
(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි අනෙකුත් ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හුවමාරු කරගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.
එම කොන්දේසි අධ්‍යනය කර ඉන්දියාව,ජපානය සහ පැරිස් සමාජයේ ප්‍රධානත්වයෙන් යුත් ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුවද ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුමක් යෝජනා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම සම්මුඛ සාකච්ඡා පවසා තිබේ.
එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදල වසර අවසාන වීමට පෙර ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටකින් ණය අරන් හරි මේ චීනගේ ණය ගෙවලා දැම්මා නම් හොඳයි. කවදා හරි අපි ඉන්දු-චීන රටක සරණාගතයින් වෙන්න ආසන්නයි.
එතකොට ඒ එකඟ වූ කොන්දේසි රටේ ජනතාවට කියන්නේ නැත්ද?