
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 13 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියම කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අධිකරණය පෙනී සිටි අතර විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල පෙබරවාරි මස 13 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළේය .
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාමල්ට එරෙහි නඩුවකට දින දෙයි
ACHINI Thursday, 05 September 2024 05:51 PM
නිදොස් කොට නිදහස්... 100% ක් විශ්වාසයි.
විජිත් Thursday, 05 September 2024 07:01 PM
ලබන අවුරුද්ද වෙනකොට මුළු ලංකාවම වෙනස්වෙලා හොරුන් එක එකා අල්ලලා හිරේ දාන කාලය ඇවිල්ලා. මෙයා කෙලින්ම බලු කූඩුවට...!!!
ගමේ එකාලා Thursday, 05 September 2024 07:15 PM
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා රටම හොරාකාලා බන්කොලොත් කරපු දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදී, කාලකන්නි පවුල් පාලනේ හොර පෙරකදෝරුවන් ගැන දන්නෝ හොඳාකාරවම දනිති...
Perera Friday, 06 September 2024 12:36 AM
මෙයාලාගේ නීතිඥ ලෝගුවක් ගලවන්න ඕන.... වංචාවෙන් නීති විභාගයෙන් සමත්කළේ
Lakmal - Katunayaka Friday, 06 September 2024 10:02 AM
මේකනම් ජීවිතාන්තය දක්වා හිරේ දාන්නම ඕනේ එකෙක් .මූව හිරේ දාන්න පුළුවන් නායකයෙක් බිහිවෙනවානම් ලංකාව හරි මගක යනවා කියලා හිතන්න පුළුවන්
Kazi Shajahan Friday, 06 September 2024 03:17 PM
නාමල්ට මිලියන 15 කියන්නේ මොන ගාණක්ද? එයාගේ ළමයා දාන සපත්තුවක්ම ලක්ෂ 3.5ක් වෙනවනේ...!