හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පිළි ගැනීම සඳහා බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලන්සා දෙදහසකට ආසන්න පිරිසක් සමඟ කටුනායක ගුවන් තොටට පැමිණි සිටී.
ගුවන්තොපොළේ මගීන් පැමිණෙන පැත්තට යෑමට තමාට අවසර නුදුන්නැයි ඔහු කියයි.
මහජන නියෝජිතයකුට ගුවන් තොටුපොළට ඇතුළු වීමට ඉඩ නොදීම ගැන මානව හිමිකම් නඩුවක් පවරන බව ද ඔහු සඳහන් කරයි.
ගුවන් තොටුපොළ ලොබියට ඇතුළු වන ප්‍රධාන දොරටුව වසා ඇත.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් ලංසා හා බැසිල් ගැන කවර කතා ද ? (ස)
අනේ මෙහෙමත් මිනිස්සු මෙයාලව පිලිගන්නත් යනවා (ස)
කටිටිය බතල ටිකක් ඉන්දුවනම් හොඳයි (ස)
හිතාගන්න බෑ මොනවද වෙන්නේ කියල. මේ මිනිස්සුන්ට අැයි කවුරුත් මොනවත් කරන නැත්තේ මෙච්චර කොල්ලකලත්. (අ)
මැටිපහන, ඔබ කියනදේ හරියටම හරි . රටේ යුද්ධය අවසාන කරපු එකේ ගෞරවය හිටපු ජනපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදා සහ පොලිසියට හිමිවිය යුතුයි. ඒකේ තර්කයක් නැහැ. ඒ ගෞරවය හැමදාම තියාගන්න ඒගොල්ලෝ දැනගන්න ඕනෑ. ඔක්කොම "හොඳ" එක්කෙනුකේ ගිනුමටත්, "නරක" එයා වටේ ඉන්න අයටත් බෙදලා හැමදාම බොරුවෙන් රජකරන්න බැහැ (අ)
මහින්ද කියනවා ඉස්සර ගෙදර අවාම බිම වාඩිවෙන මන්ත්‍රීලා වැරදි කරපුවාම බේරපු එක එයා කරපු වැරද්දක් කියල. එතකොට මේ පිළිගන්න බලාගෙන ඉන්න මහත්තයව කුඩු පලහිලව්වකට ගෙදර වටලපු වෙලාවේ එයාව බේරගන්න හිටපු ජනාධිපති ගෙදර ගිහින් බදාගත්තා තාම මතකයි. ඉතින් විමල් කොහොමද කියන්නේ සහෝදර ප්‍රේමය ඉස්මතු වෙන්නේ නැහැ කියල. (බ)
දැන් ඔක්කොම ගිණුම් ටික හොයන්න බැරිවෙන්න හදල එන්න ඇති (බ)
මහජන නියෝජිත යකුට ගුවන් තොටට ඇතුල්වීමට නොදුන්නයි කියා ඔහු නඩු පවරන්නේ නම් ඒ දවස්වල ඔහුගේ නිවසේ මොනවාද තිබුන කේස් එක නැවත ක්‍රියාත්මක කලයුතුයි. (ස)
මෙතුමා නැතුව ලංකාවේ සංවර්ධනය නැවතිලා. අපිට සතුටක් ඔබ තුමා නැවත ආපු එක. (බ)
එකට වැඩ කරපු අය යන්නම ඕනෙ පිළිගන්න. (බ)
ඡන්දෙ පැරදුන ගමන් රට පැන්න අයගෙ මොනවා පිළිගන්නද? (බ)
එක ජාතියෙ කුරුල්ලෝ එකට ලගී. (බ)
ජනක ඔයා ඔය ලොකුවට කියවන්නේ සදාචාරයක් නැති හොරු මගේ නමින් තොග පිටින් දමපු ව්‍යාජ අදහස් ගොන්නක් මගෙයි කියලා හිතාගෙනයි. කරුණාකරලා ඒවා ගැන ඔයාගේ ප්‍රතිචාරත් ඒ හොරුන්ට ම භාර දෙන්න. මම ඒවා භාර ගන්නේ නැහැ. (බ)
