සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයෙන් ලබන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජනපතිවරණයට දින නියම කළ පසු ප්‍රකාශයට පත් කරන බව එහි සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති.
තම වැඩපිළිවෙළට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණද එකඟත්වයක් ගොඩ නැගෙන ලකුණු ඇතැයි ද ඒ හිමියෝ කියති.
සෝභිත හිමි ,චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,රනිල් වික්‍රමසිංහ හා කරු ජයසුරීය යන සිව් දෙනාගෙන් කෙනකු බොහෝ දුරට පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනීමේ ඉඩකඩ ඇතැයි ද ඒ සඳහා යළි රැස්වීමක් ලබන10 වැනිදා පැවැත්වීමට නියමිත යැයිද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් අද රටේ මිනිස්සු කළගුණ හොඳින් දන්නවා (නි)
මම නම් දකින්නේ මේවා පරණ මුට්ටි වඩා පිළිගත් දෙන්න නැහැ ශිරාණි බණ්ඩාරනායක සහ අත්තනායක ඇමි හේරත් මැතිතුමා .(අ)
මෙම අපේක්ෂකයන්(යෝජිත) හතරදෙනාගෙන් රනිල් මහතා හැරෙන්න වෙන කිසිම අයෙක් කොහෙත්ම සුදුසු නැහැ. රනිල් මහතාගේ ප්‍රවීන,අවංක, සත්‍යගරුක සහ දුෂණ, වංචා හෝ පක්ෂ පාවාදීම් වලින් තොර වැදගත් දේශපාලනය අද ලංකාවේ වෙනත් කිසිම කෙනෙක්ගේ නැහැ. අවාසනාවට තවම ලාංකිකයන්ට එතුමාගේ වටිනාකම තේරුම් ගැනීමට හැකියාවක් ලැබී නැහැ.(හේ)
අපෝ ආයෙත් අපිට හාල් පොලු එපා අනික විස්කි නෝනනම් කොහෙත්ම එපා.(අ)
මේ ටික නම් නොකියාම බැහැ. අතීතයේ ඒකාධිපති ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව හරහා අනුමත කරවාගත් සමහරුන් යටතේත් පසුපෙළ නායකයන් බිහිවුණා. එහෙත්, අද? කවුරුන් හෝ ඉන්නවා නම් පෙන්වා දෙන්න (නි)
අපි නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඔහේ ඉන්නවා (නි)
මම කතෝලික. නමුත් සෝභිත ස්වාමින් වහන්සේට ගොඩක් ගරුකරන කෙනෙක්. ඔබවහන්සේ අනුන්ගේ ලණු කන්න නම් එපා (නි)
අපිට නම් ඔය කවුරු ආවත් ප්‍රශ්නයක් නැහැ. මේ රටේ සිංහල බෞද්ධයාගේ, රටට ආදරය කරන සැමගේ පොදු අපේක්ෂකයා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.අපේ පොදු අපේක්ෂකයා අපි තෝරලා ඉවරයි. මෙයාලට නම් ඉතින් මැතිවරණ තියලා මහින්ද මහත්තයා තුන්වෙනි පාරටත් ජනාධිපතිකම් කරලා හතරවෙනි පාර ඉල්ලනකොටවත් මම හිතන්නේ කෙනෙක් තෝරාගන්න බැරිවේවි.කොහොම කොහොම හරි 2005 ට කලින් තිබුණු යහපාලනය අපිට ගෙනවිත් දෙන්න කට්ටිය පොර කකා වෙහෙස මහන්සි වෙන හැටි දැක්කම දුකකුත් හිතෙනවා, අනේ මේ අපි වෙනුවෙන් නේද කියලා (නි)
මට හරි පුදුමයි ...අද රට හමුවේ තියන එකම අභියෝගය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරිමද .?(හේ)
හැකි ඉක්මනින් රට බේරා ගනිමු.(අ)
මම කියන්නේ රනිල් මහත්තයාා එජාපෙන් ඉල්ලවොත් දිනන්න බැභැ. හැබැයි පක්ෂයේ වෙන කෙනෙකුට ඉල්ලන්න දෙන්නත් බැහැ. මොකද එභෙම කෙනෙක් ඉල්ලලා දිනලා ජනාධිපති වුණොත් පක්ෂ නායකකමත් ඒ කෙනාට යනවා. ඒ හින්දා ඔය පොදු අපේක්ෂකයො අන්තිමට ඡන්දය දිනට අතරමං වෙනවා. (නි)
තවදුරත් කල්පනා කරන්න. මෙම අවස්ථාව අපේ රට ගැන හිතන්න හොඳ අවස්ථාවක්. (නි)
අපි නම් රනිල්ට.(හේ)
ඇවිල්ලා හොඳට රට පාලනය කරනවා නම් මම උපරිමයෙන් සහයෝගය ලබාදෙන්න බලනවා (නි)
කවුරු ආවත් අන්තිමේදී දිනන්නේ මහින්ද මහත්තයා (නි)
රටේ තිබෙන වංචා දුෂණ ගැන, මහජන මුදල් ගසාකෑම ගැන කිසිම දැනුමක් නැති බොහෝ දෙනෙක් ඉන්න බව අදහස් වලින් පෙනෙනවා. (නි)
මෙතන මම දකින දෙය අනුව පැහැදිලි වෙන්නේ අතිගරු ජනාධිපතිතුමාට මුහුණට මුහුණ තරඟයක් දෙන්නට හැකි ජගතෙක් අපේ රටේ තවමත් පහළ වී නැති බව නොවෙයිද? (නි)
මේකට හරියන්නෙම සජිත් මහතාව පමණි (බ)
මෙතැනට තවනම් තියනවා ..කොස්තාපල් පුන්යසෝම ,බෙනා මාමා,සක්විති රණසිංහ .වාරියපොළ කුමාරිහාමි ,වගේ අයගේ නමුත් දාලා බලන්න (හේ)
