ඉන්දියා රජයේ තෑග්ගක් ලෙස ශ්‍රි ලංකාවට ලැබුණු ගිලන් රථ සේවය කොළඹ ගාලු මුවදොර පිටියේ දී රනිල් වික්‍රමසිංහ අගමැති හා ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහ ප්‍රධානත්වයෙන් අද (28) ඇරඹුහ.
ඉන්දියා රජය මෙම ගිලන් සේවය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 7.6 රුපියල් කෝටි 113 ක් යළි නොගෙවන ප්‍රදානයක් ලංකාවට ලබා දෙයි. මෙම සේවය සඳහා වෛද්‍ය කාර්මික ශිල්පීහු 250 ක් ඉන්දියාවේ පුහුණුව ලබති.
ශ්‍රි ලාංකිකයන් 550 කට අධික පිරිසකට රැකියා ද ලැබෙතියි කියති. මෙම ගිලන් රථ සේවය දකුණු හා බස්නාහිර පළාත් හි ක්‍රියාත්මක වන බවත් 1990 හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන් නොමිලේ සේවය ලබා ගත හැකි බවත් රජය කියයි.
රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන,ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මෙම සේවය මෙරටට ලබා ගැනීමට සම්බන්ධිකාරක ලෙස කටයුතු කළේය.





COMMENTS
හොඳදේකටවත් හොඳයි කියල කියන්න. අගමැතිතුමා ඇතුළු මේකට අතදීපු හැමෝටම ස්තුතියි (නි)
මේක හොඳ වැඩක්. එ්ත් මේ වැඩේ කවදාවත් සාර්ථක වෙන්නෙ නැහැ. හේතුව තමයි ලංකාවේ දේශපාලන ලෙඩ්ඩු ඉන්න නිසා තව නොබෝ දිනකින් මේවා දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් පිරිමහන්න යොදාගන්නවා. එතනින් මේක ඈවරයි (නි)
හොඳ වැඩක් කලත් ගරහන කුහකයෝ ඉන්න රටක් මේක. මෙහි සමහරුන්ගේ අදහස් වලින්ම පැහැදිලි වෙනවා. (නි)
ලංකාවේ 550යි. ඉන්දියාවේ කීයකට රස්සා ලැබුනද? (නි)
මේක එක්ටා විරෝධය මැඩපවත්වන්න ඉන්දියාව දෙන සීනි බෝලයක්. කරුණාකර එය තේරුම් ගන්න. කෝටි ගණන් ඉන්දියාවෙ මිනිස්සු බේත් නැතුව මැරෙද්දි ඇයි මේ ලංකාව ගැන මෙච්චර ආදරයක්? (නි)
ඉන්දියාවෙන් වාහන වෙනුවට නිකන් හම්බවෙන සල්ලි ටික ඉල්ලගෙන 1990 විතර හදපු ටොයෝට හයිඑස් හෝ නිසාන් කැරවන් පරණ වාහන ටිකක් ජපානෙන් ගෙන්නුවා නම් පොඩි මුදලකින් සැපපහසු සේවයක් සලසන්න තිබුන . (අ)
ඔක්කොම නිකම් දෙනකම් බලාගෙන ඉන්න ජාතියක් වෙන කිසිම රටක නැතුව ඇති.(අ)
පැයට කිලෝ මීටර් 50 යි (අ)
හොද වැඩක් ජය වේවා (බ)
ජනතාව ලබපු විශාල ජයග්‍රණයක්. ස්තුතියි සර් යාපාලනයට ජයවේවා.! (ර)
