ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධූරයට පත්ව වසරක් සැමරීම නිමිත්තෙන් නිල ගීතයක් හඳුන්වා නොදුන් බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා කියයි.
ඇතැම් යූ ටියුබ් ඇතුළු වෙබ් අඩවි හා සමාජ ජාල මගින් එවැනි අදහසක් දීමට උත්සාහ ගෙන ඇතැයි නිවේදනයක් මගින් අබේකෝන් මහතා පවසයි.
‘නුඹ අපේ මිනිහෙක්‘ යනුවෙන් අමිල තේනුවර රචනා කළ ගීතය දර්ශන රුවන් දිසානායකගේ සංගීතයෙන් සමූහ ගායනයක් ලෙස අන්තර්ජාලයෙන් අසන්නට ලැබේ. නුඹ අපේ මිනිහෙක් යන ගීතය ජනපති ගේ හෝ ජනපති කාර්යාලයේ හෝ අනුදැනුමකින් තොරව ප්‍රචාරය වෙතියි ජනපති ලේකම් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූ ටියුබ් එකේ නෝන්ඩි වුන එකම සින්දුව,,(කෞ)
තමං කොළා නම් ඒක බාර ගන්න කොන්දක් තියෙන්න ඕන.ඕක තමයි වග වීම කියන්නේ. ඒක යහපාලනයේ මූලික ධර්මයක්. බලන කොට මෙයාට ඇමති කාලේ තිබිල තියෙන්නෙ බාධක විතරයි. ඒ නිසාලු වැඩක් කරල නැත්තෙ. දැන් කරන්නෙත් ඒක මයි. ඒකාලෙ අගමැති නොලැබෙන්න හේතුව දැන් තේරෙනවා නේද? (බ)
බලනකොට මේ රටේ වෙන මොකුත් එයාලා දන්නේ නැහැනේ. (නි)
නුඹ අපේම මිනිසෙක්.(හේ)
කවුරු වුණත් තම තමන් පුප්පවා ගන්න කරන වැඩ වලින් වෙන්නේ මහජන අප්‍රසාදය වැඩිවෙන එක තමයි. නිශ්ශබ්දව රටට වැඩක් කරන්න. (නි)
අපේ රටේ මිනිස්සු දරුවන්ට නම් දැමීම හැමදාම කරන්නේ වැරදි විදිහට . ගුණපාල කියල දැම්මොත් උගේ කිසිම ගුණයක් නැහැ. ධනපාල කිව්වොත් ඒ මිනිහ ළඟ සතයක්වත් නැහැ . අනිත් ප්‍රසිද්ද නම් වලත් තත්වය එහෙමම තමයි. (බ)
අනේ ඉතින් සින්දුවක් නැතුව ඔය සැමරුමේ කිසි ගතියක් නැහැනේ. (නි)
මහින්දගේ කාලේ මේ වගේ දේවල් ඔක්කොම එතුමා නොදැන සිදුවුනේ නැහැ. මම දන්නේ නැහැ කියලා කිව්වෙත් නැහැ. (ර)
මේකට වියදම් වුණේ පුද්ගලික මුදල් නෙමෙයිනේ. ජනාධිපතිතුමාගේ අනුදැනුමක් නැත්නම් කව්රුහරි වන්දිබට්ටෙක් ලකුණු දාගන්න මහජන මුදලින් කළ දෙයක්නේ. මේ වගේ ගීතයක විෂුවල් එකත් එක්ක කරන්න කෝටි ගණනක් යනවා. මේක කරපු කෙනා හොයලා නඩු දාලා එම මුදල් අයකරගන්න (නි)
මේ තරම් ජනප්‍රිය නායකයෙක් ලෝකයේ නැත. ඉහත සියලු අදහස් කියවා බලන්න.... (නි)
මං තාම අහලා නෑ ඒ සිංදුව. (ර)
මොකුත්ම දන්නේ නැනේ. (ර)
අපි නොදන්න සින්දු .....(ම)
කවුරුත් පරණ සින්දුවම තමයි කරන්නේ. මේ වගේ ප්‍රශස්ති ගී ගයා පාලකයන් රවටනවා. (නි)