ඇයි මිනිස්සු මෙච්චර නිවට? (බ)
සෙනග අරගෙන ගියාට කමක් නැහැ සාමාන්‍ය ගුවන් මගීන්ට කරදර නොකර. (බ)
යනකොට යන්නේ පැදුරටත් නොකියා. අපේ සමහරු එනකොට යනවා සෙනගත් අරගෙන පිළිගන්න. අනේ මේවා කාටද කියන්නේ? (බ)
රාජාණ්ඩු කාලේ මානසිකත්වය තාම මෙයාට තියෙන්නේ. ඒකනේ පිරිවර සේනාව රැගෙන පිළිගන්න යන්නේ. (බ)
කෝ මේ යහපාලනය? අල්ලස් කොමිසම ඔතනින්ම අල්ල ගත්තනම් නේද හොද? අඩු ගානේ එකෙක් වත් ඉන්නවා කියන්න. ලෝකෙන් කොහෙන් හරි අල්ල ගන්නවා කීවේ . ඔය අාවේ දැන් මොකද සද්ද නැත්තේ? (බ)
මැටි පහන... ඔබේ නම හා අදහස් සැම අතින්ම ගැලපේ (ම)
දේශපාලනය යනු සාන්තුවර රංගනයක් නොවේ (ම)
කුඩු පලහිලව්වකට ගෙදර වටලපු කෙනාද මේ? දැන්නේ තේරෙන්නේ මොකාටද එන්න හදන්නෙ කියලා.(බ)
ප්‍රදීප්, මම හිතන්නෙත් ඔබට හිතන දේම තමයි (බ)
ලකුණු දාගන්න ගිහින්ද කොහේද? අනේ කාට කියන්නද? (බ)
මැටිපහන, ඔබ කී දෙය හා මම 100% ක් එකඟයි. මහින්ද බබා වෙනකොට නලවන්න හදන අය, කුඩු රජවරු සාන්තුවරයින් කරන්න හදන අය ආදී රාජපක්ෂලාට තවදුරටත් කඩේ යන හැමෝම පහුගිය දුර්දාන්ත පාලකයින්ගේ බත් ගොට්ටන් ලෙස කිසියම් හෝ වරදානයක් ලබාගත් දීන මිනිසුන් බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුයි. (බ)
බුදුඅම්මෝ ආයිත් සංවර්ධනය පටන් ගන්න වගේ යන්නේ. (ස)
“මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රභලයකු වූ ඔහු පිළිගැනීමට එම රජයේ සිටි පුද්ගලයන් කිසිවෙක් පැමිණ සිටියේ නැත.“ කියලා මම දැක්කා තව නිවුස් එකක්. (ස)
ඔව් ඔව් ඒ පලහිලව්ව තිබුනු කෙනා තමයි මෙයා. (ස)
සුමුදු හේවා එකත් එකටම මල් මාලේ දාන්න ගිහින් ඇති. නැති නම් මෙලහකට මෙතන ලියන 10 ක් 15 ක් එක්ක හොට පටලවා ගෙන . (ස)
අබේසිංහ , නඩු අහන ක්‍රමයක් නීතියක් තිබෙනවා. ඔයගොල්ලන්ගේ ආණ්ඩුවෙන් වගේ කුදලාගෙන ඇදගෙන ගිහින් වැඩ පටන් ගන්න බැහැනේ. (ස)
සුමුදු හේවායි පිවිතුරු යහපාලයි දෙන්න ළමා සාරි ඇඳගෙන පිළිගැනීමේ ගීතය ගයන්න ගිහිල්ල වෙන්න ඇති . (ස)
උමේෂ්ගෙ කටට සිනි ටිකක් දාන්න හිතෙනවා. මට මේ හිනාව නවත්ත ගන්න බැරුව ඉන්නේ.(ස)
මහජන නියෝජිත කම පාවිච්චි කරන්නේ එක එක තැන් වලට රිංගන්න විතරයි වගේ මටනම් පේන්නේ. සෙනඟ 2000 ක් අරන් එතනට ගියාම අනික් මිනිසුන්ට මොන තරම් වදයක්ද? සුද්දෝ බලනවා ඇති මේ මොකක්ද මේ විකාරේ කියලා. පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති. (අ)