ඇම්බියුලන්ස් හදිසි ගමන් යනවිට පමණක් සයිරන් නලා, ලයිට් සහිතව ධාවනය කලයුතු බවටත් එවැනි විටක ප්‍රමුඛතාවය ලබා නොදෙන අවශේෂ රියදුරන්ට දඩ ගැසීම , රියදුරු බලපත් අවලංගු කිරීම වැනි නීති ක්‍රියාත්මක නොකොළොත් මේ ව්‍යාපෘතියෙන් වැඩක් වෙන්නේ නැහැ. (ර)
මෙතුමල ගිලන් රථයෙන් අංගොඩට ගිහිං දාන්න නේද මේ හදන්නේ ? පව් අප්පා ..(අ)
ඉතාම හොඳ වැඩක්, හැබැයි ක්‍රියාත්මක වනවිට මෙයටත් විවේචන එ්වි, දන්නවනේ අපේ ලංකාවේ මිනිස්සුන්ට ඉක්මනටම ඕනනේ හැම දෙයක්ම, ඉතින් මේ පාරවල්වල තදබදයක් තේක්ක කොහේ දුවන්නද (අ)
අපේ සුභ පැතම් දුර දක්නා නයකුකුගේ මෙහෙයවේම ප්‍රතිපල .(අ)
ටාටා ගිලන් රථ අමතර කොටස් ව්‍යාපාරයක් පටන්ගන්න හොඳ අවස්ථාවක්. (නි)
අැයි මේ නිකන් දෙන්නේ? ඉන්දියාවේ මිනිස්සු කොච්චර දුක්විඳිනවද කියලා දන්නේ එහෙ ගිය කෙනෙක් විතරයි. එහෙම තියෙද්දී තමයි අපට මේවා නිකන් දෙන්නේ. ඔය අගය කරන අයට ඕවට වන්දි ගෙවන්න වෙනකොට අපි නම් මේ ලෝකේ නැති වෙන්න පුළුවන්. එ්ත් මම කියන්නේ මතක තියාගන්නයි. ධනවත් රටවල වාණිජ ආයතන සමහර දේවල් නිකන් දෙනවා මොකද ඒ වගේ 100 ගුණයක් ඉදිරියේදී ගන්න බලාගෙන. පරිස්සම්වෙන එක හොඳයි. (නි)
මේ ඇම්බියුලන්ස් එකේ යන අයව එක්ක යන්න තව එකක් එවන්න වෙයි (අ)
ඉන්දියාවේ මිනිස්සු රස්නය වැඩිවෙලා කොච්චර මැරෙනවද? එහෙම රටකින් ලංකාවට නොමිලේ මෙහෙම සේවයක් දිගටම දෙයි කියලා හිතන්න පුලුවන්ද? ඔය වැඩ කරන්න ඉන්න අය ලංකාවේ කියලා පේනවද? මේකේ ඊළඟ පියවර ඉන්දියානු දොස්තරලා මෙහාට එන එක නෙමෙයිද? ඒගොල්ලොත් නොමිලේ බෙහෙත් දෙයි කියලා හිතනවද? ලංකාව හැමදාම කළේ ඉඟුරු දීලා මිරිස් ගත්ත වැඩ තමයි. (නි)
කාලීන අවශ්‍යතාවයක්. රටේ දිනෙන් දින ඉහල යන මාර්ග අනතුරුවලදී මෙමගින් අගනා සේවයක් ලැබේ යැයි විශ්වාස කරමි. (අ)
ජනතාවට කරපු ඉතාමත් හොඳ වැඩක්.. (අ)
හොඳ වැඩක් කුණු වලට තියෙන ඉල්ලුම මේවට නැහැ මහත්තයෝ (අ)
අයියෝ සල්ලි! (නි)
ඉන්දියාවෙන් ගිලන් රථ දීලා එට්කා එකෙනුත් ඉන්දියාවේ සිටින හිගන්නෝ ටික මෙහෙට පටවයි !මියක් කඩන්නේ අත ලෙව කෑමට නොව .(අ)
මොන අරමුණකින් මේක කළාද කියලයි හිතාගන්න අමාරු (නි)
බවිත වන වාහන ටාටා මේ වාහන ගැන කියන්න දෙයක් නැහැ.. තව ටික කාලයක් බලමු මේවා නඩත්තු කරන්න ඔය නිකන් හම්බුනට වඩා වැඩි වියදමක් යි (අ)
