
(විමුක්ති එස් රුද්‍රිගු)
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී මුණගැසී මෙරට ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාකළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් පැවැසුවාය.
එහිදී යහපාලනයේ සහ විනිවිදභාවයේ අවශ්‍යතාවය තමන් අවධාරණය කළ බවත් ශක්තිමත් ශ්‍රී ලංකා ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය දක්වන බවත් මහ අධිපතිවරයා වෙත දැනුම් දුන් බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩින් සහයෝගය දෙන්න කතා කරනවා, යටින් බැඳුම්කර මිලදී ගත්තු සමාගම් උසි ගන්නනවා... ණය ප්රතිවෘහ ගතකරන එකඟතාවන්ට සහයෝගය නොදෙන විදියට. චීනයත් එකඟවෙලා ඉවරයි. මෙයාලාගේ සමාගම්වලට තමා තාම එකඟ වෙන්න බැරි වුනේ...!
නන්දලාල් තමන්ට පඩි ගෙවන ඇමරිකානු ආණ්ඩුවේ නියෝජිතවරිය වන ජූලි චං හමු වී ඇමරිකානු ආණ්ඩුව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ට පැවරු කාර්ය සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවටත්, ඒ නිසා තමන්ට ඇමරිකානු ආණ්ඩුවෙන් ලැබීමට නියමිත වරදාන හා වරප්‍රසාද ජූලි චංට මතක්කර දෙන්න මුනගැහෙන්න ඇති...!