කාශ්මීරයේ ප්රශ්නය විසඳන පුද්ගලයා වන්නේ කවුරුන්ද ඔහුට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි.
කලාපයේ සාමය උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් තමන්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කිරීම සම්බන්ධයෙන් පාකිස්තානු අගමැතිවරයා මෙසේ පවසා සිටියේය.
"මා නොබෙල් සාම ත්‍යාගයට සුදුසු අයෙක් නෙමේ. කාෂ්මීර ජනතාවගේ සිතුම් පැතුම් වලට ගැලපෙන විසඳුමක් කාෂ්මීර ප්‍රශ්නයට ලබාදී අර්ධද්වීපයේ සාමය සහ මානව සංවර්ධනයට මඟ සලසන්නේ කවුරුන්ද මෙම ත්‍යාගයට සුදුස්දා වන්නේ ඔහුය" යයි අගමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබිණ.
පාකිස්තානු පාර්ලිමේන්තුව අමතමින්, අගමැති ඉම්රාන් ඛාන් මහතා කියා සිටියේ සාමය සඳහා වන පියවරක් වශයෙන් ඉන්දීය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නිදහස් කරන බවයි.
කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ 40 දෙනෙක් මිය ගියහ. එම ප්‍රහාරයට පසු පෙබරවාරි 26 වැනිදා ඉන්දියාව පාකිස්ථානයේ පිහිටි ත්රස්තයන්ගේ විශාලම පුහුණු කඳවුරට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඊළග දිනයේදී පාකිස්ථානය ප්‍රතිප්‍රහාර දුන්නේය.
පසුගිය බදාදා කාශ්මීර් ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිම හෙලූ පාකිස්ථානය එෆ් 16 ජෙට් යානයට පහර දුන් ඉන්දීය මිග් - 21 යානා 8 න් එකක නියමුවා අල්ලා ගත්තේය.
කෙසේ වෙතත් සාමයට දෑත් දිගු කිරීමක් ලෙස සිකුරාදා දිනයේ ඉන්දීය දේශ සීමාවේදී වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නිදහස් කරන ලදි.
ද හින්දු ඇසුරෙනි
63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමයට අත දිගුකලේ ඉන්දියාවෙන් රිටන් එක ලැබෙයි කියලා බයටද ? තාම ඉන්දියාව ඔබේ සාමය භාර අරන් නැහැ නේද? ලංකාවෙත් ඔහොම වුනා අපේ අය සාමයට අත පය සියල්ලම දික්කෙරුවා එල් ටී ටී ය ඒ අතර හොඳට ලැහැස්තිවෙලා රිටන් දුන්නා. සාමයට ඉන්දියාව එකඟ නූනොත් කරන්නේ මොකක්ද කියලා සැලසුමක් තිබෙනවාද? මොකද ඔය ප්රශ්නයේ මුල කාශ්මීරයයි. එයට විසදුමක් සොයාගන්න. කාශ්මීරය ඉන්දියාවටම පැවරුවොත් නියම සාමය ලැබෙනවා එතකොට ඔබ ඔය කියන නොබෙල් ත්‍යාගයට සුදුයි.
ශශ්රේෂ්ට පුද්ගලයකුගේ මසුරන් කියමනක් මේ. ඔය නොබෙල් ත්‍යාගයට ලෝබ වෙලා ඉම්රාන් ඛාන් ඒක බාර ගන්නවැයි කියමුකෝ. ඊළඟට ඉන්දියාව විසින් උඩින් ඇවිත් පාකිස්ථානයට බෝම්බ හෙලන හෙලන ගානට ඉම්රාන් ඛාන්ට සිද්ධ වෙන්නෙ බලා ගෙන ඉන්නයි. කාෂ්මීර ප්‍රශ්ණයට කවදාවත් විසඳුමක් ලැබෙන්නෙ නැහැ…
මෙන්න මිනිස්සු මෙයාලා අපේ රටේ යුද්දේ විකුණන් කන දේශපාලුවන්ට හොද ආදර්ශයක්
මට හිතෙන්නේ පාකිස්ථානෙ මිනිස්සු වාසනාවන්තයි වගේ දක්ෂ උපායශීලී නායකයෙක් ලබන්න. අපි ඉතින් 225ට බැන බැන ඉන්නව හැමදාම.
ලංකාවේ සමහර මිනිස්සු නම් හිතන්නේ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සා ඔබ කියල.
ඒ කාලේ ප්‍රති දෝලන පන්දු යවල ක්‍රිකට් ලොව දික් විජය කළා වගේ මේ ප්‍රශ්නෙත් :නුවනින් " විසඳලා නොබෙල් ත්‍යාගය ගන්න ඔබට ජය ! ( මෙරටේ දේශපාලන හාල්පාරුවන්ට ඔබ ආදර්ශයක් )
අපේ රටේ යුද්දය කාශ්මීර ප්රශ්නය සමග සසදන්න එපා. මහින්ද මහතාත් ඉම්රාන් ඛාන් මහතා වගේ සමාදාන වෙන්න ගියානම් උතුරු නැගෙන හිර දීලා තමයි නවතින්නේ.
නොබෙල් තෑග්ග ලැබෙනවා කිව්වොත් අපේ රටේ නම් කට්ටිය ඉන්නවා උතුර නැගෙනහිර බෙදල දීල උනත් මොකද ගන්න පුළුවන් නම් කියලා හිතන.
යම් ප්‍රෙද්ශයක ස්වෛරීභාවය සහ අයිතිය පිළිබඳ ප්රශ්නය සංකීර්ණයි. එසේම එය යුද්ධයකින් විසඳා ගැනීමටද නොහැකිය. මෙවැනි පසුබිමකට ඉම්රාන් ඛාන් අගමැතිවරයාගේ ඉවසීම අගය කළ යුතුය. එය අපේ රටට ගැලපීම දේශපාලන මාතෘකාවක් විතරයි.