පිළියන්දල කුඩා මාදුව වයසක යුවළක් ජිප් රියකින් යට කර මරා දමන්නට තැත්කළ බව කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටී
වයසක යුවළ අද අලුයම කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබූහ.
අසල්වැසියන්ගේ පහර කෑමට ලක්වන්නට ඇතැයි කියන බෑනා පොලිස් ආරක්ෂාව මැද වෑතර රෝහලේ ප්‍රතිකර ලබයි
පොලිසිය කියන විදියට බෑනා ඔහුගේ බිරියට පහර දෙන්නට තැත් කරද්දී ඇය ඇඳ යටට රිංගා ඒබව ජංගම දුරකථනයෙන් මවට කියා ඇත
මහ රෑ ඔවුන් දුව සොයා යතුරු පැදියකින් එද්දී ප්‍රෙට්ටල් අවසන් වි යතුරු පැදිය නතර වී ඇත
බෑනා සිය ජීප් රථයෙන් ගොස් ඔවුන් යට කරන්නට තැත් කළැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උදයල වගේ අයගෙන් මන් අහන්නේ රටක විනය, නිතිය, මිනිසුන්ගේ දරාගත නොහැකි මානසික අසහනය, නුගත්කම, දුගීබව,වගේ මෙවැනි සිද්දි වලට තුඩු දෙන දේට ආණ්ඩුව හෝ රටේ කලමණාකරිත්වේ වග නොකිය පිටස්සක්වල ජිවින්ද වගකියන්නේ. (ස)
අපේ සංස්කෘතිය ලොවන් උතුම්,අනගිභවනියයි කියන වර්ගවාදී පණ්ඩිතයන්ගෙන් මම අහන්නේ මේ වගේ දේවල් වලට තිරිසන් සංකල්ප හේතු වෙන වෙලාවල් අනන්තයි.ඔහෙලා කඩේ යන්නේ එහෙම සංස්කෘතියකට හුණු ගාන්නද? (නි)
පොඩ්ඩක් වැරදුනොත් ආණ්ඩුව විතරද වග කියන්න ඕනෑ. විපක්ෂයටත් 40%ක් බලපානවා. 87-92 ධාර්මිකද? කලින් හිටියයද ධාර්මික පාලකයෝ? නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
පිරහිලා තියෙන්නේ ලංකාව නොවෙයි, එහි ජීවත්වන සිංහල ජාතියයි. (නි)
මේ මනුස්සයට නැන්දව මාමව මරන්න ඔය තරම් තරහා, දෙන්නගේ දුව කරපු දෙයක් නිසාද දන්නේ නැහැ. දෙන්නම් කිවුව දෑවැද්ද දුන්නේ නැතුවද? (නි)
ඕනෑම පොඩි දෙයකට මිනිමරාගන්න පුළුවන් කියන්නේ සදාචාරාත්මකකමින් අන්තෙටම පිරිහිලා කියන එක.(ස)
කොහොමද අස්චාර්ය.(නදී)
ඉහවහ ගිය ආර්ථික ප්‍රශ්න උඩ සැමියා මතට යොමු වෙනවා. බිරිද දහදුක් විදිනවා. කාන්තාවට නිවහල්ව ජිවත් වෙන්ට ආර්ථික සවියක් නැහැ. ලංකාවේ මොන නීතිද?(ස)
අපිත් පවුල්කාරයෝ තමා. නමුත් මේ පවුල නම් අවාසනාවන්තයි. (ස)
මිනිස්සුන්ගේ ගොන් වැඩ වලටත් ආණ්ඩුවද වග කියන්න ඕනා. අදහස් දක්වනකොට බුද්දීමත්ව අදහස් දක්වනවානම් තමා හොඳ පාට පාට කන්නාඩි දාගන්නේ නැතුව.(නදී)
"වයසක ජෝඩුව" .(නදී)
ලංකාවේ මිනිසුන් මෙතරම් පිරිහිරිලාද? (ස)
ඔව් උදය , රටක පාලකයෝ අධාර්මික වෙනකොට මුළු සමාජයම පිරිහෙනව. එක මම කියන දෙයක් නෙවෙයි බුදු බනේම තියෙන දෙයක්. (ස)
රටක නීතිය සෙමට එක හා සමානව ක්‍රියාත්මක නොවීමේ අදීනව තමයි මේ සියලුදෙනා විදිමින් තියෙන්නේ රටක නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීම රටේ සදාචාරය හා සාමය බිදවෙටීමට ප්‍රධාන හේතුවයි. (ස)
උදය, රටේ ආර්ථිකය වැටෙද්දී මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වලට ඒවා බලපානවා. නිකන් ලොකු පණ්ඩිතයෙක් වගේ කතා කරන්න එපා.(ස)
