හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා අගුණුකොළපැලැස්සට ගියේය. එහි ගල්කන්දේ පොල්කොරටුව කඩේ ලොකු මාමා හමුවිය.
ගිරුවායේ රාජපක්ෂලා ගරුසර දක්වන ගැමියන් අතර ඔහුද එක් අයෙකි. ලොකු මාමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයෙකි. රටේ ලෝකයේ සිදුවීම් ගැන ලොකු මාමාට හොඳ දැනුමක් ඇතැයි රාජපක්ෂ මහතා පවසයි.
ලොකු මාමා සමග නාමල් රාජපක්ෂ මහතා ගත් ඡායාරූපයක් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිසාබි මහත්තයා දන්නවද දන්නේ නෑ ඔය මාලිගාව කිට්ටුව පාතම තවත් විහාරයක් හාමුදුරුවරු එලියට ඇදල දාල ඩෝසර් කළා මේ ලඟදි... ඒවා ගැන නිකමට එකෙක් කතා නෑ නේ නේද?(කෞ)
ලොකු මාමගේ කඩේ දියුණු කරගන්න උදවුවක් කළොත් නරකද? (නි)
වැරදි අවබෝධ කරගැනීම යහපත් ඉදිරි ගමනක පෙරනිමිත්තක් (නි)
නාමල්ගේ මාමා කෙනෙකුට ගුවන් සමාගමේ ලොකු තනතුරක් දුන්නා කියලා බොරුවට චෝදනා කළා නේද? දැන් මොකද කියන්නේ? පේනවා නේද නාමල්ගේ ලොකු මාමා පොඩි කඩයක් කරගෙන දුකසේ ජීවත්වෙන හැටි. ඔය බොරු මඩ ප්‍රචාර වලට අපි අහුවුණේ නැහැ. අපි ඡන්දේ දුන්නේ නාමල්ට (නි)
ලොකු මාමා නම් හරිම සතුටින් වගෙයි (නි)
යහපාල මහත්තයෝ, මොකටද සතුටු? යන්තම් මේගොල්ලෝ පරද්දාගත් එකටද? (නි)
ලොකු මාමා කොළ පාට පෙට්‍රල් කෑන් එකක් එළියෙ තියාගෙන ඉන්නේ මොකද දන්නේ නැහැ. (නි)
නාමල්ගේ ලොකු මාමා ගොඩාක් පින් පාටයි. (නි)
බලේ තිබුන කාලේනම් අපි දැක්කේ අර ටයි කොට් ඇදගත්තු ලක්ෂ 20 -30 අත් ඔරලෝසු එහෙම බැඳ ගත්ත ශ්‍රී ලන්කන් එකේ හිටපු සභාපති නිශාන්ත මාමා එක්ක ගත්ත පින්තුර , සරම අදින ගමේ ලොකු මාමා දැන්වත් මතක් වුන එක හොඳයි, දේශපාලන දැනුම කෙසේ වෙතත් පසුගිය කාලේ ඔබ වටා සිටි ඔබලාගේ නම විකුණලා තම මඩිය තර කර ගත්තු පුද්ගලයන්ට වඩා මොහු අවංක පුද්ගලයෙක් බව පෙනෙනවා , (බ)
පොඩි කඩේ හිටිය මාමෙ නුඹට හිත බැඳුනා මගේ..(බ)
නාමල්ට පුළුවන්නම් සුළු වශයෙන් හෝ බඩු මිල පහත හෙලීමට දායක වීමට එය තමා අපේ අපේක්ෂාව (බ)
පවු පොඩි එකෙක් වගේ හිනාවෙනකොට (නි)
බලයේ හිටපු කාලේ නම් මේවා මතකත් නැහැ. (නි)
ලොකු මාමගේ පරිනත බව දැක්කම නම් ආඩම්බරයි. (ර)
මෙහෙම හරි මතක් උන එක හොඳයි. (ර)
දැන් තමයි පොඩි කඩවල් මතක් වෙන්නේ (ම)
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දිනුවට පුලුවන්නම් කොළඹින් ඡන්දෙ ඉල්ලලා පෙන්වන්න (නි)
හොඳ වෙලාවට මාමා ගෙදර හිටියේ (නි)