ඉතාමත් හොඳ දෙයක්. හොඳ දේ අගය කළයුතුයි. එ්ත් නිරාහාරව විශාල පිරිසක් දුක් විඳින, ජලය, වැසිකිළි පහසුකම් නොමතිව විශාල ජන කොටසක් වෙසෙන රටකින් මෙවැනි පරිත්‍යාගයක් අපට කළේ ඇයි? මොනවද ප්‍රතිඋපකාර විදිහට බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැටළුවක්. (නි)
අපේ සෞඛ්‍ය සේවයේ මහත්ත්වරු ටික දවසකින් මේ ගිලන් රථ වලින්, පොල් සිමෙන්ති අදින්න පටන්ගනීවී. එක දවසක් මහ එවුන්ගේ පුද්ගලික වැඩට ගත්තාම, එදා ඉඳලා රියදුරු ගිලන් රිය එයාගේ බුදලයක් බවට පත්කර ගනීවි. නීතියක් නැති රටක මෙවැනිදේ කොහොමද හරියට කරන්නේ. (අ)
මේ සමහර අයගේ මත වලින් තේරෙන්නේ අර හිටපු එයාලගේ දෙවියා අන් සියළු දෙවිවරුන්ටත් වඩා උතුම්ව අදහන බවය. අනේ මෝඩ මිනිසුනේ, ඔබට කියන්න තියෙනේ අප්පච්චි සරණං ගච්ඡාමි කියලාම විතරයි (නි)
මොකද අගමැතිතුමා කොළ කොඩියක් වනන්නේ? රතුකුරුස කොඩිය නේද වැනිය යුත්තේ. මෙතනත් පාට බේදයක් වගෙයි (නි)
අගමැතිතුමා කෝච්චියක්වත් විවෘත කරනවද? මොකද කොළ කොඩියක් වනන්නේ? (නි)
මේක නොමිලේ දීපු එකක් නෙමෙයි. (ර)
හැමෝම ට්‍රෝජන් අශ්වයාගේ කතාව අහලා තියෙනවා නේද? එ්කේ ට්‍රොයි නගරය අත්පත් කරගන්න ග්‍රීක් ඡාතිකයෝ ලී අශ්වයෙක් හදලා එ්කේ ඇතුළේ නැඟලා ට්‍රොයි නගරයට ඇතුලු වුණා. අන්න ඒ වගේ තමයි ඉන්දියාවෙන් එවපු ඇම්බියුලන්ස් ටිකත් ඕවට වෙනම රියදුරන් ඉන්දියාවෙන් එවයි. ඊටපස්සේ නර්ස්ලා. ඊටපස්සේ ඇම්බියුලන්ස් එක ඇතුළේ ප්‍රතිකාර කරන්න දොස්තරලා. වෘත්තිකයො ගෙනල්ලා තියෙන්නේ. හෙමිහිට වෙළඳපොළ අත්කරගන්න විතරයි තියෙන්නේ. (නි)
ඉන්දියාව බලාඉන්නේ අපිව නළවන්නම තමයි. මෙහි වාසි අවාසි සහ අරමුණ කුමක්ද කියා හොයලා බැලුවොත් හොඳයි. (නි)
ලංකාවට වැඩිය සෞඛ්‍ය අතින් පහළ මට්ටමක ඉන්න ඉන්දියාව මුලින් කරන්න ඕනෑ ඒගොල්ලොන්ගේ මට්ටම ඉහළ නංවන එක නේද? වැසිකිළි තියෙන්නේ මුළු ජනගහණයෙන් 50% කට විතරයි. එ්කෙන් හිතාගන්න පුළුවන් ඒ රටේ සෞඛ්‍ය මට්ටම. ඇයි අපිට උදවු කරන්න තියෙන හදිසිය!! (නි)
පුදුමයකි! මහමඟ අඳින සාරි වලින් නිවෙස් සාදාගෙන, මිලියන් ගණනක් මිනිසුන් සිටින රටකින් අපට ලැබුන මාහැඟි පරිත්‍යාගයකි. එවන් මිනිසුන් නිදුක් වෙත්වායි පතමි! (නි)
අධික බදු ගෙවල ගිලන් වුණාම නොමිලේ රෝහලට යන්න දැන් වාහනයක් තියෙනවා.(ම)
ඉන්දියාව ඇයි ද දන්නේ නැ ලංකාවට මෙච්චර ආදරේ . ඉන්දියාවේ අන්ත අසරණ රෝගීන් මියැදෙනවා කිසිඳු ප්‍රතිකර්මයක් නැතිව ඉන්නවා (ම)
