නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ නොසිටි නිසා වරෙන්තු පිට සිටි නයි නළගට ඊට ටික වේලාවකට පසු අධිකරණයට ඉදිරිපත් වී වරෙන්තු නැවත කැඳවන ලෙස ඉල්ලා සිටියාය.
ඒ අනුව නැවත වරෙන්තුව යළි කැඳැවිණි. මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇගේ චෝදනා පත්‍රයට අත්සන් තැබීය. ඇගේ නීතීඥයන් ඉල්ලා තිබුණේ එම චෝදනා පත්‍රයට අත්සන් නොතබා ඇය මුදා හරින ලෙසයි. සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මෙම අවස්ථාවේ එසේ කළ නොහැකි බවයි.
ඉන් පසු සත්ව හිංසනය යටතේ පොලිසිය විසින් ඇයට එරෙහිව ගොනු කර තිබූ චෝදනා අධිකරණයේ කියැවූ අතර එම චෝදනාවලට තමා නිවැරදි යැයි නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (නයි නළඟන) කියා සිටියාය.
ඒ අනුව නොවැම්බර 07 වැනිදා නඩුව විභාග කිරීමට තීරණය කළ මහේස්ත්‍රාත් එදින උසාවියේ පෙනී සිටින ලෙස සාක්කිකරුවනට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයි අක්කට චෝදනා කරන්නෙ කතා කියන්න තමා අතින් කවදාවත් වරදක් නොවු 100% නිර්මල අයියලා අක්කලා ද දැන් නෑනේ. (ස)
එතකොට නයි නටවන්නන් ටත් නඩු දානවද ? (ස)
මේ නයෙක් අල්ලාගෙන කාන්තාවකට කරන හිංසාවක්! (ස)
පව් නයි නංගී.මෙයාව නිදහස් කරලා අරයව ඇතුලට දාන්න (නි)
අයියෝ! ආයිත් මෙයා (නි)
මෙයා ඡන්දය ඉල්ලා දිනන තරමට ප්‍රසිද්ධියක් ලැබුණා.අපේ මිනිසුන්ට මේ ටික ඇති මෙයාව පක්ෂයකට ගන්නත් ඡන්දේ දෙන්නත්. අනේ මෙහෙව් රටක්. (නි)
මේ නයාට මෙම කාන්තාවගෙන් හිංසනයක් වුණා නම් ඌ දෂ්ට කරනවා නේද? (නි)
එතකොට අර යකඩ හොරා?පහත් තැනින් යයි ජලය ගලා. කාට කියන්නද මේවා. (නි)
නැතුවට නඩු...ගෙවල් වල බල්ලෝ, පූසෝ හදන නොනලටත් නඩු දමනවානම් තම හොද. අනේ කාටද දන්නේ නැහැ පිස්සු. (දී)
මෙම ගහැනු දරුවා ටිකක් ඇහැට කනට පෙනෙන නිසා ඇයව නිතරම කරදරයට පත් කරමින් කවුරු හෝ ලිංගික අල්ලසක් බලාපොරුතුවනවදැයි කියා සැකයක් ඇතිවනවා (අ)
අපි නම් මෙයා ගැන කියවන්න කැමති නැහැ (නි)
ඔන්න නයාට ගහලා පොල්ල නම් වරද්දාගන්න එපා (නි)
ටෙලි නාට්‍යයකට කියාපු කතා වස්තුව (නි)
සදාදර නයෝ ඔබේ නඩුව ඇහු දිනය, ඇයි දෝ මෙසේ ප්‍රමාදෙන් වේගේ (ස)
හිසාවක් දූෂණයක් වෙයිද කියලා නයා සාක්කි දෙද්දී බලාගන්න පුළුවන් (නි)
වත්සලා, මේ කාන්තාවගේ රැකියාව රාත්‍රී සමාජ ශාලාවල නටන එකයි. ඔය කියන අල්ලස මුදලට විකුණන එකයි. (ස)
වත්සලා, මේ කාන්තාවගේ රැකියාව රාත්‍රී සමාජ ශාලාවල නටන එකයි. (නි)
කෝ අර කුඩු කන්ටේනර් එක? (නි)
වත්සලා ඔබ හරි. මෙච්චර වැරදි වෙන රටේ මේ වගේ බොරු දෙයකට දගලන්නේ රුවන් වගේ රස්සාවෙන් මිනිස්සු මනින කුහක මිනිස්සු වෙන්නද ඕන. රුවන් ඇය කරන්නෙත් රස්සාවක්. මිනිස්සුන්ව බාල්දු කරන්න එපා. (නදී)
ඔයිට වඩා මිනීමැරුම්, මං කොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මත්කුඩු වගේ අපරාධ මේ රටේ කොච්චර නම් තියෙනවද ? ඔය ළඟ තියාගෙන ඉන්නවා කියන්නේ මුචලින්ද නාග රාජයා නෙවෙයිනේ. ඉතින් මොකටද ඔච්චරටම දඟලන්නේ. (ස)
නයි නම් කොච්චර ඉනනවාද (අ)
අයියෝ! අද මොකද නංගීගේ පින්තූරයක් දාලා නැත්තේ. (නි)
මේක සාමාන්‍ය කාරණයක් නොවේ. චෝදනා බරපතලයි. මේකට විශේෂ අධිකරණයක් පිහිටෙව්වත් කමක් නැහැ (නි)
ඒක ඇත්ත. එතකොට නයි නටවන අය කරන්නේ සත්ව හිංසාවක් නෙවෙයිද? මට නම් මේ නයි කතාව එපා වෙලා. (ස)
පුප්පා පෙනේ හොද... පෙන්නනු නුඹේ වැඩ... (නි)
අනේ ඒ නංගිගේ නයා එයාට දීලා, ඔයාලා ඔයාලගේ වැඩක් බලාගන්න. (ස)
කවුරු කවුරුත් නයි නටවන්න වගේ ට්‍රයි කරන්නේ.....ඔහොම යං..... (ස)
නීතියට ගරු කරමු.(නදී)
අදහස් දාපු හැමෝටම පිස්සු මට හැර ,නේද? අනේ වෙන වැඩ නැද්ද ඔයාලට (නි)
ලංකාවේ කොට්චර ප්‍රශ්න තියෙනවද, ඒක අතහැරලා කොහේ හරි වැඩකට නැති නයි ගැන නඩු අහනනවා... දෙයියෝ සාක්කි.... (ස)
වත්සලා ඔයාට පිස්සුද (අ)
මාධ්‍ය වලින් මෙයාට දැනටම අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීල තියනවා.කමෙන්ට්ස් දාන එකත් තේරුමක් නැහැ. (අ)