පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (17) පෙරවරු 10.00 ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.
එම කැඳවීම අනුව ඔහු එහි ගියේය.
‘යහපාලන ආණ්ඩුව ආ දවසේ සිටම අපි මූල්‍ය අපරාධ කොට්ඨාසයට එනවා යනවා. මගේ මල්ලි ආවා. එයාව නම් අත්අඩංගුවට ගත්තා. මගේ පෙර වාසනාවකට තවම අත්අඩංගුවට ගත්තේ නෑ. ඒ පින තව කොපමණ කාලයක් තිබේදච කියා දන්නේ නෑ. දේශපාලන වශයෙන් පළි ගැනීමට අප මෙතනට නොවෙයි, කොහේ ගිහින් ප්‍රශ්න කළත් ජනතා සේවය නතර කරන්නේ නෑ.‘ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතේ ජනපති වෙන්න හිතාගෙන ඉන්නේ. එහෙම වුණොත් කළු සල්ලි ලෙහෙසියෙන් සුදු කරන්නත් පුළුවන් (බ)
ලගදිම ඇතුලට යයි වගේ.(හේ)
අල්ලපු හොරෙකුත් නැහැ. රටට කරපු දෙයකුත් නැහැ. අපිට විදුලියත් නැහැ. බඩුත් වැඩිවුණා. (නි)
පව් කියලා හිතුනා නාමල් මහත්තයා (නි)
රුවන්, වෙලා තියෙන්නේ යහපාලනය ‘බේබිලා‘ නලවන එකනේ (නි)
ටිකිරි බණ්ඩාර වගේ මෝඩයෝ හිතන්නේ ඒ අය ඥානවත්නයි කියලා. හැම මෝඩයම හිතන්නේ එහෙම තමයි (නි)
මමවත් මගේ පවුලේ කිසිම කෙනෙක්වත් එජාපයට අපේ ඡන්දය දීලා නැහැ. රටේ පාලනය/පාලකයා තීරණය කරන්නේ උපතින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන අයවත්, එජාපයට ඡන්දය දෙන අයවත් නිසා නෙමෙයි. රට ගැන හිතල,රටේ අනාගතය ගැන හිතලා බුද්ධිමත්ව ඡන්දය දෙන ලක්ෂ 15-20 වැනි පාවෙන ඡන්දදායකයන් විසිනුයි. (නි)
අපේ අයට "දැයට කිරුළක්" පෙන්වලා කළ දේවල් ගැනත් පරීක්ෂණයක් කරන්න. (නි)
ජෙනරල් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කළ මංගල කතාවේදී ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් රාජපක්ෂලා බඩ කපාගන්න ඕනෑ. කරුණාකරලා ඒ කතාව කොටස් වශයෙන් හෝ පළකරන්න. (නි)
උපාලි, ඔබ හරි. ඉන්දියාවේ "රැජිනි කාන්ත්" රඟපාන ෆිල්ම් එකක් තිරගත වෙනකොට එ් රටේ ඉන්න "සමහරක් " උදේ 10.30 ත් බලලා, වඩේ එකක් කාලා ප්ලේන්ටි එකක් බීලා, නැවත 2.30 ත් බලලා, 6.30 බලලා අවසානෙට10.30 බලලයි එළියට එන්නේ. දරුවන් කන්න දෙයක් නැතුව බඩගින්නෙම නින්දට ගිහින්. ඔවුන්ට රැජිනි කාන්ත් කියන්නේ රජ කෙනෙක්. (නි)
ආ අද 17 වෙනිදනේ ! ඕක අහන්නත් දෙයක්ද (බ)
"නෙලුම්" කුලුනෙන් පමණක් රුපියල් ලක්ෂ 65,000 ක් ඒ කුලුන හදන චීන සමාගමේ සභාපති මැලේසියාවේදී කියල තිබුන.ඒ ගැන පරීක්ෂණය කරන්න. (බ)
නාමල්ගේ ඩුබායි ගිණුම් 8 ක තිබෙන බව කියන ඩොලර් කෝටි 339(රුපියල් කෝටි 46,782 ) ගැන පරීක්ෂණය කරන්න.මේවා ජාතික අපරාධ.කිසිම බුරුලක් නම් දෙන්නම එපා. (බ)
ආයෙමත් සැරයක් අප්පච්චිගේ කළු ලෝගුව එළියට අරගෙන දුවිලි ගසා දමා ඇඳගෙන උසාවි යන්න වෙන දිනය වැඩි ඈතක වෙන්න බැහැ. (නි)
නාමල් මල්ලිත් වැරදි නම් විතරක් අත්අඩංගුවට ගන්න. බොරුවට ගෙන්නන්න එපා. (බ)
ඉස්සර යුගයේදී මේ වගේ අදහස් දැම්මනම් මේ වෙනකොට සුදු වැන් වලින් නුගේගොඩ ඉන්න "ටිකිරි බණ්ඩා" කියල ඔක්කොම අල්ලාගෙන ගිහින්. (බ)
රැස්වීම කඩාකප්පල් කිරීමට සියලු දේවල් කරන වැඩ බැරි ටාසන්ලා (බ)
