කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවැත්විණි.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන කරු පරණවිතාන සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද, ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රංග කලංසූරිය, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහත්වරු ද පැමිණ සිටියහ.
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අදහස් දැක්වීය.
නාමල් රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ‘සතුටුයි ද දැන්‘ යනුවෙන් රජයෙන් හා ජනතාවගෙන් ඇසූ බවත් රජයට ඒ සම්බන්ධයෙන් සතුටක් නැති බවත් රටේ නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සතුටක් ඇති බවත් අජිත් පී පෙරේරා මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත් නැති නිසාත් රජය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් නොකළ නිසාත් නාමල් රාජපක්ෂ අත්රඩංගුට ගැනීම සම්බන්ධයෙන් රට හෝ මාධ්‍ය ප්‍රමාණවත් දැනුමක් නැති බව කියමින් ඔහු එම ක්‍රියාවලිය සිදු වූ ආකාරය පැහැදිලි කළේයෙ.
ඔහුගේ කතාව වීඩියෝවේ ඇතුළත් වේ.


COMMENTS
බලපල්ලකො මේ මනුස්සය ඡන්දෙ ඉල්ලද්දී හෙන කෙට්ටුවටනේ හිටියේ, දැන් සැප හොදයී වගේ. රටට ආදරෙන් සේවයක් කරන්න පුළුවන් දේශපාලකයෝ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. (අ)
සතුටු වෙන්න පුළුවන් කෙනා තාම යවා ගන්න බැරිවුණා නේද? (අ)
කියන විදියට නම් කතාව ඇත්ත වගේ. අපි බලමු. මොකද මෙයාල බොරු කියපු විදියට කලින් වගේ එක පාරට රැවටෙන්න හොඳ නැහැ. (අ)
දැනට ඒකාබද්ධ විපක්ෂේ ඉන්න අයනේ හොරු, මේ පැත්තට පැන්න උදවිය සුද්දවන්තයෝ. එහෙම නේද? (නි)
බොරුවට ආයුෂ නැහැ මහත්තයෝ. ඔහොම යමු ඔහොම යමු (නි)
දසතින් ඇසෙන්නේ සාකච්ඡා පමණකි. සියැසින් දකින්නේ රටේ අවමංගල්‍යය නොවේදෝ! (නි)
අපිට තවම සතුටක් නැහැ තමයි. මොකද? සුපිරි තරු තවම එළියෙනේ. (නි)
දුෂණ විරෝධී සංවිධානය මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්ල අල්ලන්නේ නැද්ද? (නි)
රිමාන්ඩ් කරනවා කියන්නේ දඬුවම් කර හිරේ දැමීමක් නොවෙයි. මේක සංකේතයක් පමණයි. අර කිවුවා වගේ නිදොස්කොට නිදහස් කරාවි. කලබල වෙන්න දෙයක් නැහැ. (නි)
එකම එක සතුටයි ඇත්තේ. යුද්ධය නැති වුණා. ගෑස් මිල අඩුවුණා. මහින්ද මහතාට බොහෝ පින්. (නි)
නාමල් කියන්නේ වීරයෙක්. ඔහුට රටේ තියෙන ඕනෑ සම්පතක් ගන්න අයිතිය තියෙන්න ඕනෑ. (නි)