මට නම් මේ හතරත් ප්‍රමාණවත් මදි (නි)
කවදත් කෙළින් අවංකව වැඩකළ උගත් රනිල් තමයි සුදුසු (නි)
මහින්දට තුන්වරක් පුළුවන් නම් චන්ද්‍රිකාටත් තුන්වරක් පුළුවන්. පොදු අපේක්ෂක ලෙස චන්ද්‍රිකා ඉල්ලුවොත් අනිවාර්යයෙන් දිනන බව මට විශ්වාසයි. නමුත් ඊළඟට රටේ ප්‍රශ්න විසඳන්නේ කවුද? (නි)
ඊලග පොදු අපේක්ෂකයා මම.(හේ)
මෙතන තියෙන්නේ විශ්වාසය හෝ අවිශ්වාසය නෙමෙයි. නීතිය රජකරවන අලුත් ආණ්ඩුවක් පත්කරගැනීමට මැතිවරණයක් පවත්වා නීතියට,ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන රජයක් පත්කරගැනීමයි. ඒක මහජනයාට බාරයි. (නි)
කරු ජයසූරිය මහත්තයා පොදු අපේක්ෂකට හොදයි.(හේ)
ජනනි ලොකුහේවා,දේශපාලනයේ සදාකාලික වීරයෝ නැහැ. ඒ නිසා පමණට වඩා අතිශයෝක්තියෙන් හිතන්න යන්න එපා. දුටුගැමුණු රජතුමා පවා අදාළ භූමිකාවෙන් පසු ගරු කටයුතු ලෙස ඉතිහාසයට එක්වුණා. හැබැයි ඊටපසු තවත් වීරයෝ රැසක් මේ රටේ බිහිවුණා. ඒ නිසා දැන් සිටින වීරයාට ගරුකරන ගමන් ඔහු සදාකාලික වීරයෙකු යන සීමාරහිත ගැතිභාවයෙන් අපි නම් ඉවත්වෙලා ඉන්නේ. (නි)
කවුරු අවාත් අපි දිනුම්.(හේ)
දැන් අර සමන්ත මහතා කියන ගතිගුණ තිබෙන පාලනයට සුදුසු කෙනෙක් රටේ ඉන්නවද? (නි)
අපිත් මහින්ද මහතාට කැමති එත් යුද්ධය ඉවරයි බඩුමිල ඉහලයි,චාන්ද්‍රිකගේ කලේ යුද්ධය ඉහලයි බඩුමිල පහලයි.(හේ)
අතුල, ඒ වැඩෙත් දිගටම ගෙනියන ගමන් දෙවන සැළසුමකුත් තියෙන්න ඕනෑ. මොකද වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පුළුවන් කිව්වොත්? වර්ජනයකට යන්න අපහසුයි එක ප්‍රධාන පක්ෂයක් හරි තරඟ කළොත්. (නි)
තුන් පාරක් බැරි වුනාට කොහොම හරි ඉල්ලුවොත් එකටත් සැලැස්මක් තියෙන්න එපාය. සෝභිත හිමි තමා හැමදෙනාටම පොදු. (හේ)
චන්ද්‍රිකාගේ කාලේ නීතියක් තිබුනා. අද කෝ නීතිය? මොළෙන් හිතන්න. යුද්ධය ඉවරයි. මොනවද ඊටපස්සේ කළේ? අපිට දැන් නීතිය ඕනෑ, යහපාලනය ඕනෑ, සමානාත්මතාවය ඕනෑ. (නි)
"හැකි ඉක්මනින් රට බේරා ගනිමු" (හේ)
ලෝකේ පිළිගත් එකම නායකයා රනිල් එතුමා අවංකයි විනයක් තියෙනවා රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් එතුමාට විතරයි.(හේ)
ඔය සුදුස්සන් නම් කළ ඇත්තන් ඊළඟට කියන්න ඒ සුදුස්සා රටේ අනෙක් වැදගත් තනතුරු වලට කවුරු නම් කරයිද කියලත්. මෙතන ප්‍රශ්නය තියෙන්නේ සුදුස්සන්ගේ පානෙන් එළිය බල බලා රට වටේට ගසා කන්නට බලාගෙන ඉන්න කට්ටියක් වටේට ඉන්න එක. මට බන්දුල පෙරේරාගේ උත්තර අනවශ්‍යයි. අනෙකුත් බුද්ධිමත් අයගේ පිළිතුරු තිබුනාම ඇති. (නි)
අර කවුද කිව්වා වගේ අපේක්ෂකයා වැදගත් නැහැ. ධූරය අහෝසි කිරීමේ වැඩපිළිවෙළ, ප්‍රජාතාන්ත්‍රික වැඩපිළිවෙළ, එහි ප්‍රයෝගිකභාවය සහ කාල රාමුවයි වැදගත්. (නි)
ඇත්තටම නියම දක්ෂයා සජිත් මහතායි. එහෙත් එතුමාට තව කල් තියෙනවා. (නි)
දැන් දේශපාලනය කරන්න එන පොඩි එකා පටන් ගන්නෙත් කෝටි ප්‍රකෝටි වලින්. අනිවාර්යෙන්ම මේ යන ක්‍රමය නම් වෙනස්විය යුතුමයි. (නි)
මේක තමයි ජනතාවට සිහිනුවණින් කල්පනා කරලා තීරණයක් ගන්න හොඳම වෙලාව (නි)
මමත් කියන්නේ රනිල් මහත්තයා එන්න ඕනෑ. එතුමා හරිම අවංක බුද්ධිමත් නායකයෙක්. එතුමා තුළ ඇති හැකියාවන්, ලෝකයත් එක්ක ගනුදෙනු කරන හැටි හරිම විශිෂ්ටයි (නි)
චන්ද්‍රිකාට තුන්වරක් පුලුවන්ද කියන ප්‍රශ්නය පැනනඟින්නේ නැහැ. මහින්දට තුන්වරක් බැරි නම් තමයි, චන්ද්‍රිකාත් නුසුදුසු වෙන්නේ. කවුරුහරි කමක් නැහැ රට බේරාගන්න. (නි)
විධායක බලය හරියට යෙදූ එකම නායකයා තමා අද ඉන්න ජනාධිපතිතුමා. අනිත් හැමෝම ඒක පාවිච්චි කළේ රට වනසන්න. එතුමා තව දහස් වාරයක් ඉල්ලුවත් අපි එතුමාට ඡන්දෙ දෙනවා. අපිට මතකයි ඒ දවස් වල ජිවත් වුණ හැටි. පාරක යන්න බැහැ. බෝම්බ,පාතාලය . ව්‍යාපාරයක් කරන්න බැහැ කප්පම් දෙන්නේ නැතුවත දැන දෙවියනේ කියලා අපි නිදහසේ ඉන්නවා. සිංහල මිනිසුන්ට ඉක්මනට හැමදේම අමතක වෙනවා වගේ මේ සිංහල අදහස් දැක්කහම මට හරිම කණගාටුයි (නි)
