(දයාරත්න ඇඹෝගම)

කලාවැවේ වැව් බැම්මේ කෝමරිකාගල ආසන්නයේ සාදයක් අතරතුර  දිය නෑමට ගිය 46 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු දියේ ගිලිමෙන් මිය ගිය බව  ඉපලෝගම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වැලිගම,මතුගම පදිංචිව සිටි ඒ.ජි.සුගත් බණ්ඩා(46)නැමති අවිවාහකයෙකි.

මියගිය පුද්ගලයා ගල්නෑව ප්‍රදේශයේ ආපන ශාලාවක සේවය කරන අයෙකි.

ඔහු තවත් පුදගලයන් පිරිසක් සමග කලාවැවේ වැව් බැම්මේ සාදයකට එක්ව සිටි බව පොලිසිය පැවසිය.

එම සාදය අතරතුර වැවට බැස දිය නාමින් සිටි මෙම පුද්ගලයා එකවරම දියේ ගිලියාම නිසා අනෙක් පුද්ගලයන් විසින් වැවට බැස ඔහු ගොඩ ගෙන කලාවැව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබුණි.