“අනෙකුත් පක්ෂවල තරුණ සංවිධාන වලට වඩා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වන නිල් බළකාය විශාල වෙනසක් සිදුකර තිබෙනවා.
අනෙක් පක්ෂවල තරුණයින් වේදිකාව හදනවා .කථිකයා වේදිකාවේ ඉන්නවා ජනතාව තෙමෙනවා. මෙතැන වෙන්නේ ඒකේ අනික් පැත්ත යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකත්ෂ මහතා මාතලේ නාවුල පැවැති ජන හමුවකදී පැවසීය.
මෙහිදී ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළුණු අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කුඩයක් ඉහළාගෙන ජනතාව ඇමැතුවේය.
‘දැන් විනාඩි දහයක් පමණ මං මේ අධික වැස්සේ කතා කළා .හැබැයි එක අකුණක්වක් ගහුවේ නෑ මම බොරු කිව්වේ නෑ කියන එකට හොදම සාක්කි තමයි ඒ ‘
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
නාමල් නාඋලදී නා කපන වැස්සේ
නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 01 October 2014 12:41 PM
'වැහි නැති හෙණ' කියලා ජාතියකුත් තියනවලු නේද? එහෙම කතාවක් මම අහලා තියෙනවා (නි)
නිල්මිණි Wednesday, 01 October 2014 12:42 PM
සුබ අනාගතයක්! ජයවේවා! (නි)
ධම්ම Wednesday, 01 October 2014 01:00 PM
නාමල් නාඋලදී නා කපන වැස්සේ තෙමිලා ගෙදර ගිහින් අම්මගෙන් හොඳටම බැනුම් අහන්න ඇති.(අ)
අසාද් Thursday, 02 October 2014 06:40 AM
පාට පක්ෂ වශයෙන් බෙදෙන්න බෙදෙන්න රට යන්නෙ අගාධයට. එ්ක නිසා රටට අවංකවම සේවය කරන්න (නි)
මහේෂ් Wednesday, 01 October 2014 02:35 PM
මගේ හිතට එන දේ මට මෙතන ලියන්න අමාරුයි (නි)
චාමික Wednesday, 01 October 2014 02:47 PM
කියන්න දේවල් නම් තියෙනවා. ඒත් මොකද කියන්නද කියලා හිතුනා (නි)
ශ්‍යාමෙන් Wednesday, 01 October 2014 02:49 PM
අපි තෙමුනොත් තමයි ඉතින් අසනීප වෙන්නෙත් (නි)
චන්ද්‍රා Wednesday, 01 October 2014 04:00 PM
වැරදි කළොත් හෙණගහන්න පුළුවන් වගේම එක හීනෙන් එළිය නොවැටෙන බවත්, කොයි දෙයකටත් කාලයක් නියමයක් ඇති බවත් දැනගන්න. ජයවේවා! (නි)
දීපාල් Wednesday, 01 October 2014 04:47 PM
ධම්ම, මෝඩ කතා කියන්න එපා. ජයවේවා නාමල් මැතිතුමාට! (නි)
සිල්වා Wednesday, 01 October 2014 04:55 PM
මන්ත්‍රීතුමා පුලුවන් නම් ඔය වහින වතුර ටික රැකගන්න වැඩ පිළිවෙළක් යොදන්න. එහෙම නැත්නම් තව ටික දවසකින් කියයි වැව් ටික ඔක්කොම හිඳිලා කියලා. ජල ප්‍රශ්නය උග්‍ර වෙලා කියයි (නි)
බන්දුල පෙරේරා Wednesday, 01 October 2014 05:58 PM
මොනවද කතාවේදී කිව්වේ? (නි)
රන්ජිත් Wednesday, 01 October 2014 06:04 PM
බොරු කියනකොට අකුණු ගහනවා කියන එක මම නම් පිළිගන්නෙ නැහැ (නි)
ප්‍රියානි Thursday, 02 October 2014 08:39 AM
