නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයන ‘වයිෆයි‘ කලාප සක්‍රිය කළ මාර්තු 30 වැනිදා සිට දින පහකදී ග්‍රාහකයින් 1693 දෙනකු එහි ප්‍රතිලාබ හිමිකර ගත් බවට දත්ත ලැබී ඇතැයි තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර ගවෂ්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.
රටපුරා සක්‍රිය කළ වයිෆයි කලාප විසිහයෙන් මෙම දත්ත ලැබී ඇත. මේ අය මෙගා බයිට් 41,701 ක් පරිහරණය කර ඇත.
යාපනය පුස්තකාල පරිශ්‍රයේදී පනස්දෙනකු වයිෆයි ප්‍රතිලාභය ලබා ඇත. වයිෆයි කලාප වැඩිම සංඛ්‍යාවකින් ප්‍රතිලාභ ලබාගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ජනතාව බවටත් හෙළිදරව් වී ඇත.
මාර්තු 30 දා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ප්‍රථම වයිෆයි කලාපය සක්‍රිය කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩසටහනේ පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස වයිෆයි කලාප සක්‍රිය කෙරුණි. තවත් වයිෆයි කලාප දහසක් අගෝස්තු මාසය තුළදී සක්‍රිය කිරීමට ක්‍රියාකරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් හම්බ වෙන අශ්වයාගේ දත් ගනින්න එපා කියලා කතාවක් තියෙනවානේ (දිල්)
මම ඉන්නේ කුරුණෑගල මෙහෙටත් වයි.ෆයි තියෙනවද? (බ)
ලාබය රුපියල් පහයි කියලා ගණන් හදපු අයට වයිෆයි වලින් අන්තර්ජාලයේ යනකොට බැටරි බලය ඉතුරු වෙනවා කියලා ගණන් හදන්න අමතකවෙලා (නි)
විනාඩි 15ක් 20ක් යනකොට මාසෙටම දීපු 100 mb ඉවරවෙනවා.. මේ හම්බවෙන ප්‍රමාණය මාසෙන් බෙදුවහම දවසට 3.5 mb එකෙන් කරන්න පුළුවන් මොනවාද කියලා හිතලා බලන්න.. (ම)
මෙගාබයිට් 40000 ක් කියන්නේ ගිගාබයිට් 40ක් විතර. ගිගාබයිට් 1කට රු.100ක් දැම්මොත් රු 4000ක් ආණ්ඩුවේ වියදම? (නි)
හොඳදේට හොඳයි කියන්න පුරුදුවෙමු. (නි)
ගිගාබයිට් 40ද තාම පාවිච්චි කරල තියෙන්නෙ? අනේ දෙයියනේ (ස)
වයි ෆයි කියන්නේ මට නම් මහ ලොකු දෙයක් නෙමෙයි. මෙගාබයිට් 100කින් මොනවා කරන්නද? (නි)
මෙව්වා තමයි යහපාලනේ කියන්නෙ...(බ)
දැන් ඉතින් දෙමව්පියන්ට ලමයින්ව රට වටේ හොයන්න යන්න ඔින වෙන්නේ නෑ. ඉන්න තැන දන්නවා. ගෙදරට වැඩි ගාණක් ගෙවලා ඉන්ටනෙට් ගන්න ඔීනත් නෑ.(දිල්)
එක් අයෙකු සාමාන්‍ය පාවිච් කරන්නේ MB 25ක් විතර. ලංකාවෙ MB එකක් සත 20 යි.ඒ අනුව ඒක පුද්ගල ප්‍රතිලාභය රුපියල් 5 යි.(දිල්)
චිරාන් ඒ ජීපීආර්එස් තියෙන කාලේ මෙගා බයිට් 100 ත් මදි (බ)
වයි ෆයි භාවිතය පිළිබද දැනුවත් කිරීමකුත් අවශ්‍ය වෙයි. බ්ලොග් කියවන, පොතපත හැදෑරීම, නිර්මාණකරණය, ගවේෂණය වගේ දේවල් ගැන දැනුවත් කරන එකෙන් ලොකු වැඩක් වෙයි රටටම. (නි)
දියුණුවෙමින් යන ලෝකයක මෙවන් දේවල් අත්‍යවශ්‍යයි (නි)
දැන් බැරියැ පිවිතුරු යහපාලට සහ සුමුදු හේවාට ආණ්ඩුවට පලුයන්න බනින වැඩේ ආණ්ඩුවේ උදව්වෙන්ම කොටුවේ ස්ටේෂන් එකේ දවසම නැවතිලා හරි ලේසියෙන්ම කරන්න. (නි)
වේගයෙන් ඉදිරියට යන තාක්ෂණයත් සමඟ අපද ඉදිරියට යායුතුයි (නි)
21 වන ශතවර්ෂයට අප රැගෙන ගියාට පළමුව අපි අපේ රජයට ස්තූතිවන්ත වියයුතුයි (නි)
උද්ඝෝෂණ කරන කට්ටියට වාසි ජනතා විමුක්ති පෙරමුණට කොටුව ඉස්ටෂ්න් හෙකේ නතර වෙන්න පුළුවන් දැන්..(ම)
වයි ෆයි බලාගෙනම ඉඳපල්ලා (බ)
ඉන්ටර්නෙට්,වයිෆයි මේ පහසුකම් කොයි තරම් තිබුනත් මේවා භාවිතා කිරිමෙදී ආකල්පමය වශයෙන් දියුණුවක් හා දැනුවත් වීමක් තිබිය යුතුයි.(බ)
මට නොමිලේ එපා. සල්ලිවලට ADSL හරි 4 G සම්බන්ධතාවක් හරි දෙන්න. මම ඉන්නේ අනුරාධපුර පූජා නගරේ.මට සල්ලි දීලවත් මේ සම්බන්ධතාවක් ගන්න බැහැ. ඒ පහසුකම් නැති නිසා. මේ නිසයි මේවා සංවර්ධනය කළ යුත්තේ. මිනිස්සු නොමිලේ ඉන්ටර්නෙට් ඉල්ලුවෙ නැහැ. නොමිලේ දිය යුතුත් නැහැ. (බ)
යහපත්දේට යොදාගන්නවා නම් කවදාවත් අවැඩක් වෙන්නෙ නැහැ (නි)
අද සමාජයේ යහපත් දේ අයහපත් දේ හඳුනාගන්න බැරි කට්ටියකුත් ඉන්නවා. (නි)
නොමිලේ දෙනවා නම් ඉතින් අපේ අයට මොනවා වුණත් කමක් නැහැනේ! (නි)
මම හිතන්නේ නැහැ ඕක කළ කිසිකෙනෙක් 'හැකර්ලා' ගැන කල්පනා කරන්න ඇති කියලා (නි)
100 මදි දවසට මෙච්චරයි වියදම මෙච්චරයි කියන එක නෙමෙයි වැදගත් ආරම්භය තමයි වැදගත් කිසිම කෙනෙක් ඉපදුන ගමන් ඇවිද්දේ නැහැ නේද ටිකෙන් ටික දියුණු වෙයි ලංකාවටම විදුලි බලය එක පාර දුන්නේ නැහැනේ වසර ගානක් ගියෙනේද ඒ වගේ කාලයක් යාවි.(ස)
නොමිලේ......... එකනම් සහතික ඇත්ත.(ම)
නිකන් දෙනවනම් ඔලුව කැක්කුම හරි කමක් නැහැ ගන්ටයි කියලා තියෙනවනේ. (ම)