කරන කලට පව් මිහිරියි මී සේ. විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. මෙයා රඟපාන්නේ දුකක් නැහැ වගේ. ඇත්ත මෝහයෙන් වැහිලා. යෝගී ව්‍යායාම කරලා මහජනයා රවට්ටන්න බැහැ. තමන්ගේ හිත රවට්ටන්නත් බැහැ. කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිව්වලු. (නි)
අජිත් පී. පෙරේරා මැතිතුමාගේ විග්‍රහය ඉතා විශිෂ්ටයි. ඉතා පැහැදිලියි. බොරුවට දුක් අදෝනා නඟන අයගෙන් අහන්න තියෙන්නේ දැන් සතුටුද කියලයි. දැනුත් සතුටු වෙන්න බැරි නම් ගිහින් විසිට් එකක් දාලා එන්න. කියලා එන්න මතු බවයේදිවත් මෙහෙම දේවල් කරන්න එපා කියලා. (නි)
අපි සතුටු වෙනවා මහ බැංකු හොරාවත් ඇතුළට දාන දවසට (නි)
සතුටක් නම් කාටත් නෑ නේද?(හේ)
තව තව කෙලි ඉදිරියේදී හෙළි වේවි! මම නම් හරි සන්තෝසයි කොහොම හරි නිසි දඬුවම් ලැබෙනවා දකින්න. (ම)
රට තොට ගැන දැනමුක් නෑ. බලයේ ඉන්න ආණ්ඩුවේ වැරදි තියෙනවා. නමුත්, නීතිය බොහෝ දුරට ස්ථාපනය කර ඇති නිසා සතුටුයි. (ම)
නියම සතුට දැනෙන්නේ ජම්පරය ඇන්දුවට පස්සේ (අ)
බොරු ප්‍රකාශ කිරීම ඉක්මවා ගිහින් මෙයාල බයවෙලා වැට් එකට (අ)
තවත් වරදකරුවන් සිටියි. ඒ අයට කුමක්ද කරන්නේ.(හේ)
පුදුම කතාවක්නේ? ඒගොල්ලෝ මහජන මුදල් කෝටිගණන් අයථා විදිහට හම්බකළාට කමක් නැද්ද, තාත්තා යුද්ධය දිනූ නිසා (නි)
හොරු අල්ලනකොට හොරු නොවන අයට සතුටුයි, හොරු අසතුටුයි.(හේ)
අනේ එක්කෝ අපේ හිතේ තියෙන ඒවා ලියන්න ඕනෑ නැහැ. (නි)
මහින්ද නැත්නම් යුද්ධය දිනන්න බැහැ. එමනිසා පුතාට පොඩි චාන්ස් එකක් දීලා නිදහස් කරන්න බලන්න. ඒගොල්ලෝ කරපු පොඩි පොඩි හොරකම් වැඩිය ගණන් ගන්න එපා. යුද්ධයේ බෝනස් එක මේගොල්ලන්ට දෙන්න (නි)
බොරු නාඩගම්. (හේ)
කවදා හරි මේ දේ වෙන බව දන්නා නිසා සතුටක් නැහැ නේද.(හේ)
වීරවර්ධන, කමක් නැහැ තමයි. ඒ අයනේ රට කොටියාගෙන් ගළවලා දුන්නේ. එහෙම නැත්නම් අදටත් අපේ ළමයි මැරෙනවා. ඉතින් සල්ලි ටිකක්, ඉඩම් ටිකක් ගත්තට මොකද වෙන්නේ. (නි)
වැලිකඩ යාම යනු දේශපාලකයින්ගේ කාර්යක්ෂමතා කඩඉමක් සමත්වීමකි. (නි)
නීතිය කාටත් පොදුයි කියලා නම් දැන් අපිට තේරෙනවා (නි)
අපිට නම් කොහොමත් කිසිම සතුටක් නැහැ (නි)
අපිට නම් දැන් මේ විකාර ඇතිවෙලා (නි)
නැගී එන ජනතා අසහනය පියවාගන්න කරන රඟපෑමක් නොවේද? අපිට ඒක හොඳට තේරෙනවා. (නි)
හිරේ දාන්නේ නැතුව ඔය වැඩේ කරන්න බැරිද? ඇත්තටම පොඩ්ඩක් හෝ සතුටක් නැද්ද ඔන්න අපි හොරු අල්ලලා හිරේ දැම්මා කියල. මොකද විමර්ශන කරලා ඉවරවෙනකොට කරපු වියදම් වලින් වැඩක් නැතුව යාවි. කරපු චෝදනා බොරු නිසා නිදහස් වෙනවනේ. (නි)
අපිටත් ඉතින් මේවට සතුටු වෙන්න තිබුනා මහා බැංකු අධිපතිවත් අත්අඩංගුවට ගත්තා නම්. එ්ක පැත්තක. (නි)
අපි දුකෙන් ඉන්නේ.(හේ)
මොකද වෙන්නේ කියලා හිතා ගන්නත් බෑ දැන්.(හේ)