ලොකු මිනිස්සු කරන වැඩ අහලා දැකලා පොඩි මිනිස්සුත් ලොකු මිනිස්සු කරන නරක වැඩ වලට පෙලඹීගෙන යනවා. අබුද්දස්ස කාලෙ ලබුත් තිත්ත වේගෙන යන්නේ. නීතිය හොඳටම අන්දවෙලා නීතියේ හිල් ලොකුවෙලා. රටේ පුරවැසියන්ට නීතිය අමතක වෙලා. ඉක්මනින් නීතිය ශක්තිමත් කලේ නැතිනම් මගේ, ඔබගේ, අපගේ රටට වෙන හානිය බරපතලයි. ජනතාවගේ මානුෂික සංවරතාවය රටේ ඉදිරි දියුණුවට ගොඩක් ඉවහල්වෙන සාධකයක්. දුශිතයෝ වංචාකාරයෝ මිනීමරුවෝ ඉන්න රටක් සංවර්දනය කරන්න බැහැ. පාලකයෝ මේ ගැන හොඳට හිතන්න ඕනේ විපක්ෂය පාලකයන්ට උදව් කරන්න ඕනේ සංවර්දනය කරා යන්න. හැමදාම හැමෝම බලය ගන්න විතරක් උත්සහ කරනවිට අපේ රට හැමදාම දුගී රටක් වෙනවා.(නදී)
එතකොට කලින් හිටිය ය ධාර්මික පාලකයෝ....දැන් එක්කෙනා විතරක් අධාර්මිකයි..නිකන් බුදු බණ ඕවට ගව ගන්නේ නැතුව ඉන්න අමිල මහත්තයෝ.(ස)
අපි අද ජිවත්වෙන්නේ ලොව අංක හතරට සම්මාන ලබා ඇති බේබද්දන්ගේ පරාදීසයේ, හැම අපරාධයක්ම කරන්නේ මත්පැන් පානයකරලා, පොඩ්ඩක් වැරදුනොත් කියන්නේ මම අද ඕකිව නැතිනම් ඕකව බාවනවා කියල, අනේ ලක් මෑණියනි හෙළදෙරනේ හෙළයන්ව යහමගට යොමු කරනු මැනවි.(ස)
තමන්ගේ හැම ප්‍රශ්නයකටම ගෙදර බිරින්දෑගෙන් හෝ අහිංසක දරුවන්ගෙන් හෝ පලි ගන්න වැඩිපුර පිරිමි සමාජයක් ඉන්න රටක් මේක. ගැහැනියකුට අතක් උස්සපු පිරිමියා නිවටයෙකි. ගම වැසියන් දුන් දඬුවම ප්‍රශංශනීයයි. කෙසේ හෝ මෙවැනි පුරුෂයන්ගෙන් වහා වෙන්විය යුතුයි. තවදුරටත් එකට ජීවත් වීමෙන් අවසන මහා විපතක්ම සිදුවේ. (නි)
මාරු බැණලා.(ස)
රටේ නිතිය හරියට ක්‍රියාත්මක නොවෙන කොට මිනිසුන් එකෙන් ප්‍රයෝජන ගන්නවා. වැරදි කරන්න බය නැතුව යනවා. ආගමට දහමට අනුව හද ගැහෙන්න මැලි වෙනවා රටේ පාලකයන් රටට අදර්ශයක් වෙන්නේ නැති උනාම රට වැසියන් ඊටත් ඉහළින් නිතිය කඩකරනවා. දැන් තේරෙනවද දේශපලකයන් මේවට වග කියා යුතුයි කියලා.(ස)
බෑනන්ඩිලාගේ කචල් සෑම සමාජයකම තිබෙනවා. දුවව කසාද බැන්ද පලියට අහිංසක මාමලා නැන්දලා වසර ගණන් මේ වගේ බෑනලත් එක්ක දුක් විදිනවා. ඒ වෙලාවට ඒ පවුලේ සියලු දෙනාම අනාථයි. ප්‍රදේශවාසීන් කර ඇත්තේ හොද වැඩකි. මන්ද මේ බව පොලීසියට ගිහින් පැමිණිලි කළොත් පවුල් ආරවුලක් කියලා මේ අහිංසක මිනිස්සුන්ව රස්තියාදු කරනවා විතරයි. බෑනා මුදල් විසිකර ගොඩඑනවා. ලංකාවේ වැනි බෑනා වරු ඕනෑතරම් ඉන්නවා. ඔවුන් ගොඩාක් දුරට නවතින්නේ බිරිදගේ දෙමව්පියන්ගේ මුළු සේසතම සූරං කාලා ඔවුන් ඉන්න නිවෙසද විකුණා මුදල් අරන් අසරණ දෙමව්පියන් මහමගට වැටුණු පසුවයි.(නදී)
කව්රු කොහොම කීවත් කවදාවත් නොවූ වීරූ දුර්වල පාලනයක් සදාචාරය පැත්තෙන් අපිට තියෙන්නේ නීතියට තියෙන්නේ අන්තිම තැන. බලය තියෙන ඇත්තෝ නීතිය අතට අරන්. කවද මේක පාලක හා පලිතයනට තේරේවිද දෙය්යෝම තමා දන්නේ ? (ස)
මගේ බුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි ! මගේ සුදු බෑණන්ඩිට සංගන් සරණේ සරණයි. !(ස)
සදුන් කලින් පාලකයන් වැරදි කල නිසා තමයි, මේ අයව පත් කලේ. අපි බුදු දහම අදහන නිසා බුදු බන අනුව එය තේරුම් කරන එක තමයි හොඳ. (ස)
ඈඳ යටට රිංගනකොට ජංගම දුරකතනෙ අරගෙන යන්න සිහිකල්පනාව තිබුන එකනෙ පුදුමෙ. මෙතන වෑඩියෙම අදහස් දක්වල තියෙන්නෙ පවුල් ජීවිතේ ගෑන අත්දෑකීමක් නෑති පිරිසක්. (ස)