උඩරට දුම්රිය මාර්ගයේ දැනට පවතින අඩුපාඩුකම් සොයා බැලීම සඳහා ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උඩරට මැණිකේ දුම්රියෙන් කොළඹ සිට බදුල්ල දක්වා ගියේය. අද (12) උදෑසන 8.30 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ අමාත්‍යවරයා හැටන් දුම්රිය ස්ථානයට දහවල් 1.30ට ළඟා වූවේය. මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ කඩාවැටී ඇති දුම්රිය සේවය යලි නඟාසිටුවීමට කටයුතු කරන බවයි. දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට ගුණාත්මක ප‍්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණ ඇති ව එහි අඩුපාඩුකම් සොයාබැලීම සඳහා තමන් දුම්රියෙන් ගමන් කිරීමට තීරණය කළ ද අමාත්‍යවරයා පැවසුවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ යනකන් නින්ද යන්න ඇති (බ)
හැටන් වලදී තමයි ඇහැරුණේ (බ)
දුම්රිය සේවය සැමදා එකතැන පල්වෙනවා. මේ පාරවත් අපි බලමු (නි)
එක එක්කෙනා වරින්වර දුම්රිය නැතිකළා.බලමු මෙයා මොකද කරන්නේ කියලා. (නි)
මෙතුමාවත් මේ ගැන සොයා බැලුවොත් හොඳයි (නි)
මෙතුමන්ලා මෙහෙම ගියොත් මිසක් ඉතින් මේවායේ යන එකක්යෑ? (නි)
අඟුරු කකා වතුර බිබී දුම්රිය යන හැටි දැක්කාද? (නි)
හොඳ පියවරක්. (නි)
හැමදේම මුල ඉඳලාම පටන්ගන්න ඕනෑ (නි)
බොහොම හොඳයි (නි)
දුම්රිය සේවය නංවන්න පුළුවන් නම් කොච්චර හොඳද? (නි)
එතුමාට හිතුනේ නැද්ද දන්නෙ නැහැ දුම්රිය වලට අළුත් නම් යෝජනා කරන්න? (නි)
රේල්පාරේ අඩුපාඩු හොයන්න නම් පයින්ම තමයි යන්න ඕනෑ (නි)
වැදගත් ආරංචියක් (නි)
ඔබතුමාගේ කටයුතු සාර්ථක වේවා! (නි)
නියමයි මහත්තයෝ! (නි)
හරි හරි. ඔහොම යමුකෝ... (නි)
ඔබ යටතේ විදුලි දුම්රිය සේවාවක් පටන්ගන්න බලන්න. ගාස්තු ටිකක් වැඩිකර හෝ සේවාව දියුණු කරන්න. (නි)
එදා වෙලාවට දුම්රිය බදුල්ලට ගියාද දන්නෙ නැහැ (නි)
කොහොමහරි කමක් නැහැ හරියට වැඩක් කරලා පෙන්වන්න. මිනිස්සු රවටන්න නම් හදන්න එපා. (නි)
උඩරට මැණිකේ පළමු පන්තියේ ගිහින් නම් අඩුපාඩු හොයන්න අමාරුවෙයි. අඩුපාඩු ටික හරියටම බලාගන්න නම් නයිට් මේල් තර්ඩ් ක්ලාස් ගිහින් බලන්න ඕනෑ, නිදාගන්නෙ නැතුව (නි)
වෙනසකටත් එක්ක හොඳයි. ඉඳලා හිටලාවත් ඔහොම ගිහිල්ලා අඩුපාඩු සොයාබලන්න (නි)
මෙතුමා හොඳ කෙනෙක්. අපි බලමු (නි)
අර කිව්වත් වගේ පොඩ්ඩක් නාඳුනන විදිහට වෙස්වලාගෙන ගියා නම් තමයි වඩාත් හොඳ. එතකොට අඩුපාඩු කෙසේවෙතත් සේවකයන්ගේ රාජකාරියේ තරම හොඳට දැකගන්න පුළුවන් වෙයි. (නි)
ඇමතිතුමාට තිබුණෙ වෙස්වලාගෙන යන්නයි. එතකොට සැබෑ අඩුපාඩු දකින්න පුළුවන්.එහෙම නේද ! (අ)
හැබැයි ඔබ වැඩ විතරක් කරලා මදි. මොකද මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ (නි)
