
(චමිල් රූපසිංහ)
ඓතිහාසින මහනුවර ඇසල පෙරහරේ දළඳා කරඬුව වැඩම කරවීම සඳහා ගම්පහ සිට මහනුවර බලා ගමන් ගන්නා නැදුන්ගමුවේ රාජා හස්තියා මධ්‍යම පළාතට ඇතුළුවන ගල විදපු ස්ථානයේදි මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කළහ.
ගණේතැන්න විහාරයේ විවේකිව ගත කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද උදෑසන එම විහාරයෙන් පිටත් වු අතර පස්වරු 2.00 ට පමණ පහළ කඩුගන්නාව ප්‍රදේශයට ළඟා විමේදි එම ස්ථානයට මහා සංඝරත්නය වඩම්මවා පිරිත් සජ්ජායන කර ආශිර්වාද කළේය.
අද දිනයේදි පිළිමතලාව ඌරාපොල විහාරයේ නවාතැන් ගන්නා නැදුන්ගමුවේ හස්තියා හෙට දිනයේදි මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පිවිසිමට නියමිතය.
නැදුන්ගමුවේ රාජා හස්තියාට ආශිර්වාද කිරම කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් සංවිධානය කර තිබු අතර ඉලුක්වත්ත රන්දුන්න විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුලු ඌරාපොල මහා විහාරයේ පරණාගල විහාරයේ ස්වාමින් වහන්සේලා පිරිත් සජ්ජායනා කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇතා ගැන එතරම් කලබල වියයුතු නැහැ. මේ ඇතා උඩ පෙරහරේ වැඩවමන්නේ සධාතුක කරඩුව නොවේ. එහි අනුරුවක් පමණි. මේ ඇතා වාහනයක ප්‍රවාහනය කළා නම්, ඇතාටත්, මිනිසුන්ටත් ඇති කරදරය අවම වනවා ඇත.
මෙතරම් පින්වත් යැයි කියන මේ මහා හස්තිරජයාට හමුදා ගාඩ් එක දෙන්නේ ඇයි කියන එක මට නම් ප්‍රශ්නයක්...? දළදා කරඬුව වැඩමවන ඇත් රාජයාටත් ඇති එකම ආරක්ෂාව ටී පනස් හය අරන් යන හමුදා භටයින් නම් අපිට කුමන ආරක්ෂාවක්ද? පෙරහැර නරඹන්න දහස් ගාණක් වියදම් කරගෙන එන සන්චාරකයින් මොනවා හිතයිද?
මේ ඇතාටත් කොරෝනා බෝ කරලා තමයි පස්ස බලන්නේ?
අයියෝ සල්ලි.. බුදුන් වහන්සේ කීවා ප්‍රමාද නොවී නිවන සකස් කර ගන්න කියල. මිනිස්සු - නෑ අපි උන් වහන්සේගේ දතක් අරං පෙරහැරේ ගිහින් ඉමු මුලින් ( මෙසේ කියන මා ද ප්‍රමාද වූවෙකු බව සළකන්න)
තැන තැන කෑම දාලා .ඇතාට කොවිඩ් හදන්න හදන්නේ .ඔය සතාට වෙනම කෑම දෙන්න
ඇතා පිංකර ඇත. නමුත් වටේ සිටින්නේ මෝඩයන්ය.
මෙපමණක් විශාල සද්දන්තයෙකුට තියෙන ඉවසීමක් .ශාන්ත භාවයක් ලංකාවේ කිසිම දේශපාලුවෙකුට නැහැ
ඇයි මෙච්චර සෙනග, මිනිස්සුන්ට පිස්සු, ඇතා වත් අමාරුවේ දානවා .
චිරං ජයතු ඇත් මහ රජු
අලි පොකුර
තිරිසන් ආත්මයක ඉපදුනත් මහා පිංවන්ත ඇත් රජෙකි .දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි
අපි වඳින පුදන ගරුකරන හැම දෙයක්ම අපිට ඉන්දියාවෙන් නේද ලැබිලා තියෙන්නේ
ප්‍රවාහන සේවා මේ තරම් දියුණු කාලේ මේ ඇතා පාගමනින් ගෙනියන්නේ ඇයි මේ තරම් දුරක් ? සතාට පීඩාවක් නෙමෙයිද ඒක ?
99% බුද්ධාගම් කාරයින් බුද්ධාගම ආභරණයක් සේ සලකනු මිස ,එය භාව සසරින් එතෙර වීමට මගක් ලෙස නොතකනු ඇත .තිරිසනාට උගේ පාඩුවේ කැලේ ඉන්න නොදී මේ කර ගන්න පාපය ඔවුන් නොදනී .නියම බුදු බණෙහි හැසිරෙන්න
හිටපු රජයේ බවලතෙක් කියලා තිබුණා මේ ඇතාට දෙන ආරක්ෂාව එයාට ලැබෙන්නෙත් නැහැ කියලා. සමාජ මාධ්‍යයක පින්වතෙක් ලියලා තිබුණා ඇතාට දෙන ආරක්ෂාව බූරුවෙකුට දෙන්නේ නැහැ කියලා. මසුරන් තිබුණා නම් මම මිනිහාව මසුරන්වලින් නාවනවා.