
(අංජුල මහික වීරරත්න)
ජාතික නාමල් උයන සුවිශේෂී පරිසර උරුමය සුරක්ෂිත කරමින් මතු පරපුර වෙත දායාද කිරීමේ ජාතික වගකීම සියලුදෙනා වෙත පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙරට ජාතික උරුමයන් හඳුනා ගැනීම, සංරක්ෂණය කිරීම සහ අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් ප්‍රථම වරට ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක් පිරිම සැමරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීය.
මෙම උත්සවය ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි. ජාතික නාමල් උයන 35 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුල් දින කවරයද, ‘ජාතික නාමල් උයන ශාස්ත්‍රීය සංග්රහයද’ වනවාසී රාහුල හිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
මෙහිදී අනුශාසනාවක් සිදු කළ ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් සඳහන් කළේ මෙම අවස්ථාව වත්මන් රජය ඉටු කළ විශිෂ්ටතම පාරිසරික සේවාව ලෙස ඉතිහාසයට එක්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd