරු පවුල සමගින් රටෙන් පිට උනොත් හොඳයි කියල තමා මට නම් කියන්න තියෙන්නේ ..? (ස)
දැන් කාලේ ඉන්න මිනිස්සු නයින්ට වැඩිය වසයි, දරුණුයි. ඉතින් කොහොමද නයා මිනිසාට වැඩිය විෂ වෙන්නේ? (නි)