කවුරු මොනවා කිව්වත් මේක හොද වැඩක්.(හේ)
දැන්වත් බල පෙරේතකමින් තොර නියම මහත්මා දේශපාලන ක්‍රමයක් බිහිකළොත් හොඳයි. (නි)
මෙතන ඉන්න අය ඔක්කොම පක්ෂ දේශපාලනය කළ අය නේද? (නි)
සමන්ජය මහත්තයා අමුතු තුරුම්පුවක් ගහන්න වගෙයි හදන්නේ. (නි)
දැන් මේ හතර දෙනාගෙන් කවුද දන්නෙ නැහැ පොදු අපේක්ෂක වෙන්නේ? (නි)
අපේ අය බටහිරට අටවන උගුලට අහුවුණොත්, අනේ! මේ රටට දෙවියන්ගේ පිහිටකුත් නැහැ. (නි)
අනුර කුමාර මහත්තයා එනවා නම් මම කැමතියි (නි)
මට පෙනෙන්නේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට මුහුණදීමට ප්‍රබල දේශපාලන පක්ෂයක් නොමැති නිසා මේ පක්ෂ ඔක්කොම එකතුවෙලා පොදු අපේක්ෂකයන් සොයන්නේ.එයින්ම ඔවුන් ඔප්පු කරන්නේ බලගතු විපක්ෂයක් නැහැ කියලා නේද? (නි)
ගරුතර ස්වාමින් වහන්ස, පොදු අපේක්ෂකයා හැටියට වඩාත්ම සුදුසු වන්නේ ඔබවහන්සේ තමයි.අනෙක් කවුරුවත් ගැන අපට විශ්වාසයක් නැහැ (නි)
ආසයි ...බයයි .... (නි)
හේරත් මුදියන්සේ මහතා, ඔබේ අදහසට මම ගරුකරන ගමන් අහන්නේ දැනුත් අපිට පුරවැසියන් වශයෙන් අත්‍යවශ්‍ය සමහර දේවල් නැහැ නේද කියලා. ජනතාවට නිදහස තිබුනත් වැඩක් නැහැ නේද සමහර අංශ වලින් රට පරිහානියට ගිහිල්ලා නම් . (නි)
අවසන් සටන මහින්ද සහ කරු අතරයි. ප්‍රතිපලය - 52% - මහින්ද 48%- කරු (හේ)
විමල්, ලෝකෙට හොඳ වුණාට අපිට හොඳ නැහැනේ! (නි)
රනිල් සහ සජිත් තරගෙට බයයි. චන්ද්‍රිකාට කොහොමත් ඔක්කොගේම උදවු ලැබෙන්නේ නැහැ. සෝම හාමුදුරුවෝ එන එක අන්තර් ජාතික වශයෙන් හොද නැහැ. අන්තිමට එන්නේ කරු, එයා හොදයි එත් පන මදිය. ප්‍රතිපලය මහින්ද 52% සහ කරු 48%.(හේ)
ඔබ වහන්සේ ඒ කියන්නේ රටේ නීති විරෝදී ජනාදිපති තරගයට කැමතිද? ආණ්ඩු ක්‍රම නිතිය කඩන එකට ඔබත් එකගද ? ප්‍රශ්න තියෙන්නේ මහින්දට කිසිසේත්ම නැවත තරග කරන්න බැහැ කියන එකී ඉතින් ඔබල එකට විරුද්ධ නොවී කරන්න හදන්නේ ඒ නීති විරෝදී ක්‍රියාව පිළිගන්න එකනේ එහෙම ඔබලා ඇවිත් කරන්නෙත් නීති විරෝදී දේවල්ම තමයි.(හේ)
නදිනිගේ අදහසට මමත් ගරු කරනවා. (නි)
මමත් දන්නේ නෑ මේ අයට ඕනේ රට හදන්නද මහින්ද මහත්තය පන්නගන්නද හදනවනම් බලය තිබුන කාලේ බැරි වුනේ එය අනේ.(හේ)
ලෝකයම පිළිගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තරඟයට එනවා කියන්නේ පොදු පෙරමුණේ ඡන්ද ලක්ෂ ගානක් කැඩෙනවා. එක්සත් ජාතික පක්ෂය ,ජවිපෙ,ජෙනරල්ගේ පක්ෂය,.....සියලුම පක්ෂ එකමුතුව එනවා කියන්නේ චන්ද්‍රිකා නෝනට ඡන්දය ලැබෙනවා කියන එකයි. (නි)
රනිල් අපිට! අපි රනිල්ට! (නි)
දිලාන් හිතන්නේ මම බෙන්තර ගගෙන් එගොඩ කියලද? අපෝ නැහැ. මම මෙගොඩ. (නදී)
සෝභිත හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අරමුණ වචනයේ පරිසමාප්තයෙන්ම සාධාරන සමාජයක් ගැන වෙන්න ඇති. ඒත් අනිත් අයට කල් තිබුනා නේද මීට ඉස්සර ඕක ගෙනෙන්න? ඒ කොහොම වුණත් කුළල්කා ගැනීමෙන් තොරව වැඩේ කරගන්න (නි)
මෙම අපේක්ෂකයන්(යෝජිත) හතරදෙනාගෙන් රනිල් මහතා හැරෙන්න වෙන කිසිම අයෙක් කොහෙත්ම සුදුසු නැහැ. රනිල් මහතාගේ ප්‍රවීන,අවංක, සත්‍යගරුක සහ දුෂණ, වංචා හෝ පක්ෂ පාවාදීම් වලින් තොර වැදගත් දේශපාලනය අද ලංකාවේ වෙනත් කිසිම කෙනෙක්ගේ නැහැ. අවාසනාවට තවම ලාංකිකයන්ට එතුමාගේ වටිනාකම තේරුම් ගැනීමට හැකියාවක් ලැබී නැහැ......මොකද 2012 මහමැතිවරණය දිනලා බලය අරන් අවුරුදු 2කින් ලංකාවේ රින ශේෂයක තිබුන ආර්ථිකය දන දන ශේෂයකට ගෙනවා.එක කියන්න ලේසි වුනාට කරන්න හුඟක් අමාරු වැඩක්.එදා අවුරුදු 2න් ආණ්ඩුව පෙරලුනේ නැත්තම් අද ලංකාව ටිකක් හරි ඔලුව උස්සල.අපිට මෙච්චර ණය ගන්න ඕනත් නැහැ...