කොණ්ඩයත් තෙල් ටිකක් ගාලා පීරාගත්තා නම් හොඳයි නේද? (නි)
ඇලෙක්සැන්ඩර්, කොහෙද නුවර එහෙම වුණේ? නුවර ඉපදුන, නුවර ජීවත්වෙන අපි නොදන්නා පන්සල මොකක්ද? (නි)
අනේ මාමේ! (නි)
උපාලි මහත්තයෝ. නාමල් මහත්තයට කඩේ යන්න එපා. එයාටම කඩේට යන්න වෙලා තියන බව තේරී අවසන්. (ර)
ලොකු මාමාගෙන් හරි සරල කමේ අගය ඉගන ගත්ත නම් තාමත් බලයේ ඉන්නවා මහත්තයෝ .....(බ)
නුවන් විජේවර්ධන කියපු දේ හරියටම හරි. දැන් තමා පරණ කට්ටියව මතක් වෙලා තියෙන්නේ (ම)
කාගේත් යම් යම් අඩු පාඩු තියෙනවා. එහෙම උනාට හම්බන්තොට මිනිස්සු වැඩියෙන්ම කැමති නාමල්ට කියන එක නේද වැඩිම මනාප එයාට ලැබීමෙන් පේන්නේ. (ර)
මට නම් ඔතන ඇති එකම සුන්දර වැදගත් දේ ගමක තිබෙන ලස්සන කඩපිළ පමණයි (නි)
ඒ කාලේ ලියුමක් යැව්වට උත්තරයක් නොයවන අය දැන් ගිහින් ලොකු මාමලා එක්ක ෆොටෝ වලටත් ඉන්නවා. (නි)
අනේ අම්මපා, වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? (නි)
උපාලි,කරුණාකර ළඟම තිබෙන රෝහලට ගිහින් ඔලුව පරීක්ෂා කරගන්න
විජය, නියම කියමන! (නි)
මට නම් මොකුත්ම අදහසක් හිතට එන්නේ නැහැ (නි)
ලොකු මාමට ඇඳගන්න කියලා හොඳ ඇඳුමක්වත් ගිහින් දීලා නැහැ වගේ. (නි)
මාමට පාර්ලිමේන්තුවට යන්න කියල හොඳ ළමයෙක් වගේ ඔයා කඩේ බලා ගන්නකො (කෞ)
අනේ ලොකු මාමේ...! (නි)
නාමල් නරක නම් 2015 පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හම්බන්තොට ජනතාව ඔහුට දුන්නේ ඇයි. (නි)
රජ කුමාරයා වගේ ඉන්න කාලේ කාර් රේස්, රට සවාරි, රග්බි මැච්,ක්ලබ් ඩාන්ස් කර කර හිටියා මිස පොඩි මිනිහා මතක්වුණේ නැහැ. අනේ ලොකු මාමේ, ඔයත් එහෙම ආ මෙයාව පිළිගත්තනේ හිනාවෙලා... (නි)
බලය තිබෙන කාලයේ නම් මේ වගේ ඡායාරූප අපි දැක්කෙ නැහැ. ඒ කියන්නෙ යහපාලනයට පිං සිද්ධවෙන්න, නාමල් මහත්තයටත් නැති බැරි අයව පෙනෙන්න පටන් අරගෙන වගේ. ඒ කාලෙ ඕවට කොයින්ද වෙලාවක්..... (නි)
ඡන්දෙට ඉස්සෙල්ලා ෆොටෝ ගත්තේ අර සිරිසේනට අන්දපු ඩුප්ලිකේට් කෙනා එක්කයි (බ)
බලය ඇතිකොට මොළය නැත - මොළය ඇති දා බලය නැත (නි)
මහින්ද මහත්තයාගේ එකකුසේ උපන් සහෝදරයෙක්d ද ලොකු මාමා ? (බ)
පෙට්‍රල් එක එළියෙන් තියල තියෙන්නේ.. පොටෝ එක අරන් ඉවර වුණාම දාලා එලවන්න ...මොලේ තියෙන කට්ටියට තේරෙනවනේ ගැරඬි ගෙට රිංගපුවම තියෙන කරදරේ.. මාමා හරි. (බ)
පව්. මුහුණේ තිබෙන දුක්මුසු පාට. ඉස්සර කොහොම හිටපු කෙනෙක්ද? (නි)
අපි මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා (නි)