ලංකාවේ හතර දික්බාගයේ තිබෙන්නේ "පැරණි වලව්" ටිකත් බලහත්කාරයෙන් අල්ලාගෙන තියෙනවා.ඒ ගැනත් පරීක්ෂණය කරන්න. (බ)
නීතියක් රීතියක් තිබෙන රටකනම් රාජපක්ෂලා සැහෙන ප්‍රමාණයක් මේ වෙනකොට ඉන්නේ "මහගෙදර" යකඩ කුරු ගණන් කර කරයි.(ම)
ගයාන් වගේ තර්කානුකුලව දත්ත ඉදිරිපත් කරමින් ,ප්‍රති තර්ක බිද හෙලමින් සංයයමෙන් යුතුව දාන කමෙන්ට්ස් දැක්කම මේ පිටුව කියවන්න ආස හිතෙනවා. (බ)
ඇතත් නැතත් එෆ්සීඅයිඩි ය සුදනෙනි මහත.හළොත් යෙහෙකී හොරකම් නොතබාම හිත ,ඇත්ත නැතයි ඉන් ලොව වන අවැඩ නැත,ඇතත් නැති පව් කළ හට වෙයි විපත (බ)
අනේ නාමල් බබා ,, පව් ඔය රැස්වීම මහා ලොකු දෙයක්ද ? අර මහින්ද සුළගේ නුගේගොඩ තිබ්බේ කලින් ,, දින්නද? (බ)
ටිකිරි බණ්ඩා මුදල් නොගෙවා ආණ්ඩුවේ දැන්වීම් නොකර ඉන්නවනම් හොදයි.(බ)
ටිකිරි බණ්ඩා කියන්නේ තිලක් ඩුබායි මිසක් වෙන කවුරුවත් නෙමෙයි. සිරිකොතේ ජොබ් එක කරන්නේ.රටට මේ තරම් විනාශයක් වෙලා තියෙද්දිත් කඩේ යන හැටි..(බ)
අත් අඩංගුවට අරන් ටික දවසක් මාධ්‍ය සංදර්ශන තියල ඊට පස්සෙ ඇප දීල යවල ඇති වැඩක් නැහැ. පැහැදිලි සාක්ෂි තියෙනවනම් විතරක් නඩු දාල වරද නිවරද ඉක්මනටම තීරණය කරන්න. (බ)
රටේ ඒකාධිපතියෙකුට යටත්වෙලා තිබුණු යුගයකදී මොළ හෝදපු අයට මම කියන දේ තේරුම් ගන්න බරපතල බව මම දන්නවා. (නි)
අනේ පව් නාමල් මහත්තයා. ඔබ බයවෙන්න එපා. අපි බලමු (නි)
මට හිතෙන විදිහට අද බොහෝදුරට අළුත් යමක් සිදුවේවි. අපි බලාසිටිමු (නි)
සදාචාරයක් ගෑවිලාවත් තියෙන මිනිස්සු කවුරු හොරකම් කළත් විරුද්ධයි. ප්‍රශ්නය තියෙන්නේ එහෙම මිනිස්සු ලංකාවේ ඉන්නේ 5% කටත් අඩුවෙන්. ඉතින් මේ රටට යහපතක් වෙයිද? තමාගේ මුට්ටිය පුරවා ගන්න පේන සත්‍යය අසත්‍යය ලෙස පෙනවන්න හදන මිනිසුනේ, මරණින් පස්සේ යන තැන ගැන හිතන්න.මරණ මංචකයේදී මේවා සිහිවෙනවා. (නි)
ලංකාව වැනි දේශයක රජවෙන්නෝ ගැන කවර කතාද? (නි)
කෙලින්ම කුඩුවට යනවට ගොඩක් මිනිස්සු කැමති වගෙයි (බ)
තිලින, ඔබ හරියට හරි. ඩුබායි - තිලක් වෙස්බැඳලා දැන් නුගේගොඩ ටිකිරි බණ්ඩා වෙලා. අනේ මෙහෙමත් මනුස්සයෙක්. ආත්ම ගානක් තිස්සේ රාජපක්ෂවරු සමඟ වෛරයක් පිරිමහගන්න හදන්නේ. මෙතුමා පොස්ටරයක් සමඟ සිරිකොත ගේට්ටුව ළඟ තිබ්බා නම් ගොඩක් වටිනවා. (නි)
ටිකිරි බණ්ඩාගේ හිතට නම් හරි අමාරුයි වගේ (නි)
රටේ දේපල වංචා කරපු බවට සැකකරන අයට එරෙහිව පරීක්ෂණ කරනවාටත් විරුද්ධවෙන මේ අදහස් දාන කට්ටිය නම් ටිකිරි බණ්ඩා නුගේගොඩ කියනවා වගේ මොළ හෝදපු උදවිය වෙන්න ඕන. දකුණු ඉන්දියාවේ නායිකාව අවුරුදු 4 කට හිරේ ගියා. මොකටද? රජයේ දේපල වංචා කලාට. ඒත් ඒ මනුස්සයව ජීවමාන දෙව්දුවක් හැටියට සලකන පිරිසක්, වඳින පුදන පිරිසක් අදත් ඉන්නවා. අපේ කට්ටියත් ඒක ආදර්ශයට අරන් වගේ. කවුරු කලත් රටට එරෙහි වරද වරදක් වශයෙන් නොදකින්න අපිම ඇස් දෙක වහ ගන්නවා නම් අපිමයි රට විනාශයට තල්ලු කරන්නේ. (අ)
ටිකිරි බණ්ඩා වගේ මෝඩයෝ ඉන්නකම් එජාපයට ලංකාවේ මිනිස්සු ගොනාට අන්දවන්න පුළුවන්.(බ)
බඩුමිල අඩුකිරීමට අපි රජයට පූර්ණ සහය දියයුතුයි. (නි)
බයවෙලා තිබෙන තරම පේනවා අපිට (නි)