හැව්ලොක් රගර් කණ්ඩායමේ නායකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩගත් අවස්ථාවේ එම සිරුර ඔහුගේ සහෝදරියකද සහෝදරයෙක්ද අඳුනා ගත්හ. වළ කැපූ නගර සභා සේවකයෝ දෙදෙනාද පල්ලියේ සේවකයන් දෙදෙනාද අදත් පැමිණ සිටියහ.
ඉස්ලාම් සිරිතට අනුව සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයාද පැමිණ සිටියේය. සිරුර ගොඩගැනීම පෙරවරු 7.30ට ඇරඹී පෙරවරු 9.50 ට පමණ අවසන් විය. තම සහෝදරයාගේ සිරුර මිහිදන් කළ ස්ථානයේ එදා සිටවූ කොහොඹ ගස ඔහුගේ සහෝදරිය හා සහෝදරයා අඳුනා ගත්හ. එම ගස අඩි 12 ක් උසට වැඩී තිබුණි. වළ මැද සිටවා තිබූ කොහොඹ ගස ඉවත් කිරීමෙන් පසු වළ හෑරීම ආරම්භ විය.
එහි කානේෂන්, වතුසුද්ද ඇතුළු මල් ගස් වැටියක් එහි සිටවූ බව ඔවුහු කීහ. එවැනි මල් අදත් එහි තිබිණි. අඩි 3ක් 4ක් හාරද්දී සිරුර ඇති ලකුණු ලැබුණු බවත් සිරුර ගොඩගැනීමට පෙර ඉස්ලාම් සිරිතට ඉස්ලාම් මව්ලවිවරුන් යාඥා කළ බවත් සිරුර අවමංගල රියේ තැන්පත් කරද්දීත් යාඥා පැවැත්විණි.
එදා සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයා කී තොරතුරු අනුව සිරුර දකුණු ඇලයට හරවා තිබිණි. පිළිස්සී තිබූ සිරුර ඉටි රෙදි වලින්ද සුදු රෙදි මීටර් 11කින්ද දැවටූ බවත් මුහුණද වැසූ බවත් ඔහු කියා තිබිණි. සිරුර ගොඩගන්නා විටද සිරුර එසේම තිබිණි. ප්‍රධාන අධිකරණ නිලධාරී ජිත් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ වෛද්‍ය නිලධරයෝ කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වූහ.
පතුල නැති දිරා ගිය ලෑලි ආවරණයක්ද සිරුර සමග තිබුණි. එයද සිරුර තැන්පත් කළ තැනැත්තා කිවූ විස්තර හා සැසඳිණි. එම ස්ථානයේ පස් හා වැලි සාම්පල්ද පරීක්ෂණයට ලබාගත්තේය.
තාජුඩීන් ඝාතන පරීක්ෂණය අපක්ෂපාත ලෙස සිදුකර සාධාරණය ඉටු කරන්නැයි ප්‍රදේශවාසීහු පිරිසක් මුස්ලිම් පල්ලිය අසල නිහඬ උද්ඝෝෂණයක්ද කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඝාතනයක් නම් එම ඝාතනය සිදුකළ හැකි පුද්ගලයන් රාශියක් සිටිය හැකියි නමුත් කිසිම පරීක්ෂණයක් නැතිව එක් පාර්ශවයක් දෙසට ඇඟිල්ල දිගුකිරීම ඉතාම බොළඳ වැඩක් එය තනිකරම දේශපාලන වාසි ගැනීමට කරනා ඉතාම පහත් උත්සාහයක් . (බ)
මෙය සාමාන්‍ය කෙනෙකු අතින් සිදු වුණ නම් කවදාවත් පොලිසිය මෙය අනතුරක් සේ දිස්වීමට කටයුතු කරන්නේ නැත, කළ කම් කොහොමත් පලදෙනවා (ම)
මේ අපරාධ කළවුන්ට මේ වගේම දඬුවමක් තමයි දෙන්න ඕනෑ වේදනාව කියන එක දැනෙන්න. (නි)
මෙහි වැළළුණු සත්‍යය ඉක්මණින්ම දැනගන්න ලැබේවා! (නි)
බලනකොට මේ රටේ ජීවත්වෙන්නේ තිරිසනුන්ටත් වඩා අන්ත දුර්ජන රකුසන් පිරිසක්. නැත්නම් පුලුවන්ද මෙහෙම මිනිස්සු මරන්න? (නි)
88,89 කාලයේ ඒවාත් හොයන්න ඕනෑ.බටලන්ද අපිට තාම මතකයි.දේශපාලන වාසි ගන්න එක හරි නැහැ නේද? (නි)
ඔවුන්ගේ හිත් වලට මොනතරම් නම් දුකක් දැනෙනවා ඇද්ද? (නි)
පරීක්ෂණ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබේවායි පතනවා.(ම)
සාධාරණයක් ඉටුකරන්න (නි)
අපරාධකරුවන්ට විරුද්ධව වසීම් තජුඩීන් නිහඬ සාක්ෂි දෙනු ඇත (නි)
මහා දුකක් දැනෙනවා. ඔහුගේ මළ සිරුරට හෝ සාධාරණය ඉටු වේවා! සැබෑ මිනී මරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි. මේ අපරාධ මෙතනින් නවතින්න නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.(ම)
මේවා නරක වැඩ මිනිත් විකුණනවා (බ)
දෙවියන් අවදියෙන් සියල්ල බලා සිටියි. සාධාරණයක් ඉටුවේවා! (නි)