පොඩි පොඩ් ප්‍රශ්න තියෙන අය තමයි මේ වගේ පිලිගැනිම් වලට යන්නේ. එහෙම ගියා කියලා පාඩු නැහැ කියලා අතිත අද්දැකිමි වලින්ම දන්නවා ඇතිනේ. (අ)
මෙතුමා ගැන නම් මා අදහස් දක්වන්න යන්නේ නැත . (අ)
අයියෝ මහානාම! අදහස් ටිකක් දාන්නකෝ. මම ඒවා බලන්නමයි ආවේ. (අ)
බැසිල් බලයට අවොත් සමහර අයටනම් පරණ ව්‍යාපාරම ගෙනියන්න පුළුවන් (බ)
ප්‍රවේශපත්‍ර අරන්ද ගියේ ? (ත)
ආ ඔය ඉන්නේ සෙනඟ! (නි)
මහජන නියෝජිතයො පොදු මහජනතාවට කරදර හිරිහැර නොවෙන විධියට වැඩ කරන්න එපැයි. සෙනඟ අරගෙන එයාර්පෝට් ගියාම එතන ඉන්න සාමාන්‍ය ජනයාට මොනතරම් කරදරයක් වෙනවද? පුදුම ජනතා සේවකයෝ තමයි (ස)
මානව හිමිකම් යන්න වෙන දේවල් නැත්නම් හොඳයි. (ස)
කෝ කෝ කෝ අපේ සුමුදු හේවා ? ඔන්න ගොඩ එන්න නියම චාන්ස් එක. බැසිල් මහතා වැනි ධන කුවේරයෙක් ගැන ආඩම්බරයි කියල සුමුදු මෙතන ලියලා අත ගත්ත විතරයි. මල් මාලයක් අරගෙන ගියා නම් පරම්පරා හතක් ගොඩ ! (ස)
හොරු ටික තමයි ඉතින් හොරු පිළිගන්න යන්නේ. හොරකම් කිරීමේ ක්‍රියාදාමය කොයි තරම් ගැඹුරට ගිහිල්ලද කියල තේරුම් ගන්න පුළුවන් මේ අය දඟලන විදියට. මට නම් හිතාගන්න බෑ ඇයි තවමත් සමහරුන්ට මේක තේරෙන්නේ නැත්තේ කියල. මේ ආණ්ඩුවට දැවැන්ත ලෙස විරෝදය දක්වන කට්ටිය ගැන කොහොමටත් මහජනයාට ඇති ආකල්පය තමයි ඒ අය හොරුන්ගෙත් හොරු බව. මහින්ද යටතේ හිටපු දැවැන්තයෝ ඔක්කොම හොරකම් කල බව මිනිස්සු දන්නවා. පවුලේ කට්ටියත් හොරකම් කලා කියල මිනිස්සු දන්නවා. හැබැයි කොච්චර වුනත් මහින්ද හොරකම් කලේ නැතිලු. පුදුමාකාර තර්කයක් නේද මේක. මහින්ද පැරදුනේ එයාගේ වටේ හිටපු අය නිසාලු. මෙවැනි බොලඳ, වටේ ඉන්න කට්ටියව පාලනය කරන්න බැරි කෙනෙකුටද ආපහු රට බාරදෙන්න කියන්නේ. (ස)
රටේ තිබෙන නිදහසින් උපරිම ප්‍රයෝජන ගන්න හැටි. අපේ මිනිස්සුන්ට පහුගිය දේවල් ඉතා ඉක්මනින් අමතක වෙලා. ඒ බව දන්නා නිසා ටික කාලයකට මාරුවෙලා දැන් එනවා. අපේ මෝඩයොත් හුරේ දාලා පිළිගන්නවා. ටික දවසකින් මුකුත් වුනේ නැහැ වගේ පාරේ යාවි. අයියෝ අපේ සල්ලි.....!!! (බ)
අනේ මන්ද කාටද පිස්සු? (බ)
අනේ මේ පිළිගන්න දඟලන තරමක්. (ස)
හොරකම් කළ හැමෝටම දඩුවම් කළ යුතුයි. (ස)