ගලබඩ ගොස් ඇති දුර..! හරි හරි එයා දිනුවහම සළකා බලන්නම්කෝ. හැබැයි ඉතින් ඔබතුමාගේ වයස අනුව තමයි ප්‍රතිඵලය දකින්න වෙන්නේ. (නි)
විපක්ෂය සමගිවෙලා කවුරු දැම්මත් දිනනවා.ඒක ඉර හඳ වගේ විශ්වාසයි. (නි)
මහින්දට රාජපක්ෂට තෙවරක් බැරි එක චන්ද්‍රිකාට පුලුවන්ද? රනිල් මහතා නම් අවංක බව සහ ඔහු කිසිදා ජනාධිපති නොවුණ වග දන්නවා. හිමිනමක් ජනාධිපති වන්නට හෝ දේශපාලනයට සුදුසු නැතිබවයි මට සිතෙන්නේ. මම සිතන්නේ පොදු අපේක්ෂක රනිල් මහතා වන්නට ඕනෑ (නි)
හේරත් මුදියන්සේ, ඔබගේ කීම මම අගයකොට සිතනවා. රටට විනාශයක් නොකර මහින්ද වැනි උතුම් පුද්ගලයෙකුට තව දිගුකලක් රටේ පාලනය බාරදිය යුතුයි. එය සියලු ජනතාව සිතට ගතයුතුයි. (නි)
සුසිර මහත්තයෝ, ඔයා බයවෙන්න එපා. (නි)
අහෝ ශාන්ති,ඔබ වැනි සිතුවිලි ඇති අය නිසා මේ රට අගාධයටම යනවා (නි)
ඔය එක් කෙනෙකුටවත් වැඩිය මට නම් සජිත් මහත්තයා විශ්වාසයි (නි)
ලංකාවෙ අයට අතීතය අමතක වෙනවා කියන්නෙ ඇත්ත තමයි. මේ හැමෝටම අතීතය අමතකවෙලා. (නි)
සෝභිත හාමුදුරුවනේ, ඔබ වහන්සේ පොදු අපේක්ෂකයා හැටියට එන්න. මට නම් අනෙක් කවුරුවත් විශ්වාස කරන්න බැහැ. ඔබ වහන්සේ ජනපති වෙලා සියල පනත් ක්‍රියාත්මක කරලා නැවත මැතිවරණය තියන්න මහජනයාට කැමති කෙනෙක් පත්කරගන්න. ඔබ වහන්සේ ඉල්ලන්නේ නැත්නම් සජිත් මහතා තමයි හරියන්නේ. රනිල් මහතා ඉතා අවංක, හොර වංචා නැති නායකයෙක්. එහෙත් අපේ රටේ මිනිස්සු එතුමා තේරුම් අරගෙන නැහැ (නි)
ගයාන් ඉපදුනේ 1989න් පස්සෙද? (නි)
පොදු අපේක්ෂකයා කවුරු ආවත් නයිට් රේස් නැති කරන්න නම් එපෝ. (නදී)
බන්දුලගේ වයස ගාල්ල පැත්තේ උදවිය නම් හැමෝම දන්නවා. (නි)
මීළඟ ජනපති මහින්ද මහත්මයාමයි. අපි කවදත් මහින්දට තමයි (නි)
චන්ද්‍රිකාගේ කාලයේත් දුෂණ වංචා තිබුනා. නමුත් මේවගේ දුෂණ වංචා තිබුනේ නැහැ. ඒ විතරක් නොවෙයි. තමන්ගේ දරුවන් දෙදෙනාව ඉතා ශීලාචාර වැදගත් විදිහට හැදුවා.ඒ වගේමයි මුළු ලෝකෙම පිළිගන්න නායිකාවක්. (නි)
ඔය බලයට තිබෙන කැමැත්ත කාටවත් නැතිවෙන්නේ නැහැ. (නි)
අවශ්‍යම කෙනා, ජනතාව ඉල්ලන කෙනා මෙතන නෑ. ඒ තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා. එයාවයි ඔතනට ගෙන්න ඕන. හම්බන්තොට රාජපක්ෂ බලකොටුවේ හැප්පිලා බලය රැකගෙන ඉන්න පුද්ගලයා. ඒ වගේම මුළු රටේම ජනතාවගේ හිත දිනාගත් නායකයා.(හේ)
මේ පාර ඡන්දේ මහා වංසයේ ලියවෙනවා.(හේ)
කිසිම තනතුරකට කිසිම කෙනෙකුට සදාකාලික සුදුසුකමක් නැත. ඒ නිසා යායුතු විට නික්ම යා යුතුය. (නි)
රනිල් මැතිතුමා පමණි විශ්වාස.(හේ)
කාලය එළඹිවිට වැදගත් ක්‍රීඩකයන් මහත්මා ගතිය පෙන්වා නික්ම යනවා. මෙය කිසිම දේශපාලකයෙක් ආදර්ශයට ගන්නා බවක් පෙනෙන්න නැහැ. (නි)
මෙතන සෝභිත ස්වාමින් වහන්සේ පමණයි මට නම් සුදුසු කෙනෙකුට ඉන්නේ (නි)
නම් ගණන වැඩිවෙන තරමට තමයි තරඟය වැඩිවෙන්නේ (නි)
රට බෙදන සටන දිනුවා අපේ උත්තමාචාරය, ඊට පස්සේ රට කෑවා අපේ අප්‍රසාදය. කාට ඡන්දෙ දෙන්නද මට නම් හිතා ගඳ බෑ. හොරුන් තක්කඩින් ආරක්ෂා නොකරන, දුප්පත් මිනිසුන් ගැන හිතන, හොඳ සමබර විදේශ ප්‍රතිපතියක් ගෙන් ආ හැකි මහත්මයෙකු අවසයි.(හේ)
මං නම් කියන්නේ ඕකට එකම සුදුස්ස ගලගොඩ අත්තේ ඥිණනසාර හමුදුරැවෝ වෙන කිසිම කෙනෙක් නෑ. (අ)
මම නම් ඡන්දය දෙන්නේ මේ කාටවත්ම නෙමෙයි (නි)