ඉතාම සතුටුයි. මේ සේවාව හොඳින් අර්ථාන්විතව පවත්වා යනු ඇතැයි බලාපොරොත්තු වෙමි (ම)
කවුරු දුන්නත් කවුරු ගත්තත් ඉතාම වටිනා දෙයක්. ඒ නිසා දීපු අයටත් ගන්න මහන්සි වෙච්ච අයටත් බේදයකින් තොරව ප්‍රශංසාව හිමිවිය යුතුයි. (නි)
හරියට හැම දෙයක්ම ඒ මිනිසුන්ට තියෙනවා වගේ අපිට දෙන්නේ. හැමදේටම කලින් ඒ මිනිසුන්ට වැසිකිළි පහසුකම් හදලා දෙන්නේ නැතුව අපිට කරන්න එනවා. අනිත් රටවලිනුත් අපිට ආධාර උපකාර කළාම ඒ රටේ නායකයා තාක්ෂණය මගින් අපිව අමතනවද? මෙයාට විතරක් මොකද්ද තියෙන අමාරුව අපිව අමතන්න. අපේ අයටත් උඩින් එයා වගේ ඉන්නේ දැන්. අපිට පෙනෙන්නේ එහෙමයි.. (නි)
මතකනේ ඇමරිකාව අපිට නිකන් කන්න දුන්න තිරිඟු පිටි. දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ මිනිස්සු ඇබ්බැහි වෙච්ච තරම කිව්වොත් පාන්පිටි පොඩ්ඩක් කෑවේ නැත්තන් බඩ පිරෙන්නේ නැහැ. මේවා වෙළඳ උපක්‍රම. අපේ දේශපලුවොත් කීයක්හරි අරගෙන අපේ මිනිස්සු ගොනාට අන්දවනවා. අන්තිමට අපේ රීරි මාංශ උන් උරාගෙන බොනවා. අනික ඉන්දියාව අපේ කරට අත දාගන්නවා කියන්නේ අපිටත් හොරා අපේ හදවත ගළවාගන්න ජාතියක්. (නි)
ඕනෑම සේවාවක් අලුතින් හදුන්වා දෙන්නේ නිකං තමයි. තව ටික දවසක් ගියහම කට්ටියට බලාගන්න පුළුවන් වේවි මේක සේවාවක්ද නැත්නම් ව්‍යාපාරයක්ද කියලා. ඉන්දියාව අපිට ප්‍රධානය කළා වගේ සිය ගුණයක් අපෙන් එහෙට අරගෙන යනකොට අපි ප්‍රමාද වැඩියි. (ර)
හොඳ වැඩක්. ආරම්ඹය වගේම පැවැත්මෙ වගකීම ගන්න! (ර)
මේ සේවය නොමිලේ දීම හොඳයි. එත් මිනිස්සු අනවශ්‍ය විදියට පාවිච්චි කළොත් අවශ්‍ය කෙනෙකුට ගන්න ලැබෙන්නේ නැහැ. (නි)
මේ කබල් වල ගැස්සි ගැස්සි යද්දි මගදී ලෙඩා පරලොව යනවා... (ර)
නිකන් දෙනවනම් හිසරදේ උනත් ගන්න අපේ අය කැමතිනේ. කාලයක් යනකොට සැබෑ අරමුණ තේරෙයි... (ර)
ඉන්දියානු ටෙලි බල බලා, අපි කියනවා ඔවුන්ගේ රට දුප්පතුන් මළපහ කරන්නේ පාරෙලු. එහෙම තියෙද්දී අපිට නිකන් දෙන එකේ කොස්සක් තියෙනවලු. එහෙනම් මහත්තුරුනේ, අපේ රටට කිරි ඉතිරිලා වෙන්න ඇති පහුගිය දවස් වල මිලියන ගණන් තෑගි දුන්නේ අනික් රටවල් වලට. ඔක්කොටම කලින් ඉන්දියාවේ තරමයි අපේ රටේ තරමයි තේරුම් ගත්තා නම් හොඳයි (නි)
පුදුමය කියන්නේ එකම දවසේ පාර්ලිමේන්තුවේ එක කණ්ඩායමක් ගිලන්රථ දියත්කරනකොට තව කණ්ඩායමක් ඒවාට පහරදෙනවා (නි)