බොරුවට මුනිච්චාවට රටට පෙන්න බොරු වැඩ කරනවා. බලන්න ඒ සීයාට හරියට වාඩි වෙන්නවත් ඉඩනැහැ.. බොරු වැඩ. (බ)
මෙයාලට දැන් තමයි ලොකු මාමලා පොඩි මාමල මතක් වෙලා තියෙන්නේ.(ම)
මේ පුතාගේ තවත් මෝඩ වැඩක් (බ)
ඔය යහපාලනේ අය බලයට එන්න කලින් කියපු නාමල් පැදපු ලැම්බෝගිනි කාර් , බකිංහැම් මාළිගාවේ ධවල අශ්වයෝ එකෙක්වත් තියා පුළුටක්වත් ඉන්නවා, තිබෙනවා කියලා ඔප්පු කළාද? (නි)
අනේ පවු උපාලි! (නි)
නාමල් සර් හිත හොද මනුෂ්‍යයා. හම්බන්තොට ගොඩ දෙනෙකුට උදව් කලා. දැන් මිස්සුන්ට මතක නැහැ.කවදත් සාමාන්‍ය ජනයා සමඟ ජීවත් වූ සබැ රජෙක්. (ම)
පුදුමයි ලොකු මාමාට රට ලෝකය ගැන දැනුමක් තියෙන කොට , මේවාගේ කෙනෙක් ළං කර ගත්ත එක , ලොකු මාමාවත් විකුණන් කයිද දන්නේ නැහැ (ම)
දැන් වැටිලා ඉන්න වළෙන් ගොඩඑන්නත් එපායැ (නි)
ලොකු මාමාට නම් හරිම සතුටුයි වගේ (නි)
දැන් තමයි මාමාව මතක්වෙලා තියෙන්නේ. තාත්තා ජනාධිපති කාලේ සංස්ථාවක සභාපතිකමක්වත් දුන්නේ නැහැ නේද? (නි)
හම්බන්තොට ඉන්නේ ඉගෙනීමක් නැති දුප්පත් අසරණ මිනිස්සු නිසා ලැම්බෝගිනි සහ මොරිස් මයිනර් අතර වෙනස තේරෙන්නේ නැති නිසාමෙයාට ඡන්දෙ දෙනවා (බ)
අපේ ලොකු මාමා කවදත් පින් පාටයි. ගමේ ඉන්න අහිංසක ගැමියා. එයා එක්ක ඉන්න අනිත් කෙනා කවුද? (කෞ)
නාමල් ඉදිරිපත් නොවී එන පාර ලොකු මාමව ජන්දෙට එවන්න. අපිත් ජන්දේ දෙනවා. (කෞ)
මේ නාමල්මද දන්නේ නැහැ උපාලි කියල ප්‍රතිචාර දාල තියෙන්නේ. අනේ අපි නොදන්නා නාමල්. (කෞ)
නාමල්ව මෙහෙම හිනා වෙලා පිළිගන්න ලොකු මාමට ඉවසීමෙන් පිරිණු හොද හදවතක් තියෙන්න ඕන. (ම)
පුදුම මෝඩ හිනාවක්නේ පුතාගේ මුනේ තියෙන්නේ දැන් ඉතින් නුවර මාලිගාව වටේ හරි කොළඹ කොටුවේ හරි ලැම්බෝගිනි වලින් රථ ධාවන තරග තියන්න බැරි නිසා අගුනකොලපැලස්සේ වත් යන එක හොඳ නේද ඒ කාලේ මෙයාගේ තිබුන අහංකාරකම දැන්නම් බින්දුවටම බැහැල වගේ පෙනෙන්නේ (බ)
දැන් අර ඒ කාලේ උන්න අය එන්නේ නැතුව ඇති එකට ඉදන් මගුල් නටනයි පොටෝ ගහන්නයි එ්ක තමා මේ කුණු කුඩේ උන්න අහිංසක මිනිස්සු මතක් වෙලා තියෙන්නේ (බ)
ඇලෙක්සැන්ඩර්, මට මෙතන ආගම්වාදයක් ඇදගන්න ඕනෑ නැහැ. මෙයාලා බලය තිබෙන කාලේ කළදේවල් අපි ඔක්කොම දන්නවනේ. (නි)
ඉවසීම මනාවට ලොකු මාමා පෙන්වල තියෙනවා. ලොකු මාමට තෙරුවන් සරණයි .! (ර)
නාමල් මහත්තයෝ, පුළුවන්නම් අනිත් ලොකු ලොක්කන්ටත් ආදර්ශයක් වෙන්න මේ වගේ පවුල් සමඟ තව තවත් සම්බන්ධ වෙන්න. (නි)