දැන්වත් වෙනසක් වෙනවා නම් අපි කැමතියි (නි)
නිදාගෙනද ගියේ? (අ)
හැබැයි දුම්රියක පළමු පන්තියේ හෝ දෙවන පන්තියේ ගියා කියලා නම් දුම්රිය වල අඩුපාඩු හොයන්න බැහැ (නි)
ටිකට් නොගෙන හොරෙන් යන්න ඇත්තෙ.(අ)
තබන තබන පියවර කිරි ඉතිරේවා! (නි)
අවුරුදු 20 කට පසු දුම්රියෙන් යනවා නේද මහින්ද හිටියා නම් චෝප්පෙර් එකෙන් නේද යන්නේ බදුල්ලට (අ)
නින්දගියේ නැද්ද. හු(අ)
නිමල්ගේ කවදත් පෙන්න්නපු බොරු සෝබන (අ)
පළමු පන්තියේ වායුසමනය කළ මැදිරියේ නම් අඩුපාඩුවක් දැනට නැහැ. 9.30 එකේ ගියා නම් අඩුපාඩු බලාගන්න පුලුවන් (නි)
තවත් එක මාධය සංදර්ශනයක්. (අ)
මෙතුමා බදුල්ලට කරපු සේවය අති විශාලයි ... මේ වගේ කෙනකුට අගමැති කම හිමි විය යුතුයි ! (අ)
කඩාවැටුණු දුම්රිය සේවය නඟා සිටුවන්නට එතුමාට හැකිවේවා! (නි)
ඔය විදිහට නෙමෙයි, හදිසියේම නොකියායි එන්න තිබුණේ (නි)
අනේ මෙහම රැවටීමක් අනේ මෙහම ඇන්දීමක් කවදද ඇරෙන්නේ අපෙ ඇස් කන්, (බ)
පළමු පන්තියේ හෝ දෙවන පන්තියේ වැරදි හොයන්නට වෙන වීදියක් නැහැ තමයි (නි)
තුන්වන පන්තියේ අඩුපාඩු නැහැනේ. එනිසා මෙතුමාට තුන්වන පන්තියේ යන්න අවශ්‍ය නැහැ. (නි)
රුවන්, අමතක කරන්න එපා එතුමාම අගමැති කම එපා කියල මහින්ද මහත්තයට දෙන්න කිව්වා. ඉතින් බලෙන් දෙන්නේ මොකටද ? (නදී)
කොළඔ ඉදලා හැටන් වලට යනකම් සනීපෙට නිදා ගන්න අැති. සැප නින්ද නිසා හැමදාම දුම්රියෙන්ම යයිද දන් නෑ කොට්ට, මෙට්ට වල අඩු පාඩු හොඳට පෙනෙන්න,දැනෙන්න අැති. (නදී)
ඇමතිතුමා අනිත් බදුලු කෝච්චියෙන් යන්න නියම තත්වය බලන්න වැසිකිලිය ලගින් යන්න බැහැ ගඳ ගහනවා මේ කෝච්චිය දැනට හොඳයි. මේ තත්වයෙන්ම තියාගන්න කියන්න (නදී)
ඇමතිතුමා දුම්රියේ යන්න පෙර 138 මහරගම-කොළඹ බස් එකක සතියේ දවසක පෙරවරු 7.00 ත් 9.00 ත් අතර හා කොළඹ සිට මහරගමට පස්වරු 4.15 ත් 6.00 ත් අතර යන්න. එවිට බස් මඟීන් විඳින සැප කොහොමද කියා බලාගන්න පුළුවන්. (නි)
මොන බොරු වැඩද? මේකෙන් උනේ මේ කෝච්චියේ ගිය තවත් මගියෙක්ට සීට් එකක් නැති වෙච්ච එක. ඕවයේ තියෙන අඩුපාඩු හොයන්න කෝච්චියේ යන්න ඕන කියල හිතන තරම් දුර්වල පරිපාලන දැනුමක්ද තියෙන්නේ කියල හිතනවා. ආයතන වල වැරදි සෙවීම සඳහා ලෝකයේ ඉතා හොඳ සහ ප්‍රයෝගික ක්‍රම සොයාගෙන හුඟක් කල්. කරුණාකර ඒ දේවල් දන්නා නිලධාරීන්ව පත් කරගෙන වැඩ පටන් ගන්න. (නදී)
රුවන් ඔය කඩේ යාම නවත්තනවද. අගමැති වෙන්න ඕනද ද රටට සේවයක් කරන්න. ඇත්තටම මේකත් එ්ක සංදර්ශනයක් තමයි (නදී)
බැලුවහම නම් අඩුපාඩුවක් පෙනෙන්න නැහැනේ. (නි)
හොඳ චාන්ස් එකක් නිදාගන්න (නදී)
සමුද්‍රයේ සඳුදා උදේ යන්න එන්න ඇමතිතුමෝ. පානදුරෙන් නගිමු (නදී)
අඩුපාඩු ටික හදන්න දුමිරියෙන් ගිහින් බලන්න ඕනේ නේ (ම)