මම නම් අපේ කියලා පිළිගන්නේ නැහැ. මේක මගේ පුද්ගලික අදහස (නි)
ඔය සින්දුවට වඩා අප්පච්චි සින්දුව දහස් ගුණයක් හොදයි. (ර)
හැමදාම කිව්වේ ඔච්චරයි. “මම දන්නේ නැහැ...“ (නි)
ඉතින් ඇයි මීට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගන්නේ? (නි)
ඔයා නම් අපේ මිනිහෙක් නෙමේ කියල අපි දැන ගෙන හුගක් කල් (බ)
මම නම් මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ (නි)
මේක හදපු කෙනාට විරුද්ධව නඩු දාලා ඒ මුදල් අයකර ගන්න. ලොකු දඩයකුත් ගහන්න. මේක කරන්නේ ඇත්තේ කවුරුහරි ලකුණු ටිකක් දාගන්න. ලොකු දඩයක් ගහලා වියදම් වුණ මුදලුත් අයකර ගත්තා නම් කිසිම කෙනෙක් මිනිසුන්ගේ සල්ලි වලින් ලකුණු දාගන්න යන එකක් නැහැ. අනාගතයටත් එක්ක හොඳ පාඩමක් වේවි. (නි)
මේ මහජන මුදල් නාස්තිය කළ අය තාමත් නිදැල්ලේ ඇති. වහාම ඔහුව අත්අඩංගුවට ගන්න. ඔහු මේ සින්දුව කළේ ඔහුගේ පුද්ගලික මුදලින් නම් ප්‍රචාරණය කළේ පුද්ගලික මුදලින් නම්, එහෙනම් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. (නි)
වගකීමෙන් ආරක්ෂාවීම! (නි)
ඉස්සර රජයේ රූපවාහිනී වල මහින්දවම පෙන්වනවා කියලා ලොකුවට කෑගැහුවා. දැන් දවසම පෙන්වන්නේ මොනවද දන්නේ නැහැ (නි)
ඔබ ගැන අපි දනිමු (නි)
මමත් දන්නේ නැහැ කිසිම දෙයක් (නි)
මේ කරන වැඩවලින් අපේ මිනිහෙක් නෙමෙයි කියල හිතෙනවා. අද සංවර්ධනය 5% . ලබන අවුරුද්දෙදි 3% විතර වේවි. (බ)
රටකට ඇති වූ අපමණ අගයක්. (බ)
අශෝකගේ නම් වල තේරුම් කතාව නම් නියමයි. (නි)
බඩු මිල ඉහළ ගියාට මොකද? අපි සින්දු අහමු. එතකොට අපේ බඩත් පිරෙයි, අපේ පොඩි දරුවන්ගේ බඩවලුත් පිරෙයි නේද? (බ)
මඩු වලිගෙන් තලන එකනේ ඇත්තේ (බ)
අපි තේරුම් අරගෙන ඉවරයි ගොඩක් දේවල් (නි)
මේ තියෙන අදහස් දැක්කහම බුදු හාමුදුරුවෝ මාගන්දිය කතාවේ මාගන්දිය ගැන කියූ දෙය මතක් වෙනවා. අදටත් ගැළපෙන කතාවක්. (නි)
දෙවියන් විසින් ගයනා කරනු ලබන නුඹ අපේ මිනිසෙක් ගීතය අසා සියතැන මෛත්‍රීපාල ජනපතිට දී පරාක්‍රම සමුද්‍රය අසල වැඩ උන් පරාක්‍රමබාහු නිරිදුන් පලා යයි..(ම)
හැමදාම මන් දන්නේ නෑ මන් දැනන් හිටියේ නෑ හිටන් කියන්නේ නැතුව ඕවට මුකුත්ම නොකියා හිටියා නම් මිට වඩා හොඳයි (ම)
අනේ මන්දා! අපි ඕවට නැහැ ඔන්න (නි)
මේවට මොනවා කියලා කියන්නද අපි? (නි)
අර ගෑනු ළමයෙක් නට නටා කියන අයිබෝන් මහරජා සින්දුවම කිව්වනම් තමයි ලස්සන. (කෞ)
අමුතුවෙන් සින්දු ඕනෑ නැහැ, අපි දන්නවා (නි)