දැන් පැවැත්වෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන නාවුල සන්ධාන රැලියට එකතුවූ ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාට එහි සිටි පිිරිස නොනවත්වා හූ හඬ නැගූ බව කියති.
මහින්ද රාජපක්ෂ මහතා දෑත් ඔසවා හූ හඬ නවත්වන ලෙස ඉල්ලා සිටියද පිරිස එයට අවනත නොවූයේ නැත.
එහි පැමිණ සිටින පිරිස තවමත් හූ හඬින් ඇමැතිවරයාට සංග්‍රහ කරන බව කියති.
හූ හඬ මධ්‍යයේම රැස්වීම ඇමතූ නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හූ කිවූ බවයි.
‘හූ කිවු අයට ඇහෙන්නත් එක්ක මම මේ කියන්නේ, අනිවාර්යයෙන්ම අගෝස්තු 18 වැනිදාට මේ රටේ අගමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතායි‘ යනුවෙන් ප්‍රකාශ කළ ඒකනායක මහතා තම කථාව අවසන් කළේය.
එහි රැස්ව සිටි ජනතාව ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ තමාගෙන් ඇති තරම් පළිගන්නා ලෙසත් ජනතාවගෙන් පළිනොගන්නා ලෙසත්ය. තමාට පළිගැනීම් හොඳට හුරු පුරුදු බවත් එහිදී රාජපක්ෂ මහතා පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරනිමල මනාප පොරය පිටාර ගලයි (බ)
මාතලේට ජනවාරි 08 වෙනස දැනිල නැද්ද (බ)
අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික සමගිය පතා (ම)
ඔයාගෙන් පළිගන්න තරම් ජනතාව පහත් තත්වයට වැටිලා නැහැ. නමුත් ඔබ ඇතුළු ඔබගේ සහචරයින් ජනතාවගෙන් පළිගත්ත කාලය ජනවාරි 8 වෙනිදායින් අවසන් උනා. ඔබ නැවත බලය ඉල්ලන්නේ ජනවාරි 8 වෙනිදා ඔයාට යස පාඩමක් ඉගැන්වූ ජනතාවගෙන් පළිගන්න බව මුළු රටම දන්නවා. නමුත් ඔබට ඒ සඳහා කිසිදාක ඉඩක් ලැබෙන්නේ නැහැ.(නදී)
සිහි විකල්ලෙන් ඉඳහිට හෝ ඇත්ත කියන බව ඔහුගේ පහත සඳහන් ප්‍රකාශයෙන් ම පැහැදිලි වෙනවා. "තමාට පළිගැනීම් හොඳට හුරු පුරුදු බවත් එහිදී රාජපක්ෂ මහතා පැවසීය" හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට කරපු හරිය මතක් වෙලා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ.(නදී)
කටු කාල මදි වෙලා වගේ සත්‍යයාට (නදී)
විනයක් නැති නිසා තමයි ඔය තරම් පිරිහිලා තියෙන්නේ (නදී)
විනයක් ඇති වෙන්නේ කොහොමද රංග මදුශංක මහත්තයෝ, විනය සාර ධර්ම සහ ධර්ම අවබෝදය ලබා දෙන්න ඉන්න හාමුදුරුවරු , ඒවා පැත්තක තියල දේශපාලනය කරද්දී ? (නදී)
මනාප පොරය පිටාර ගලයි (ම)
සිංහ ඔයාගේ අදහසත් එක්ක මම එකගයි එ්කයි ඇත්ත (බ)