රට බේර ගන්න කියා දැන හැමෝම කෑ ගසනවා , රට බේරා ගත් නායකවත් එපා කියනවා , අනේ මෙහෙම මනස්ගාතයක් (අ)
මගේ සම්පුර්ණ සහය මම දෙනවා (නි)
කරු හොදයි කුඹුරේ පඹයට තියල කුරුල්ලෝ එලවන්න .....(අ)
හැමෝම එකතුවෙලා මිස්ටර් පොදුව දිනවන එක තමා හොඳ. එයා ඇවිත් මාස හයක් ඇතුලත ජනාධිපති ක්‍රමය වෙනස් කරලා පාර්ලිමේන්තුවට බලය දිය යුතුයි. එතකොට පාර්ලිමේන්තු එන ජෝකර්ලව පිට රටවල වලට සල්ලි දීලා අරගන මේ රට නටවන්න පුළුවන් වේවි. (නදී)
වෙන කවුරුවත් නැද්ද? ඇයි තව ඉන්නේ ඕනෑතරම් සුදුසුකම් ඇති අය? (නි)
අපේ හාමුදුරුවනේ, " චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං" (නි)
ගෆුර් මහත්තයෝ, ඔබ තුමා ඔය කොහෙද යන්නේ. විශ්ව විද්යාල තියෙන්නේ අට්ටාල හදන්න නෙමෙයි. මාධ්‍ය වේදීන්ට නිදහසක් නැද්ද කියල සති අන්ත පත්තර ටික විතරක් නෙමෙයි මේ එසැන පුවත්ම ටිකක් සැලකිල්ලෙන් බලන්නකෝ. ඔබ තුමා කියන ඔය බියවල් කොහෙද තියෙන්නේ. ලගකදී ලංකාවට ආවද? මම හිතුවේ ඔබ තුමාත් කළු සුදු පරම්පරාවේ ආකල්ප වලින් මිදුණු ස්වාදීනව හිතන කෙනෙක් කියලා. මෙයාලගෙන් යහපත් සමාජයක් පතන්න කලින් මෙයාල මේ රට කරපු කාලවල තිබුණු යහපත් සමාජ ගැන හොයල බලන්න. ඔය කියන බියවල් ඔක්කොම තියෙන්නේ පිටරටවල් වල ඉදන් හීන දකින අයට. මෙහෙ ඉන්න මිනිස්සු නම් නිදහසේ දැන් මොන බියක් වත් නැතුව ජිවත් වෙනවා. (නදී)
අනේ අපේ තිලක් ඩුබායි..තිලක් ඩුබායි එක්ක 2005 ට කලින් හැදී නැතුව කිරි පැණි අනාගෙන කාපු කාලේ මතක් වෙනවා. (නදී)
එයා විතරක් නෙමෙයි බන්ඩෝ. අනෙක් අයත් ඒ වැඩේට නම් පංකාදුයි. (නදී)
ගයාන් ඔබේ පරණ ටයර් කඩයක් තියෙනවද ? (අ)
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර වගේ අහෝ නදිනි,......! (නි)
අතීතය මිනිස්සුන්ට මතකනම් මේ අයට මිනිස්සු ඡන්දය දෙන්න හීනෙකින්වත් හිතන්නේ නැහැ.(හේ)
ඇයි ලංකා තිලක් ? ඒ පඹයාට අන්දපු චීත්තෙ අන්දවන්න හොඳයි. (අ)
මෙම හතරදෙනා අතර රහස් ඡන්දයක් තබා ප්‍රතිඵලය දැනගන්න පුලුවන් නම් හොඳයි (නි)
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබ නැවතත් ලංකාවේ ජනපති වේවා! (නි)
එක අතකට පඹයන් හොඳයි අර අසවල් රජ පරපුරේ ගුස්ති කාරයෙකුට වඩා. ඒ වගේ අයට තමයි ඉස්සරහට අපේක්ෂකත්වය හිමිවන්නේ . (අ)
දැන් රටේ මිනිස්සු ගොන්නු නොමෙයි මේ දේවල් නොතේරෙන්න.(හේ)
වර්තමානයේ සිහියෙන් ඉන්න අයත් කොහොමටත් හිතන්නේ නැහැ සේනානායක. (අ)
අපි මැරිලා ඉපදිලා නැහැ. චම්පිකට මගේ ආචාරය ! (නි)
රටේ ඊලඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම තමයි.(හේ)
ලංකා තිලක් හරියට වයසක නැන්දම්මා කෙනෙක් වගේ. බන්දුල මාමාට කතාව කරගෙන යන්න ඉඩ ඇරලා ඉඳ හිට ඇවිත් දොර රෙද්දෙන් එබිකම් කරලා ඔමරි පපා වචනයක් දෙකක් කියලා නොපෙනී යනවා. (අ)
අපිත් කැමති නැහැ මහින්ද රාජපක්‍ෂ තුන් පාරක් ඉල්ලනවාට, ප්‍රශ්නේ ඒක නොවෙයි චන්ද්‍රිකා නෝනා කොහොමද තුන් පාරක් ඉල්ලන්නේ කියන එක. මේක පොදු අපේක්‍ෂකය තෝරන අයවත් දන්නෙ නැහැ වගෙයි. (හේ)
අමුතුවෙන් අන්දවන්න දෙයක් නැහැ තුසිත එය අඳින්නේ චීත්ත තමයි. (අ)
මේ නදිනි මොනවද දොඩවන්නේ? මේ කට්ටියට පොදු අපේක්ෂකයෙක් තෝරාගන්න බැහැ. හේතුව මේ හතර දෙනාම එය බලාපොරොත්තුවයි ඉන්නේ (නි)
