නාගයකු ලවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළැයි සෙවණගල මකුළුවගම සිසිල් චමින්ද (35) ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි ඇඹ්ලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් මහතා නියෝග කළේය.
පසුගිය 09 වැනිදා සිය උක්වගාවට ගොස් එමින් සිටි සෙවණගල වැවි ගම් යායේ ධම්මික නිශාන්ත අත් පා ගැට ගසා බැරලයක දමා එම බරලයට නාගයකු ද දමා ඔහු ඝාතනය කිරිමට සැළසුම් කළැයි සෙවණගල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරු ඊයේ (13) පොලීසියට භාර විය.
පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු යුද හමුදාවෙන් පැන ආ අයකු බවයි. වෙඩි තබා තවත් මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයකු බවත්පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නයා බැරලයට දැමු මිනිහා රිමාන්ඩ්
සාලිය Wednesday, 14 May 2014 03:17 PM
දැන් මෙයාව බැරල් එකක දාල හොඳ කිඹුලෙක් දැම්ම නම් අගෙයි (නදී)
ශාන් Wednesday, 14 May 2014 03:30 PM
මරු අදහස් ටික කරමු කරමු ....දැලම්ඹුවෝ ටිකකුත් දැම්මොත් හොඳයි.(නදී)
ශාන්ති Thursday, 15 May 2014 02:15 AM
මෙහෙමත් අපරාද කරන මිනිස්සු ඉන්නවද ? (ස)
තුෂානි Thursday, 15 May 2014 02:59 AM
මේ වගේ දෙයක් වන්න මොනවා හරි වරදක් වෙන්න ඇති කියා අපි මෛත්‍රී කරමු. වරදට සුදුසු දඬුවම් දෙමු. (ස)
පද්මිණි Thursday, 15 May 2014 05:06 PM
මොහුට දිය යුතු දඬුවම වන්නේ සතියක් බුදු බණ අසන්ට සැලැස්වීම. (ස)
හේරත් Wednesday, 14 May 2014 05:20 PM
සරත් සහ සාලිය කියූ විදියට ඔය මනුස්සයට කරන්න තිබුණා නම්... (නි)
පහන්දී Wednesday, 14 May 2014 05:24 PM
බුදු සමිඳුන්ගේ තෙමඟුල සිහිපත් කරන අද දිනවත් වචනයකින්වත් පවු නොකර ඉඳිමුද සහෝදරයිනි? බමුණු,සාලිය,ශාන් වෙතට දයාබරත්වයෙනි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා!! (නි)
උදයකාන්ත Wednesday, 14 May 2014 12:27 PM
මේ වගේ හිතක් පපුවක් නැති අය ඉන්න රටක දෙන දඩුවම් ලිහිල් වැඩි නිසා එල්ලුම් ගස ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. (නි)
රාජුන් Wednesday, 14 May 2014 12:45 PM
මේ හාදය වැරදි දෙකක් කරලා තියනවා නේද? මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සහ සත්ව හිංසාව. (දිල්)
ප්‍රින්ස් Wednesday, 14 May 2014 01:04 PM
මමද උදයකාන්තගේ අදහසට එකඟ වෙමි. (නදි)
ප්‍රනාන්දු Wednesday, 14 May 2014 01:24 PM
මේ නම් නයාටත් වඩා අපරාධකාරයෙක්.(නදී)
සඳරුවන් Wednesday, 14 May 2014 01:25 PM
මේ මනුස්සයා එක්කම නයෙකුත් දාන්න තිබුනේ තනියට.(නදී)
සරත් Wednesday, 14 May 2014 01:59 PM
එයාව පිඹුරෙක් එක්ක බැරල් එකකට දැම්මා නම් හරි (නි)
සමන්ති Friday, 16 May 2014 07:39 PM
පුදුමාකාර මිනිස්සු දැන් සමාජයේ ඉන්නේ (නි)
බමුණු Wednesday, 14 May 2014 02:16 PM
"මේ වගේ හිතක් පපුවක් නැති අය ඉන්න රටක දෙන දඩුවම් ලිහිල් වැඩි නිසා එල්ලුම් ගස ඉක්මනින් ක්‍රියාත්මක කරන්න" මේ ගොල්ලන්ගේ ඔලු හෝදලා තිබෙන්නේ. එම නිසා හිතක් පපුවක් ගැන කතා කරන්න එපා. (නි)
බමුණු Wednesday, 14 May 2014 02:18 PM
අපි මෙයාව බැරල් එකකට දාලා කුණකටුවෝ 100 විතර දාමු. එතකොට කාලයක් විඳවයි (නි)