හෙලෝ කෝප් ආයතනයේ හා එන්.ආර් කන්සල්ටන් සමාගම් වලින් රුපියල් මිලියන 45 ක අයථා මුදල් ගණු දෙණුවක් කළැයි එෆ්.සී.අයි.ඩී ය විසින් මුදල් විශුද්ධි කරණය යටතේ පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (01) විභාගයට ගැනිණි.
සැකකරුවන් 6 දෙනා අතරින් විදේශගතව සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන සැකකරුවන් දෙදෙනාට නැවත් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළ අතර නඩුව දෙසැම්බර් 8ට කල් තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
මෙම සමාගම් වල ගුවන් සේවිකාවක හා අධ්‍යක්ෂක වරියක් වූ නිත්‍යා සේනානි සමරනායක, විධායක නිලධාරිනියක වූ සුජානි බෝගොල්ලාගම හා නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවෝ 4 දෙනෙකු දැනට ඇප මත මුදා හරිනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේවා, ඔයා වගේ නොදන්නා අය තමයි පළිගන්නවා කියලා කෑගහන්නේ. (නි)
මුදල් ගනුදෙනුව වෙලා තියෙන්නේ සමාගම් දෙකක් අතර නේද? මහජන මුදල් කොල්ලකාලා නැහැනේ
මොකුත් කොල්ලකෑවේ නැතිවුණාට කමක් නැහැ. මහින්දට ගෑවුණු කෙනෙක් නම් උසාවි ගානේ රස්තියාදු වියයුතුයි. ලංකාවේ ලොකුම මහා බැංකු බැඳුම්කර මංකොල්ලය ගැන එක්කෙනෙකුගෙන්වත් කට උත්තරයක්වත් ගන්නේ නැහැ. (නි)
හේවා, රැකියාව කරන්නේ ලෝන්ඩරියකද? (නි)
දන්නා විදිහට ඔය සමාගම් ඔක්කොම අයිති නාමල් ට. ඉතුරු ටික හිතා ගන්න (බ)
හේවා, සමාගම් වල මේ තරම් මුදල් යොදවන්න තරම් ආදායම් මාර්ග ඔප්පු කරන්න බැරි විමනේ ගැටලුව! නඩු කල් යනවා වැඩිද මන්ද! (හේ)
මේ කරලා තියෙන වැරැදි වලට අළුතින් දඩුවම් හදන්න වෙයි වගේ.(හේ)
හේවා නොදන්නා දේවල් වලට හොට දාන්නේ නැතුව හිටියනම් තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය වෙන්නේ නැහැ නේද. (බ)
හේවා, ජනතාවගේ මුදල් නෙමෙයි, මේවා රජයේ මුදල්. මොහු නිකන් මන්ත්‍රීවරයෙක් පමණයි. මොහුට කොයින්ද මෙපමණ මුදල්? (නි)
නාමල්, යෝෂිත, ගෝඨා ආදී සියලු ප්‍රතිවාදීන් අල්ලා හිරේ දැම්මත් ඇති පලය කුමක්ද? රට දියුණු වෙනවද? ඇමරිකාවට රට බිලිවෙන එක නතර වෙනවද?කොටි හිස ඔසවන එක සිදු නොවෙනවද? රට අගාධයට යන එක අවසන් වෙනවද? (නි)
අසාම් හරි. (නි)