IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නෑයෝ දේහය හඳුනාගනිති

හැව්ලොක් රගර් කණ්ඩායමේ නායකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩගත් අවස්ථාවේ එම සිරුර ඔහුගේ සහෝදරියකද සහෝදරයෙක්ද අඳුනා ගත්හ. වළ කැපූ නගර සභා සේවකයෝ දෙදෙනාද පල්ලියේ සේවකයන් දෙදෙනාද අදත් පැමිණ සිටියහ.

ඉස්ලාම් සිරිතට අනුව සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයාද පැමිණ සිටියේය. සිරුර ගොඩගැනීම පෙරවරු 7.30ට ඇරඹී පෙරවරු 9.50 ට පමණ අවසන් විය. තම සහෝදරයාගේ සිරුර මිහිදන් කළ ස්ථානයේ එදා සිටවූ කොහොඹ ගස ඔහුගේ සහෝදරිය හා සහෝදරයා අඳුනා ගත්හ. එම ගස අඩි 12 ක් උසට වැඩී තිබුණි. වළ මැද සිටවා තිබූ කොහොඹ ගස ඉවත් කිරීමෙන් පසු වළ හෑරීම ආරම්භ විය.

එහි කානේෂන්, වතුසුද්ද ඇතුළු මල් ගස් වැටියක් එහි සිටවූ බව ඔවුහු කීහ. එවැනි මල් අදත් එහි තිබිණි. අඩි 3ක් 4ක් හාරද්දී සිරුර ඇති ලකුණු ලැබුණු බවත් සිරුර ගොඩගැනීමට පෙර ඉස්ලාම් සිරිතට ඉස්ලාම් මව්ලවිවරුන් යාඥා කළ බවත් සිරුර අවමංගල රියේ තැන්පත් කරද්දීත් යාඥා පැවැත්විණි.

එදා සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයා කී තොරතුරු අනුව සිරුර දකුණු ඇලයට හරවා තිබිණි. පිළිස්සී තිබූ සිරුර ඉටි රෙදි වලින්ද සුදු රෙදි මීටර් 11කින්ද දැවටූ බවත් මුහුණද වැසූ බවත් ඔහු කියා තිබිණි. සිරුර ගොඩගන්නා විටද සිරුර එසේම තිබිණි. ප්‍රධාන අධිකරණ නිලධාරී ජිත් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ වෛද්‍ය නිලධරයෝ කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වූහ.

පතුල නැති දිරා ගිය ලෑලි ආවරණයක්ද සිරුර සමග තිබුණි. එයද සිරුර තැන්පත් කළ තැනැත්තා කිවූ විස්තර හා සැසඳිණි. එම ස්ථානයේ පස් හා වැලි සාම්පල්ද පරීක්ෂණයට ලබාගත්තේය. 

තාජුඩීන් ඝාතන පරීක්ෂණය අපක්ෂපාත ලෙස සිදුකර සාධාරණය ඉටු කරන්නැයි ප්‍රදේශවාසීහු පිරිසක් මුස්ලිම් පල්ලිය අසල නිහඬ උද්ඝෝෂණයක්ද කළහ.



අදහස් (0)

නෑයෝ දේහය හඳුනාගනිති

සාගර Monday, 10 August 2015 09:22 AM

මෙය ඝාතනයක් නම් එම ඝාතනය සිදුකළ හැකි පුද්ගලයන් රාශියක් සිටිය හැකියි නමුත් කිසිම පරීක්ෂණයක් නැතිව එක් පාර්ශවයක් දෙසට ඇඟිල්ල දිගුකිරීම ඉතාම බොළඳ වැඩක් එය තනිකරම දේශපාලන වාසි ගැනීමට කරනා ඉතාම පහත් උත්සාහයක් . (බ)

:       0       0

ජයමහ Monday, 10 August 2015 09:35 AM

මෙය සාමාන්‍ය කෙනෙකු අතින් සිදු වුණ නම් කවදාවත් පොලිසිය මෙය අනතුරක් සේ දිස්වීමට කටයුතු කරන්නේ නැත, කළ කම් කොහොමත් පලදෙනවා (ම)

:       0       0

සෑම් Monday, 10 August 2015 03:21 PM

මේ අපරාධ කළවුන්ට මේ වගේම දඬුවමක් තමයි දෙන්න ඕනෑ වේදනාව කියන එක දැනෙන්න. (නි)

:       0       0

යසීර් Monday, 10 August 2015 04:47 PM

මෙහි වැළළුණු සත්‍යය ඉක්මණින්ම දැනගන්න ලැබේවා! (නි)

:       0       0

රූපවතී Monday, 10 August 2015 06:03 PM

බලනකොට මේ රටේ ජීවත්වෙන්නේ තිරිසනුන්ටත් වඩා අන්ත දුර්ජන රකුසන් පිරිසක්. නැත්නම් පුලුවන්ද මෙහෙම මිනිස්සු මරන්න? (නි)

:       0       0

ජයන්ත Monday, 10 August 2015 10:14 AM

88,89 කාලයේ ඒවාත් හොයන්න ඕනෑ.බටලන්ද අපිට තාම මතකයි.දේශපාලන වාසි ගන්න එක හරි නැහැ නේද? (නි)

:       0       0

අයේෂා Monday, 10 August 2015 10:21 AM

ඔවුන්ගේ හිත් වලට මොනතරම් නම් දුකක් දැනෙනවා ඇද්ද? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 10 August 2015 07:09 AM

පරීක්ෂණ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබේවායි පතනවා.(ම)

:       0       0

සමීර Monday, 10 August 2015 11:09 AM

සාධාරණයක් ඉටුකරන්න (නි)

:       0       0

කීර්ති Monday, 10 August 2015 07:55 AM

අපරාධකරුවන්ට විරුද්ධව වසීම් තජුඩීන් නිහඬ සාක්ෂි දෙනු ඇත (නි)

:       0       0

ගාල්ලගේ නිසංක Monday, 10 August 2015 08:16 AM

මහා දුකක් දැනෙනවා. ඔහුගේ මළ සිරුරට හෝ සාධාරණය ඉටු වේවා! සැබෑ මිනී මරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි. මේ අපරාධ මෙතනින් නවතින්න නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.(ම)

:       0       0

නාලක ජයවර්ධන Monday, 10 August 2015 01:08 PM

මේවා නරක වැඩ මිනිත් විකුණනවා (බ)

:       0       0

චිත්‍රා Monday, 10 August 2015 09:11 AM

දෙවියන් අවදියෙන් සියල්ල බලා සිටියි. සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site