IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නම ගිය ගෙවල් බිඳින්නෙක් අල්ලයි

ගෙවල් බිඳ දේපළ සොරාගැනීම් 23ක් සම්බන්ධයෙන් වරෙන්තු 22ක් නිකුත් වී ඇති පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

‘හබර සමන්ත‘ නමින් හදුන්වන සැකකරු මත්කුඩු ජාවාරමේ යෙදී සිටින බවට ලැබුණු තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මේ අපරාධවල තොරතුරු අනාවරණය වී ඇත.

ඔහුගෙන් ලද තොරතුරු අනුව තවත් සැකකරුවන් තිදෙනකු සහ අත්බෝම්බයක් ද, රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ භාණ්ඩ ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු මොරගහහේන, හොරණ, ගණේමුල්ල, අතුරුගිරිය, පිළියන්දල සහ ගල්කිස්ස ප්‍රදේශවල මේ දිවා හා රාත්‍රී කාලයේ මේ අපරාධ සිදු කර ඇත.

කලකට ඉහත මෙවැනිම අපරාධයකට සිරගතව සිට ඉන් නිදහස් වී පැමිණි සැකකරු නැවත අපරාධ සිදුකර පොලිසිය මගහැර සිටි බවත් පොලිසිය කියයි.

ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් චන්ද්‍රතිලක මහතාගේ උපදෙස්පරිදි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරික් රෝහිත මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත, පොලිස් සැරයන් 24604 ජූඩ්, පොලිස් කොස්තාපල්වරුන් වන සුමනදාස සහ කාවින්ද යන නිලධාරීහු පරීක්ෂණ පවත්වූහ.



අදහස් (0)

නම ගිය ගෙවල් බිඳින්නෙක් අල්ලයි

අර්ෂා Friday, 05 July 2013 09:31 AM

නැවත මොවුන්ට ඇප දෙන්නත් එපා, දැඩි දඩුවම් දිය යුථුයි. (ස)

:       0       0

නිලූ Tuesday, 13 August 2013 02:27 PM

ගොඩාක් ආඩම්බර වෙනවා අපේ ශ්‍රී ලංකා පොලිසිය ගැන.අල්ලස් නොගෙන වැඩ කරන අයත් ඉන්නවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site