තව පොඩ්ඩෙන් ඡන්දෙන් පැරදිලා ගෙදර යන්ඩ තමා හිටියේ යන්තම් බේරුනා. දැන් ඉතින් කෝච්චියෙන් නෙවෙයි හොලිකොප්ටරයෙන් උනත් යන්න පුළුවන් හොඳට නිදාගෙන (නදී)
මහා ලොකු දෙයක් නෙමේ. ඒ මිනිස්සුත් ආස ඇති පොඩි වෙනසක් බලන්න. ඇත්තටම අඩු පාඩු හදනවා නම් ලොකු දෙයක්. වෙන්නේ නැති එකනේ වැඩේ. (නදී)
රුවන් නමුත් ඒවා අපේ සල්ලි නේද ? ඔහුට ඔහුගේ ගෙදරින් නෙමෙයිනේ හම්බ උනේ. අපි ඉතින් පත් කරන්නේ ඕව කරගන්න නේද (නදී)
පුලුවන්නම් ඔෆිස් වෙලාවට අවිස්සව්වෙල්ල ඉඳලා කොටුවට දුම්රියෙන් යන්නකෝ ?(ම)
මෛත්‍රීපාල ජනාදිපති අගමැතිකම දෙන්න තමා බැලුවේ. මෙයා නේද එපා කිව්වේ මහින්ද හින්දා (නදී)
යන්නේ පලවෙනි පන්තියෙනේ (නදී)
ඔබට රටට සාර්ථක සේවාවක් කිරීමට හැකිවේවා! (නි)
රටේ ආරක්ෂාවත් හොඳ එකේ, රට ගොඩදාගන්නතුරු ඇමතිවරුන්ගේ වරදාන කපාහැරලා කියමුද පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න කියලා? (නි)
නිමල් සිරිපාල මහත්තයෝ, කරනවා නම් මෙන්න වැඩ. පිරිසිදු වැසිකිළි, අධිවේගී සේවාව, ප්‍රී පෙයිඩ් කාර්ඩ්, භුගත නාගරික සේවා ( ලංකාවට වියදම් අධික ලෝකයේ යල්පැනගිය මොනෝ රේල් ගෙන්වන්න එපා), සියළු දුම්රිය ස්ථාන එංගලන්ත යටත්විජිත සමයේ සිට විසිඑක්වන සියවසට ගෙන ඒම. (නි)
මීට ඉස්සරත් කොච්චර නම් ඔහොම දේවල් වුණාද? ඒත් දුම්රිය සේවය තවම එකතැන (නි)
අපේ ඇමතිතුමාට ජයවේවා! (නි)
හොඳ වෙලාවට ඇමතිතුමා බදුල්ල ගමනාන්තය හැටියට තෝරාගත්තෙ. හැටන් වලට යන්න ඉඳලා මඟදී නින්දවත් ගියා නම් බහින්න වෙන්නෙ බදුල්ලෙන්ම තමයි. (නි)
වෙල්ගම ඇමති තුමත් ඔහොම දුම්රියේ ආවා කාලයක් .ඒත් ලොකු දෙයක් උනේ නෑ (බ)
උඩරට මැණිකේ රාත්‍රී දුම්රියේ යන්නකෝ. ඔය සුඛෝපභෝගී දුම්රියක්නේ. (නි)
එහෙමවත් එතුමා හොයලා බැලුවනේ. ඒක ලොකු දෙයක් (නි)
අයියෝ මේ කොහෙද යන්නේ නිදාගන්න හොඳයි මෙයා (බ)
නිදාගෙනද ගියේ? (බ)
පසුගිය දිනක ඇමතිතුමා කොටුව දුම්රිය ස්ථානයට පැමිණියා. ඒ බව කලින් දැනගෙනදෝ එදින සියලු දුම්රිය වෙලාවටම ධාවනය වුණා. කිසිදු කලබලයක් එහි වුයේ නැහැ. මේවා මෙසේ වීම තුළින් වළේ වැටෙන්නේ අපිම නොවේද? (නි)
ඔහොම නෙමෙයි යන්න ඕනේ .වෙස්වලාගෙන.තුන් වෙනි පන්තියේ වාඩිවෙලා. ගෙදර යන ගමනුත් බොරු සෝබන වැඩ කරලා ප්‍රවෘත්ති මවන්නනේ හදන්නේ. (බ)
ඇයි කලින් එක්කෙනා අඩුපාඩු ඔක්කොම හැදුවනේ,එයත් ඔෆිස් දුම්රිය වල කාන්තා පෙට්ටි වල නැගල අඩුපාඩු හෙව්වේ. (බ)
හිටපු කළුතර එක්කෙනත් ඔය වගේ බොරුවට ගියා වෙච්ච දෙයක් නැහැ සද්දේ විතරයි වැඩ නෑ ඔක්කොගෙම (බ)
එ්ක තමයි බදුල්ල පැරදුනේ .කොරපු කෙරුම් වැඩිවෙලා .අනික දැනුයි බලන්න හිතිලා තියෙන්නේ අඩුපාඩු.අර අහවලා නේ ඕක කළේ දුම්රිය සහ කාන්තා ඇමති (බ)
මේවාත් එක්තරා විදියක සංදර්ශන තමා (බ)