
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ සංවත්සර රැස්වීමේදී තමාගේ හෝ තම පක්ෂයේ නම කීවේ නැතැයි කියා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සංවත්තර රැස්වීමෙන් අද (20) නැගිට ගියහ.
"මොන දුකක්ද මහත්තයෝ මේ.මේ පක්ෂ මොනවද?තලතා අතුකෝරලට මගේ නම මතක නෑ .මුන්ට පිස්සු.
එක්සත් ජාතික පක්ෂය විසින් මට ආරාධනා කළා. ඒක නිසා මම ආවා.අපි ඔහේ යන්නං වාලේ පුටුවක වාඩි කරලා තිබ්බා.ඒ ගොල්ලන් සියලු දේශපාලන පක්ෂ වල නම් ගම් කතා කළා.පක්ෂ නායකයන්ගේ නම් කිව්වා. හැබැයි ජන සෙත පෙරමුණේ නමක් වත් කිව්වේ නෑ.
ඒ කියන්නේ අපේ ජනසෙත පෙරමුණ මේ ගොල්ලන්ට පක්ෂයක් නෙමෙයි.
අපේ සහයෝගය කිසිම වෙලාවක දෙන්නෙත් නෑ.දෙන්න බලාපොරොත්තුවකුත් නෑ.
අනුර ජනාධිපතිවරයා එන්න කිව්වත් මම ඒවට යනවා.මහින්ද මහත්තයා කතා කළත් යනවා .මොනවද මේ පක්ෂ"යනුවෙන්ද බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සංවත්සර රැස්වීමෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කීහ.
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර රැස්වීම බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටලයේදී අද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදනකොටම කාපි යකා කිව්වලු. ඔහොම යං. ඔහොම යං.
හාන්ඳුරුවන්ට එන්න කිව්වේ හෝටලෙන් දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්න මිසක්, නම් ගම් කියවලා පබ්ලිසිටි දෙන්න නොවෙයි. ප්‍රථිපලය, කෑම එකකට පුටු ටික පුරවා ගන්න.
මොවුන්ගේ සිවුර ගලවලා එළවලා දාන්න ඕනෑ. මේ අය තමයි සාසනේ කන්නේ..
පුදනකොටම කාපි යකා...
පක්ෂයවත් හරියට කරගෙන යන්ඩ බැරි අයගේ කෙරුවාවල් ගැන නම් අපි මුල සිටම දැනගෙන හිටියා. පුදන කොටම කාපි යකා කිව්වලු.
හොද වැඩේ... යනවාට...
අනේ සීලේ සොරි ආ... ඕකට ඔච්චර තරහ ගන්න එපා..
අඩුම ගානේ බුද්ධ චීවරයටත් ගරු කරන්ඩ තිබුණා. දූෂිතයෝ ටික එකට එකතුවෙලා රට ගිනි අවුල වන්නයි හදන්නේ..
1994 ඉඳන් පක්ෂෙට කරපු වින්නැහිය දැක්කාම හිතුනේ නැද්ද රටට කරන්නෙත් ඔය ටිකම කියලා...?