වෙන දේ බලාගෙන ඉන්න තමයි අපිට තියෙන්නේ.(හේ)
මට නම් හිතෙන්නේ සජිත් තමයි ගොඩක්ම සුදුසු. එතුමාට හොඳ පිළිගැනීමකුත් තිබෙනවා (නි)
ඔය කවුරු උඩ පැන්නත් මෙවර අපේක්ෂකයා තිරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය මිස වෙන කවුරුවත් නොවේ.එක්සත් ජතික පක්ෂයේ සහය නැතිව පුලුවන්නම් තරග කරලා පෙන්නනකො.මේද පාරනම් අපේක්ෂකයා රනිල් මහත්තයම තමා.දෙවරක් කරගත් මෝඩකම මෙවර සිදු නොවේ.(හේ)
මටනම් කොයි කවුරු ආවත් වැඩක් නැහැ.නමුත් අපිත් මේ රටේ පුරවැසියෝ.යමක් කමක් අපිටත් වැටහෙනවා දසක ගණනාවකට කලින් මේ රට පාලනය කල උදවියගේ කෙරුවාවල් පිලිබදව.කවුරු කවුරුත් මාන බලන්නේ තමන්ගේ මඩිය තරගන්න විතරයි.දුප්පත් මිනිහා හැමදාමත් දිලිදුකාමේමයි.ගොඩ ඒමක් නැහැ කවදාවත්.මිනිසුන්ව සිහින මාලිගාවල අතරමන් කරන දෙසාපාලනයක් අද තියෙන්නේ.(හේ)
වාද කලා ඇති. දැන් අපි ඔට්ටු අල්ලමු. කවුද එන්නේ.(හේ)
කවුරු වුණත් කමක් නැහැ, මේ රට දියුණු වෙනවා නම් (නි)
අයියෝ සිරිසේන, 18 ගෙනල්ලා කළේ ඕනෑම වාර ගණනක් කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්න හදපු එකනේ. අනික මහජන කැමැත්තෙන් පත්වෙන ඕනෑ කෙනෙක් හොඳයි. (නි)
නදිනි, ඔබේ වටිනා අදහසට ස්තුතියි. සුළුතරයක් බෞද්ධයින් හැරුණුකොට බහුතරයක් වන සැබෑ බෞද්ධයින් මේ ගැට වලට රැවටී නැතිබවත් තව ටික කලකින් මොවුන්ට වැටහේවි. (නි)
අන්තිමේදී කාව යෝජනාවෙයිද? (නි)
අනේ දෙවියනේ මොකක්ද මේ වෙන්න යන්නේ? කියලා වැඩක් නැහැ, එක අතකට වැඩක් තියෙන්නත් එපායැ කරන්න (නි)
ලෝකය පිළිගත් එකම නායකයා අපේ වත්මන් ජනාධිපතිතුමායි (නි)
සරත් ෆොන්සේකා මැතිතුමා රෑ වැටුණු වලේ මෙදා දවල් වැටෙන්නේ කවුද දන්නේ නැහැ . කවුරු ආවත් රනිල් මහත්තය නම් මෙදාත් ඉල්ලන්නේ නැහැ . (අ)
වසර 66ක් තිස්සේ දේශපාලනය කරපු කවුරුවත් රට ගැන හිතුවේ නැහැ මේක රැකියාවක් පමනයි රට වැසියා රැවටෙන එක විතරයි වෙන්නේ. (හේ)
මම නම් මේ කාටවත් කැමති නැහැ. වෙන දෙයක් බලාගෙන පාඩුවේ ඉන්නවා (නි)
මේ රට ගොඩ ගන්න නම් එක්කෝ හෝචි මින් කෙනෙක් නැත්නම් මහතීර් මොහමඩ් කෙනෙක් බිහි වෙන්න ඕනි.(අ)
චන්ද්‍රිකා මහත්මියගේ හදවත ලස්සනයි කියලා මේ රටේ ජනතාව දන්නවා. (නි)
ඔතන කවුරු මොනවා කිව්වත් රනිල්ගේ පරිණත දේශපාලනයත්,අවංක චරිතයත් ජනතාවගේ කැමැත්ත පරිදි පොදු අපේක්ෂක ලෙස නම් කිරීමට සුදුසුකම් ලෙස මම සළකනවා (නි)
මම නම් කියන්නේ රනිල් වික්‍රමසිංහට විතරයි දැන් තියෙන තත්ත්වයෙන් රට ගොඩගන්න පුළුවන් (නි)
යුද්ධයෙන් රට බේරාගැනීම කියන්නේ ආයෝජනයක් නෙවෙයි. ලක්ෂයකට කිට්ටු ගානක් මිනිස්සුයි ජීවිත පූජා කරලා බේරාගත්තා රට විනාසයට යනවානම් එක බේරාගැනීම අපි කාගේත් යුතු කමක්. (හේ)
රටේ ජනතාවට දැන ගන්නත් එක්ක මේ දේ කතා කරනම් තමයි වටින්නේ.(හේ)
චන්ද්‍රිකාට තුන්වරක් පුලුවන්ද ?(හේ)
ලෝකෙම පිළිගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තමයි මේ බෞද්ධ රටට ගැලපෙන එකම නායිකාව. ඒ ගැන විවාදයක් නැහැ. එතුමියගේ සමයේ ස්වාසිලන්තය ගැන අපි අහලා තිබුනෙත් නැහැ. එදා ලංකාවේ තිබුනේ මියන්මාර් බුදු දහමත් නෙමෙයි. මැතිනියනේ ඔබට ජයවේවා!!!(හේ)
අපිට නම් කවුරු ආවත් කමක් නැහැ (නි)
සාධාරණ වැඩක් නම් කරන්න යන්නේ මොකටද මේ අය බයවෙලා හැන්ගෙන්න හදන්නේ.(ඡායරූප වලට අනුව ).(හේ)
ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)
මේ රජය කෙරෙහි මගේ මුලින් තිබුන ගෞරවය නැතිවෙලා ගොඩක් කල්. බොරුව හැමදාම පවතින්නේ නැතිබව තේරුම් ගත්තොත් හොඳයි. (නි)
පොදු අපේක්ෂකයා දිනු විට කිසිවෙකුට මෙරටින් පැන ගත නොහැකිවනසේ වහාම දින කීපයකට ශ්‍රී ලංකාව තහනම් ගුවන් සහ නාවික කලාපයක් බවට පත් කල යුතුය. (අ)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
පොදු අපේක්ෂක ලෙස මම යෝජනා කරන්නේ "චමින්ද පුස්වෙඩිල්ල". හී ඉස් ගුඩ් නේ?.(අ)
හාමුදුරුවනේ , ඔබවහන්සේ මෙම යෝජනාව කරන්නේ කුමන විශ්වාසයකින්ද? පෙර පැවති පාලනය ඉතාමත්ම හොඳයි කියා අනුමත කරනවාද? (නි)
මීට වැඩිය හොඳ පොදු අපේක්ෂකයෙක් ඉන්නවා, මගේ හිතේ නම්.... (නි)
මේ දේ තීරණය කරන්න ඕනේ මහජනතාවයි.(හේ)
චන්ද්‍රිකාගේ කාලයේ සිදුවූ සියලු දේ අපිට තවමත් හොඳින් මතකයි (නි)
බොහොම හොඳ හතර දෙනෙක්නේ යෝජනාවෙලා ඉන්නේ! (නි)
අපේක්ෂකයා වැදගත් නෑ , පොදු විපක්ෂයට ඡන්දේ දීලා මේ මහා විනාශයෙන් අපේ රට බේරාගමු, එක තමා මේ වේලාවේ වෙන්න ඕනේ.(හේ)
මහින්ද දිනනවා.(හේ)
අනුර කුමාර මහත්තයට නැද්ද ඉල්ලන්න හිතක් එහෙම? (නි)
ඒක තමයි. ජනපතිවරණයට දින නියම කළාට පස්සේම කියන එක හොඳයි (නි)
චන්ද්‍රිකා එනවා නම් වෙලාවට වැඩ කරනවා කියල පොරොන්දු වෙන්නම ඕන(අ)
ආයෙත් ඒ මෝඩකම් දෙපාරක් කරයි කියලා නම් හිතන්න එපා (නි)
මම මේ තාමත් කල්පනා කරන්නේ අපි නොදුටු නදිනි හිටි චන්ද්‍රිකා මැඩම්ගේ පාලන යුගය ගැනයි.අම්මපා! අපි ඒ කාලයේ කොහෙද හිටියේ? (නි)
අති පාරිශුද්ධ කට්ටිය අතීතයේ හැසිරුණ හැටි මතක්වෙනකොට ආසාවෙ බැහැ, ආයිත් ඒ යුගයට යන්න. තැන තැන බස් බෝම්බ පිපිරුණු, ගෙදරින් පිටවුණාට පස්සෙ ආපහු ගෙදර එන එක විශ්වාස නැති ඒ දීප්තිමත් කාලය කොච්චර සුන්දරද? අනේ අද එහෙම බැහැනේ. අද ඕනෑම තැනකට බය නැතුව යන්න පුළුවන්, ඕනෑ දෙයක් කතා කරන්න නිදහසක් තියනවා (නි)
හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට.(හේ)
මමත් බෞද්ධයෙක්. මේ පාලකයා හොඳ නැත්නම් කොහොමද මේ රටට සාමය උදාවෙන්නේ? ජනතාවනි, කන්වලින් අහලා විතරක් මදි, ඔලුවෙනුත් හිතන්න (නි)
මම නම් කැමති "මෛත්‍රි" එනවනම්.(හේ)
මොන පක්ෂයෙන් හරි කමක් නැහැ. අපිට ඕනෑ වටේ ඉන්න අයට ගසාකන්න ඉඩ දෙන්නේ නැති , හතර වරිගයේම කට්ටිය තනතුරු වලට සුදුසුකම් නොබලා දමාගෙන වැඩ වැරැද්ද නොගන්නා, නියමිත කාලයේදී තමන්ගේ භූමිකාවෙන් ගරු නම්බු ඇතුව ඉවත්ව යන්න කැමති, රටට වැඩදායක යහපත් පාලකයෙක්. පක්ෂ භේදයක් නැහැ අපිට. (නි)
කවුරු ආවත් අපිට වැඩක් නෑ(හේ)
අපිට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් එනවා නම් ගොඩක් හොදයි.(හේ)
පොදු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්තයා දැන්මනම් හොද තරගයක් තියෙයි.(හේ)
මේ තියෙන ප්‍රතිචාර දැක්කහම මට එක එක දේවල් හිතෙනවා (නි)
මහින මහත්තය යුද්ද කරලා දිනුවාට රාජ්‍ය තාන්ත්‍රිකව, රට පරාජයට පත්කරලා තියෙන්නේ, ඒකනිසා රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයන් ලබාදිය හැකි ලොව පිලිගත් නායකයෙක් රටට අවශ්‍යයයි.(හේ)
කවුරු මොන දේ කළත් අවසානයේදී සත්‍යය ජයගන්නවා (නි)
