මිනිසුන් සපා කමින් අහුංගල්ල පැත්තේ මහා කළබලයක් කළ රිලවා පුනරුත්ථාපනය සඳහා බත්තරමුල්ලේ වන ජීවී කාර්යාලයට ගෙනවුත් සිටියදී ඉරිදා සන්ධ්‍යාවේ පැන ගොස් ඇතැයි අසල් වැසියෝ කියති.
බීමතින් සිටි බව කියන පුද්ගලයකු රිලවාට කෙසෙල් ගෙඩි දීමට කූඩුවේ දොර අරිද්දී පැන ගිය රිලවා නැවත කූඩු කර ගැනීමට අද ලොකු මෙහෙයුමක් ඇරැඹීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කෙනාව කූඩුවට දාලා රිලවට එන්න කියන්න තියෙන්නේ ඇප දෙන්න. (නි)
චමත් මොකද තද වෙලා වගේ මොකද කරන්නේ තරහ ගියද?? අපි රකිමු අපේ රට, ඔබත් එක්ක මම එකඟවෙමි........ ඔබට ජය (ස)
දැන් අහළ පහළ ගෙවල් වලට පැනලා, හානි කළහම කව්ද වග කියන්නේ? අදාල පුද්ගලයට උපරිම දඩුවම් දිය යුතු යි. අමාරුවෙන් අල්ලාගත් සතාව අත හරින්න තරම් වගකීමෙන් තොරද? (නි)
සමීර සාලින්ද, මෙම තීරුවෙන් මා හට, කිසිවෙකු මේ තාක් කල් බැනලා නැත. ඒ නිසා මට තරහ යන්නේ නැත. මොකද මා කිසිවෙකුට බනින්නේ නැති නිසා, කවුරුත් මට බනින්නේ නැත. යම් කිසි කෙනෙක් මාගේ වරදක් පෙන්වා දුනහොත්, මා එය නිහතමානිව පිලිගනිමි. එය මාගේ හැටියි. ඔබටත් ජය! (ස)
බීපු මිනිහෙක් අතින් රිලවා පැනලා ගියා නම් රාජකාරි වෙලාවේ බීලා හිටියේ කව්ද? පිට කෙනෙක් නම් බීලා ඇවි්ලලා වනජීවී කාර්යාලයේ කළේ මොකක්ද?බත්තරමුල්ලේ කාර්යාලයේ අය මේකට වග කිව යුතුයි. (නි)
සමීර සාලින්ද ,මම සාමාන්‍යයෙන් නොදන්නා දේවල් ගැන අදහස් පළකරන්නට යන්නේ නැත. සියල්ල දත් මෙන් හැසිරෙන්නෙත් නැත. මා දන්නා දෙයක් වෙතොත් නොදන්නා අය ඒ පිළිබදව දැනුවත් කරමි. ගැඹුරින් යම්කිසි දෙයක් නොසිතා ඒ පිළිබදව නිගමන වලට බැසීමක් මා අතින් සිදු නොවේ. කටට ආ පළියට වචන මගේ කටින් පිට නොවේ. සමහර වෙලාවට හාස්‍යය හා උපහාසය මතු වෙයි.නමුත් මා කිසිවිටක කිසිම කෙනෙකුට අපහාස වන ආකාරයේ අදහස් මෙම තීරුවෙන් නොකියමි. (නි)
බීපු එකා කොතන ගියත් ගම කනවා , මේ වැඩ වලින් අපිටත් හීනියට අඩියක් ගහන්න බැරි වෙනවා. (ස)
රිලවා බයිට් එකටවත් ගත්තද ? (ස)
මා නොදන්නා දෙයක් ගැන අසා දැන ගන්න කැමතියි.සත්තු නපුරු වෙන්නේ ඒ සතා හැදුනු වැදුණු පරිසරය නිසා ද?එහෙම නැත්නම් කරුණාව දයාව නොතිකමින් ද? එහෙමත් නැත්නම් ශාරීරිකව මොනයම් පීඩාවක් නිසාද?කරුණාකර මට පැහැදිලි කරන්න (නි)
පළමුව වනජීවී නිලධාරීන් සිය වගකීම් පැහැර හැර ඇත.කුඩුව නිසි ලෙස වසා නොතැබීම. (ස)
රටේ මිනිසුන්ට පිස්සු හැදිලා මදිවට දැන් රටේ රිලවුන්ටත් පිස්සු. ඕක තමයි මිනිසුන් සමග වාසයට ආවහම වෙන්නේ. තව ටික දවසකින් නාට්‍යයත් හදාවි රිලවුන් එක්ක බැහැ කියලා. ඒක ඉතින් අපි ඊළඟ ඡන්දයේදී ඡන්දදායකයින්ට පවරමු. (නි)
මට මේ කාරණාව සම්බන්ධව ගැටළු තුනක් ඇත.1.මේ වනජීවී කාර්යාලය නගරබද බත්තරමුල්ලේ [සතුන් රදවා ගැනීම් සඳහා] ඇර නගරයෙන් පිට වෙනත් ස්ථානයක් නොතිබුණේද? 2.රිලවා රඳවා සිටි කුඩුවට ඉබ්බෙක් දමා වසා තැබීමටවත් වගකිව යුත්තන්ට සිහි කල්පනාවක් නොතිබුණේද? 3.මෙම කුඩුව ඇරී බීමතින් සිටි පුද්ගලයා අනිවාර්යෙන්ම වන ජීවී කාර්යාලයේ සේවය කරන්නෙකු විය යුතුයි. ඔහු පිලිබඳව ගත් විනය ක්‍රියා මාර්ගය කුමක්ද? (ස)
රේණුක , හුඟාක් සතුන් කලහකාරී විදියට හැසිරෙන්නේ මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා ඇතිවන වෛරය සහ පළිගැනීම කියන කරුණු මුල්කරගෙන. මේකට හොඳ කතාවකුත් තිබෙනවා .බීපු මනුසයෙක් බැඳලා හිටිය අලියෙකුට ටිකක් ලොකු ගලකින් ගැහුවලු ගහො මිනිහා දිවුවලු. අලියා අර ගල අරන් කට ඇතුලට දාගත්තලු. කාලය හෙමින් ගෙවිලා ගියාලු. ගහපු මිනිහටත් මේ සිද්ධිය අමතක වුණාලු. මාස ගානකට පස්සේ අර මිනිහා අලියා බැඳපු තැනින් ගමන් කළාලු. අලියා මෙච්චර කල් හක්කේ හංගාගෙන හිටපු අර ගල හොඩයෙන් අරන් වැරෙන් මිනිහට ගැහුවලු. කරුමෙට ගල් පාර වැදිලා තියෙන්නේ මිනිහගේ ඔලුවටමයි. මිනිහා එතනම මැරිලා. සතුන්ගේ පලිගැනීම ඔන්න ඔය වගේ (නි)
මේ අයට වඳුරෙක් වත් බලාගන්න බැරි හැටි. ගෙදර ගැනිව කොහොම බලාගන්නවද මන්දා පැනලා යන්න දෙන්නේ නැතුව.(නදී)
චමත් රටේ හැම ප්‍රශ්නයක් දිහාම ඔහොම බලනවා නම් කොච්චර හොඳඳ ? මම කැමති ඔයා හැම ප්‍රශ්නයකදීම ප්‍රශ්න කරනවා නම් (ස)