නාමල්, ඔබට ජය! (නි)
අමාලි Wednesday, 01 October 2014 08:30 PM
නාමල්, ඔබේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගන්න නිවැරදි අඩිතාලමක්. තරුණ පිරිස අද බුද්ධිමත්. ඔබට ජය ශ්‍රී! (නි)
කුෂාන් චාමර Wednesday, 01 October 2014 11:08 PM
දැන් කාලේ හැටියට අකුණුත් විකුණලානේ තියෙන්නේ! (නි)
ප්‍රියංග Thursday, 02 October 2014 09:56 AM
ජනතාව නම් හැමදාම නානවා (නි)
උපාලි Wednesday, 01 October 2014 11:42 PM
හැබැයි අද කාලේ දේශපාලකයින් බොරු කියන තරමට අකුණු වදිනවා නම් අපේ රටේ මෙලහකට ඉතුරු වෙලා ඉන්නේ මේ අපි වගේ අහිංසක මහ ජනතාව විතරයි. (නි)
යොහාන් Thursday, 02 October 2014 12:20 AM
නාමල් කියන්නේ හොඳ කෙනෙක්. ජය වේවා! (නි)
කසුන් Thursday, 02 October 2014 12:53 AM
ජනතාවට සේවය කිරීමට ඇති කැමැත්ත නේද මේකෙන් පෙනෙන්නේ? (නි)
හසිත් Thursday, 02 October 2014 01:00 AM
අකුණු ගගන්න තරම් ඔබතුමා අවාසනාවන්ත නැතිබව අපි දන්නවා. ඔබ හොඳ පුද්ගලයෙක් (නි)
සමන්ති Thursday, 02 October 2014 01:02 AM
කතාව අසාගෙන සිටි ජනතාවටත් නොතෙමී ඉන්න කුඩ තිබුණාද? (නි)
කාව්‍යා Thursday, 02 October 2014 02:19 AM
සියලුම හේතුන් සහිතව ඔබ ඉහළ තැනකට යමින් ඉන්නවා. එයට අපි කැමතියි. එසේම "තාරුණ්‍යයට හෙටක් " හෝ " නිල් බලකාය " ලෙසින් ඔබගේ මුලිකත්වයෙන් කරගෙන යනු ලබන එකතුවේ නායකයා ලෙස බුද්ධිමත් තරුණයෙකුගේ බාහිර හා අභ්‍යන්තර හැඩගැස්මත්, අරුත්බර එහෙත් ගාම්බීර කතා විලාශයත් ඔබට තිබිය යුතුයැයි මම සිතනවා (නි)
ප්‍රේමරත්න Thursday, 02 October 2014 02:25 AM
කුඩයක්වත් නැතුව ජනතාව ඇමතුවා නම්, අන්න එතකොට තමයි මම හදවතින්ම සතුටුවෙන්නේ (නි)
රකිත් Thursday, 02 October 2014 03:01 AM
කවුද ඔබතුමාට කිව්වේ බොරු කියනකොට අකුණු ගහනවා කියන කතාව? (නි)
ටෙනිසන් Thursday, 02 October 2014 03:04 AM
තාත්තගේ තරුණ කාලෙත් අපිට මතකයි. කොහොම වුණත් හොද අනාගතයක් තිබෙන බව පෙනෙනවා. තාත්තා ගිය ගමනම යයි. (නි)
නුවන් Thursday, 02 October 2014 03:21 AM
ඔබතුමාට මිනිස්සු කවදත් කැමතියි. වැස්සේ තෙමිලා හරි ඒකයි මිනිස්සු මේ කතාව අහන්න ඇත්තේ (නි)
රකිත් Thursday, 02 October 2014 03:33 AM
බොරු කියනකොට අකුණු ගහනවා කියන කතාව බොරුවක් නෙමෙයිද? (නි)
රකිත් Thursday, 02 October 2014 03:38 AM
රටේ සමහරු වැඩියෙන් කැමති මොනවාටද කියලා සමහර ප්‍රතිචාර වලින් පෙනෙනවා (නි)
කමල් Thursday, 02 October 2014 03:55 AM
නාමල් කියන්නේ හොඳ කෙනෙක්. ජය වේවා! (නි)
අසනි Thursday, 02 October 2014 04:45 AM
අනේ මගේ කට...................! (අ)