චන්ද්‍රිකා මැතිනිය වඩාත් සුදුසුයි. මේ හතර දෙනාගෙන්ම ජනාධිපතිතුමාට අභියෝගයක් දෙන්න එතුමියට තමා හැකි වන්නේ. එතුමියගේ පාලන කාලයේ එකුස උපන් සහෝදරයා පවා එතුමිය ගෙන් ඈත්වුනා සහෝදරයාට විශේශ සැලකීමක් නොදුන් ඇය. අගේ ජයග්‍රහණයේ කොටස්කරුවන්ට සැලකුවා. යුද්ධය පවතී සමයේ පවා භාණ්ඩවල මිල අඩුවෙන් තිබුනා. අපිට අගේ ජයග්‍රහණය දැන් ගොඩාක් වටිනවා. (හේ)
සෝභිත හාමුදුරුවො හැරෙන්න අනිත් එක්කෙනෙක් ගැනවත් මගේ නම් පැහැදීමක් නැහැ. සෝභිත හාමුදුරුවොත් නැත්නම් හැමෝටම වැඩිය සජිත් මහත්තයා හොඳයි කියලයි මට හිතෙන්නේ (නි)
සමන්, පාලකයා නෙමෙයි මෙතන ප්‍රශ්නය. ඔහුගේ සුදුසුකම් අපි දන්නවා. පිළිගන්නවා. ප්‍රශ්න තමයි වටේට ඉඳගෙන ගසාකන සමහර උදවිය.අන්න ඒ කාරණාව ගැනත් හිතුවොත් හොඳයි නේද? (නි)
නම් නම් ඉතින් ඕනෑතරම් තියෙන්න පුලුවන්. වැදගත් වෙන්නේ පුද්ගලයාගේ ඇති වටිනාකම නොවේද? (නි)
රෝද පුටුවෙන් යනකනුත් දේශපාලනය කරන්න පුළුවන් එකම රට මේක නිසා කවුරුන් හරි තුන් වෙනි පාර ජනපති කමට නෙවෙයි. කොපමණ වරක් ඉල්ලුවත් ඒකේ වැරද්දක් නැහැ. එක්කෙනෙක් ඉන්නවා දුවල පැනල වැඩක් කරන්නවත් බැරි එක්කෙනෙක්. පුතාට තනතුරක් දෙනකන් තමන් ගේ තනතුරෙන් පුළුවන් කෙනෙකුට තැන දීල අයින් වෙන්න අකමැති. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඔක්කොමල පක්ෂ බේදයක් නැතිව බලාගෙන ඉන්නේ තමන්ගේ ළමයින් ට තැන අරන් දෙනකන් අල්ලන් ඉන්න. (අ)
ජනාධිපතිතුමාට තුන්වරක්වත් බැහැ කියන මේ කට්ටිය මොකද මේ පොදු අපේක්ෂකයෙකු හොයන්නේ? (නි)
රටක පාලකයෙකුට පවතින්නට හැක්කේ මහජතාව ඔහු පිළිගන්න තෙක් පමණය. පාලකයා වෙනස් කිරීමේදී කවුරුත් බලන්නේ කවුද තැන වෙනුවෙන් රට වෙනුවෙන් ඊළඟට සුදුසු කෙනා කියලයි. හොඳයි. ඒ සිද්ධාන්තය මත පිහිටා අපි බලමු වත්මන් නායකයය දෙස. ඔහු තවමත් ජනප්‍රියද.? ඔවු. එතුමා ජනප්‍රිය ය. නගරයේ අතලොස්සක් අතර සහ පත්තර වලින් මිස නායකයා ජනතාව අතරය. මේ පාලකයා වෙනස් කරන්නට සිතන අය හෙවත් මහජනයා ඊළඟට තෝරා ගන්නේ කවුද යන්න සිතනු ඇත. කෝ..? මේ නායකයාට වඩා සුදුසු කෙනෙක් තවමත් ඉන්නවාද..? නැහැ. එහෙනම් මහජනයා තෝරා ගන්නේ කවරුන්ද..? මේ නායකයට වඩා හොඳ කෙනෙකු තවමත් බිහිවී නැතුවා සේය. මේ පින්තුරවල ඉන්න කට්ටිය දන්නට පුලුවන්ද..? මෙයාලගේ අතීත සිදුවීම් කාටත් අමතක වලා නැහැ.(අ)
හාමුදුරුවෝ ගැන මට හරි සංවේගයක් ඇතිවෙනවා, ඔබ වහන්සේ යන ගමන දුටුවාම.අපට හිටි හොඳ දේශකයෙක් ඔබ වහන්සේ.ඒ නම ඔය වැඩෙන් පලුදු වෙනවා.නම් වශයෙන් නොකිවුවාට අපි බටහිර බලවේග වලින් තවමත් බැටකනවා. පිටරට ඉන්න අපට මේවා පෙනෙනවා.කොතරම් වැරදි කළත් මහින්ද ජනපතිතුමා අපේ රට හරි මාවතකට ගන්න කළ වෑයම අපි අගය කළයුතුයි. ජනතාවට මේවා අමතක නැහැ.අපේ රටට දළදා හිමි පිහිටයි. (නි)
වෙනසකට කාලය හරි පවතින ක්‍රමය රට අරාජික කළා(අ)
සමන්තගේ ප්‍රතිචාරය හරියට හරි. (නි)
මොනවා කළත් කවුරු ඉල්ලුවත් මහින්ද මහත්තය මේ පාර කවුරුත් නොහිතපු විදියේ වැඩි ඡන්ද ගණනකින් දිනනවා (නි)
ඔතනට මම හිතාගෙන සිටි නම් කීපයක්ම අඩුයි (නි)
රනිල් කියන්නේ බුද්ධිමත් නායකයෙක් එතුමාට පුළුල් දර්ශනයක් තියෙනවා(අ)
මහින්ද මහතා ජනාධිපති වුණේ නැත්නම් අද ලංකාව රටවල් දෙකක්. ඇයි මේ බව තේරුම් ගන්න බැරි? (නි)
සජිත් ප්‍රේමදාස , රනිල්, පාටලී චම්පික හොදයි. (අ)