පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද උදේ කැඳවා තිබුණත් ඔහු නියමිත වේලාවට නොපැමිණි බව එහි ආරංචි කියයි.
නාමල් රාජපක්ෂ මහතාගේ ගවර්ස් නීතීඥ සමාගම ගැන තොරතුරු දැන ගැනීම සඳහා ඔහු අද කැඳවා ඇත.
එම සමාගමේ ගනුදෙනු කිහිපයක් ගැන ප්‍රශ්න කිරීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සූදානමින් සිටි බව ද වාර්තා වේ.
ඇවන්ගාර්ඩ් ආරක්ෂක සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිස්සංක සේනාධිපතිගෙන් පසුගිය මැයි 31 වැනි දා ප්‍රශ්න කර ලබා ගත් තොරතුරක් මත නාමල් කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.
නිස්සංක සේනාධිපති ගවර්ස් නීතීඥ සමාගමට රුපියල් ලක්ෂ 220ක් දෙන ලදැයි කියති. එය ගවර්ස් සමාගමට දුන් පෞද්ගලික ණයක් බව සේනාධිපති කියා ඇතත් එවැනි මුදලක් නීත්‍යනුකූල ආකාරයෙන් ලබා දී ඇත්දැයි සොයා බලන බව එෆ්සීඅයිඩී ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරහට මොනවා වේවිද? (නි)
මැතිවරණ වේදිකා වල කියපු හොර කම් ගැන නොවයි හොයන්නේ ඒ කියන්නේ බොරු කියලා තියෙන්නේ දැන් කරන්නේ එක බොරුවක් වහ ගන්න බොරු දහයක් ගොතන එක නේද ?(හේ)
හැමදාම යනවා එනවා.(හේ)
චින්නුන්ගෙන් කොණ්ඩයක් ඉල්ලාගෙන එන්න හිතෙනවා බැඳගන්න. අනේ! කෝටි 2 ක් ලියකියවිලි නැතුව දීලා? (නි)
ඒකයි මේ හදිස්සියේ නවලෝක රෝහලට ඇතුල්කළා කියන්නේ (බ)
බය වෙන්න දෙයක් නෑ තනියට ගම්මන්පිලත් ඉන්නවනේ , (ම)
මේ වැඩ පිළිබඳව හිටපු ජනාධිපතිතුමා සහ ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය හැර මුළු රටම දන්නවා. එසේ වුවත් අධිකරණයට මේවා සළකා බලන්න වෙන්නේ නීතියට අනුව වීම නිසා කටමැත දොඩවමින් හොරු සුදනෝ වෙන්න හදනවා. අධිකරණයට අමතරව දෙවියොත් ඉන්න බව හොරුන්ට අමතක වුණාට අපට නම් අමතක කරන්න පුළුවන් කමක් නොමැත (නි)