හර්ෂ, එයාලා නිකන් දෙන්නේ අාසාවට නොවෙයි. ඊට වඩා දෙයක් එ්ක ඇතුළේ තියෙනවා. මතුපිටින් පේන දේ බලලා තීරණ ගන්න එපා. (නි)
අපේ රටේ කන්න අඳින්න නැතුව අසරණ අම්මලා දරුවන් සමඟ ගඟට මුහුදට පැනලා මැරෙන කාලේදී අපේ රජතුමා උගන්ඩාවට ඩොලර් කෝටි ගණනින් තෑගි දෙනවා. අන්න ඒ අයව මුල්ලේරියාවට සැප පහසුවට අරගෙන යන්න නම් හොදයි. (නි)
හර්ෂ ඇමති තුමනි කොහොමත් ඔබේ වැඩ අපි බලා ඉන්නවා, අගය කරනවා. සමහරුන්ට හොද දේට හොදයි කියන්න වත් තරම් ප්‍රඥාව නෑ . එක ජාතියේ අවාසනාව. එත් එක්කම කියන්න ඕනේ , මේ වෛද්‍ය සහායකයන් (පැරාමෙඩික් ) අයට හරිනම් වසර දෙකක් වත් පුහුණුවක්ද, නිතිපතා පුහුණුව හා ඇගයීමද අවශ්‍ය වෙනවා. බදවා ගැනීමේ පටිපාටියද විධිමත් කල යුතුයි. ඒ වගේම ගිලන් රථ වලට ඇති මාර්ග අවහිරතා මග හැරවීමට නීති රීතිද, රියදුරන්ට විශේෂ පුහුණුවක් හා බලපත්‍ර ලබාදීම වැදගත්. වෙනත් රටවල නම් හදිසි ගිලන් රථ යන විට මාර්ගය ඉඩ නොදීම බරපතල වරදක් සේ සලකා දඩු වම් දෙනවා. (ර)
අපේ රටේ ඉන්න කුහක මිනිස්සුන්ට මොනදේ කලත් කිසිම හොදක් ලැබෙන්නේ නෑ... මේක රටේ අවාසනාව. (ර)
ඉන්දියාව කියන්නේ ලෝකයේ බලවත්ම රටවල් කිහිපයෙන් එකක්. රාජ්‍යයක් හැටියට ඉන්දියාව දුප්පත් නැහැ. (නි)
නිකන් දෙනවනම් හොරිත් මොකද කස කසා ඉන්න. (ර)
ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන ක්‍රමයක්,අපටත ලැබීම ජනතාවගේ වාසනාවක්, ලබුණවගේම නොකඩවා නිසියාකාරව ක්‍රියාත්මක වීමටද වග බලා ගතයුතුයි, රථවල කොලපාට ගාපු එකනම් හොද මදිය ,ඒවා දේසපාලන ගොන් මතය, (අ)
මත්තල ගුවන් තොටටත් ,හම්බන්තොට වරායටත් වඩා රටේ ජනතාවට ප්‍රයෝජනවත් වටිනා වැඩක් ,(අ)
හරි, මම අර අජිත් රොහාන්ගෙන් අහන්න කැමතියි ඔය කියන විදිහේ දුප්පතුන් ඉන්නේ ඉන්දියාවේ විතරද කියලා? ඇයි චිනේ නැතිද? අමෙරිකාවේ නැතිද? හොදට මතක තියාගන්න ජනගහනය නිසා ඒක පුද්ගල ආදායම අඩු වුනත් ඉන්දයාව සහ චීනය කියන්නේ ලෝකයේ බලවත් ආර්ථිකයන් සහ රාජ්‍ය දෙකක් බව. (ර)
ලංකාවේ තිබුණු විශාලතම ප්රශ්නය විසඳී ඇත. දැන් ලංකාව ගොඩ. මේවා දුවන්න පාරවල් ටික හදපු අයව කොහොමහරි හිරේ දමමු (නි)
දැන් පාගමන් ආවට බයවෙන්න දෙයක් නැහැ. ඒවාට විරුද්ධව යවන්න ඇම්බියුලන්ස් තියනවා (නි)
