නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයන අලුත් “ වයිෆයි “ කලාප පනස් දෙකක් (52) පෙරේදා (9) දිස්ත්‍රික්ක දාහතක් ආවරණය කරමින් සක්‍රිය කළ බව ජාතික තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහනක් කළමනාකාර ගවෂ්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.
ඒ අනුව මේ වන විට වයිෆයි කලාප හැත්ත අටක් (78) රටපුරා සක්‍රිය වෙයි. මහජනතාව සුලභව ගැවසෙන ස්ථානවල මෙම කලාප සක්‍රිය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහාල් මහතා හරි. යහපාල අයියට කියන්න තියෙන්නෙ නොදන්නා කම ප්‍රදර්ශනය කරන්න එපා කියලා විතරයි. "කට වසාගෙන සිටිනාතාක් මෝඩයාද නුවනැත්තෙකි" කියලා පැරණි කියමනක් තියෙනවා.(ම)
පිවිතුරු යහපාල , මදි තමයි නමුත් ලද දෙයින් සතුටු වෙන්න බුදුරදු කියලා තියෙනවා ... අපි මේක ටික වුණත් ඇති මෙහෙමවත් දුන්නානේ..(ම)
පිවිතුරු යහපාල වයිෆයි විශේෂඥයෙක්ද කොහේද. මේක කරන හැටි එයාගෙන් උපදෙස් ගන්න තිබුනේ.(ම)
පිවිතුරු යහපාලගෙ නෝනා නම් මාර අවාසනාවන්තයි. මොනව කළත් යහපාලව නම් සතුටු කරන්න බැරුව ඇති නේද ? (ම)
හොඳ දේවල් අගය කිරිමට අපේ දුවා දරුවන්ට කුඩා කළ සිටම කියා දෙමු. එහෙම නැති උනොත් අනාගතයේ බිහිවන්නේ වැරදිම දකින සමාජයක්...(ම)
කෝ කට්ට්ය දින 100 ට මොනවද කලේ . ලංකාවේ මෝඩ මින්නිස්සු ඉල්ලන් කෑවා...(ම)
රටේ දියුණුව මුළුමනින්ම නැති වුනා , මේ සිනි බෝල වැඩ තමයි මේගොල්ලන්ට කරන්න පුළුවන් . ලොකු සංවර්ධන වැඩ කරන්න පන නැහැ .(ම)
හරි හරි ..යහපාලනේ අන්තර්ජාලය දැකල නැති කට්ටියට මේවා මැජික් උනාට දවසකට රුපියල් පහක්වත් නොවටින මෙගා බයිට් කීපයක් හිඟන්න තරමට මේ රටේ අන්තරජාලය භාවිතා කරන්නන් හිගන්නන් නෙමෙයි..3g, 4g තාකෂනයත් එක්ක හැපෙන රටක 4 mb කියන්නේ මෝයකටක් හරහා පොල් කෙන්දක් ගියා වගේ තමයි.. ඔය මාසෙටම දෙන 100න් මාසෙට ඉතුරු වෙන රුපියල් 30-40 එකතු කරලා කට්ටිය නන්නත්තාර වීගෙන එන යහපාලනෙට පින් තකා බලු කපුටු දානයක් දෙන්න. (ස)
මම ඉන්නේ අනුරාධපුරේ පූජානගරේ ඒ කියන්නේ අනුරාධපුර මහනගර සීමාවේ. මට නිකන් එපා මට සල්ලිවලට ADSL හෝ 4g සම්බන්ධතාවක් දෙන්න. කිසිම් සමාගමක් ඒකට සමත් නැහැ. ඔකයි ලංකාවේ තත්වය. ඈත ගම් ගැන කිනම් කථා ද. කොළඹ ඇතුලු නගර කිහිපයකට නොමිලේ ඉන්ටර්නෙට් දෙනවා. (අ)
ඔය කියන කලාපයක් බොරැල්ල මන්සන්ධියේත් ඇතිකරන්න මොකද ඒ පැත්තෙන් යන වාහනයක් විනාඩි 15 ක් වත් ඔතන හිරවෙලා තියනවා . ඉතින් අපතේ යන කාලයෙන් ඔය කියන මෙගා බයිට් ඔතනදී පාවිච්චි කළ හැකියි (බ)
පරණ සිංහල කියමනක් තියනවා " කන්දක් විලිලාල මීපැටියෙක් වදනවා " කියල මම හිතන්නේ ඒ කාලෙත් ලංකාවේ මේ වගේ බොළඳ වැඩ තිබිල තියනවා . ටෙලිකොම් එකෙන් මේ සංවර්ධන වැඩේට කොපමණ මුදලක් වෙන් කළාද දන්නේ නැහැ . අර උත්සවයට වගේ රුපියල් 6000 ක් විතර නම් කමක් නැහැ ඉතින් (බ)
නොමිලේ කලාප කවුරුත් ඉල්ලුවේ නැහැ.ස්මාර්ට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක් භාවිතා කරන කෙනෙකුට මාසෙකට දෙන රුපියල් තිහ හතළිහක් වටිනා මේ මෙගා බයිට් 100 මොකටද? කළයුත්තේ මේ දේ නෙමෙයි.අන්තර්ජාල පහසුකම් සපයන්නන් අන්තර්ජාලයෙන් කරන ගසාකෑම නතර කිරීමයි.අඩු මුදලට වැඩි එම් බී ප්‍රමාණයක් ලබාගන්නා අවස්ථාව සැළසීමයි.මාසික පැකේජ වල භාවිතා නොකර ඉතුරු වන ප්‍රමාණයන් අනෙක් මාසයට එකතු කිරීමේ වැඩපිළිවෙලක් සකස්කිරීමයි. (නි)
සහතික ඇත්ත...නියමයි පිවිතුරු (බ)
පිවිතුරු යහපාලට මොනව කළත් හොඳක් දකින්න බැහැ. අනේ මන්ද කවදා හැදෙයිද කියලා. ඔයාගේ ජීවිතේ නම් හරිම අතෘප්තිමත් ඇති කියලා හිතෙනවා. සක්විති රජකම හම්බ උනත් සතුටු කරන්න බැරි කෙනෙක්.(බ)
ලෝකයේ දියිුන රටවල වයිෆයි කලාප බොහෝ තැන්වල තියෙනවා. ඒක සංචාරකයින් එන රටවල විශේෂයෙන්ම තියෙන්න ඕනේ. මේක හොඳ වැඩක්.(බ)
මේ ලෝකයේ කිසිම රටක මාසයකට සීමාවී තිබන ප්‍රමාණය ඉතිරි වුනාම ඊළඟ මාසයට ගෙනයන්න දෙන්නේ නැහැ.මේ පිවිතුරු යහපාල කියන විදියට.(බ)
සමහර සංචාරක කර්මාන්තය දියුණු රටවල වයිෆයි විතරක් නෙමෙයි දුරකථන පහසුකම පවා නගර සීමාන්තර ඇතුළත නොමිලයේ තියෙනවා. අපේ රයටත් මේ කරන දෙය හොඳයි.(බ)
නිකං හම්බ වුණු අස්සයගේ දත් බලන්න එපා යහපාලයියේ. ලද දෙයින් සතුටු වෙන්න බලන්න. (බ)
හොඳයි නේද මේ වැඩේ නම්..(ම)
හොඳ දේට හොදයි කිව්වට දත් හැලෙන්නේ නැහැ යහපාල මහත්තයෝ. මෙහෙමවත් ලැබෙන එක ලොකු දෙයක් (ම)