ඉන්දියාව අපිට හරි ආදරෙයි වගේ නේද? උඩින් ඇවිල්ලා පරිප්පුත් දුන්නනේ. ලංකාවේ කොටින්ට කිරිත් පෙව්වනේ. අපේ මාළුත් හොරෙන් කනවනේ. තව මොනවද. (නි)
ඉන්දියාව දරුණු විදියට විරැකියාව පවතින රටක්. ඒවාට විසදුම් සොයන්න තමයි මේ ඔක්කොම උප්පරවැට්ටි. (ර)
හර්ෂ, හරියට කාරණය තේරිලා නැහැ. මම නව දිල්ලියට අවස්ථා කීපයක් ගිහින් තියනවා. (කයිවාරු ගහන්න කියනවා නොවෙයි අනේ) නව දිල්ලිය නම් සුරපුරක්. එත් පැරණි දිල්ලියට ගිහින් බලන්න හැටි. ඒ වගේම සැතපුම් කීපයක් දිල්ලියෙන් පිට ගිහින් බලන්න තියන අපිරිසිදුකම. මොනවා කිව්වුවත් අපේ රටේ ඒ වගේම අපිරිසිදු නැහැ. අපේ පිටිසර මිනිස්සු සැප නොවින්දත් දුක් විදින්නෙම නැහැ . මේ ටික මම කිව්වේ මේ ලියන සමහර අය කාරණයේ බරපතලකම තේරුම් අරගෙන නැති බව පේනා නිසායි. වැඩේ වැරදුනාට පස්සේ අනේ අපොයි කියල වැඩක් නැහැ. පරිස්සම් වියයුතුයි. (ර)
හොඳ දේ හොදයි කියන්න පුරුදු වෙන්න. අපේ රටේ නැති උනාට ගිලන් රථ සේවය වෙනත් රටවල තිබෙනවා. ප්‍රමාද වෙලා හරි මේ ඇතිකළ සේවය හොඳයි. (ර)
හර්ෂ ඔයාගේ කටේ මසුරන් දන්නා ඕන. ඔක්කොම කතාව දෝලාවෙන් ගමන පයින් කට්ටිය. (ර)
ජනතාවට මිනීපෙට්ටිත් නොමිලේ සපයන්න සුදානම් වෙයිද දන්නෙ නැහැ මෙහෙම යනකොට? (නි)
දකුණුට මේ වගේ දෙයක් දුන්න එකට ගොඩක් පින්.(හේ)
තාම මේ රටේ ළිං මැඩියන්ට ඉන්දියානු සහ චීන වෙළඳ පොළවල් ගැන දැනුමක් නැහැ වගේ. අද ලෝකේ මැදපෙරදිග ඇතුළු බොහෝ ව්‍යාපෘති කරන්නේ මේ රටවල් දෙක. ඒ තුළින් බොහෝ රැකියා ජනිතවෙලා තියෙනවා. (නි)
මේ රටේද රාජ්‍ය සහ පෞද්ගලික ගිලන් රථ සේවා පහසුකම් ඇත. රෝහල් වලට දුරකතනයෙන් කතා කළවිට ඔවුන් පැමිණ රෝගියා රෝහලට ගෙන යයි. මේ ක්‍රමය හොඳ එකක්. නමුත්, දහසකුත් එකක් සෞඛ්‍ය ප්‍රශ්න තිබියදී, අතිශයින් දුප්පත් රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවාවක් ඇති රටක්ව සිටියදීත්, පැල්පත් හා මුඩුක්කු වල බිමට පිරිසිදු ජලය නැතුව සිටියදී, කාන්තා රෝග අධිකව තිබියදී, ග්‍රාමීය සෞඛ්‍ය අංශය ඉතාම පහළ තත්වයක තිබියදී ඉන්දියාව කොහොමද ශ්‍රී ලංකාවට උදවු කරන්නේ? ඉන්දියාවේ දුප්පත් ජනතාව ශ්‍රී ලංකාවේ දුප්පත් ජනයාට වඩා පහත් මට්ටමක සිටින අයවෙති. එසේ වනවිට ඉන්දියාව තම සේවය ධනය යෙදවිය යුත්තේ ඔවුන්ගේ දුප්පත් ජනයාට නොවේද? මේ ගිලන් රථ සේවා පසුපස ඇති සැඟවුණු සැලසුම් මොනවාද? (නි)