ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකවරයා වීමට කැමැත්ත පළ කළ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙල දී අද පැවසුවේ තම දේශපාලන දිවියේ අවසන් ගමනාන්තය ලංවී ඇති බවයි.
දේශපාලනෙන් විශ්‍රාම ගැනීමේ කාලය එළඹ ඇතැයි ද මැට්ටන්නට තැන නොදී තරුණයන්ට තැන දිය යුතු යැයි ද ඔහු කීවේය.
‘අද දේශපාලනඥයන් පාර හැදීමට කිලෝමීටරයකට ඇස්තමේන්තු කරනවා. භාගයක් හදනවා. ඉතිරු සල්ලිටික ගසා කනවා. ඒ සල්ලි යන්නේ දේශපාලනඥයාගේ සාක්කුවටයි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අනේ මේ වෙන්න යන්නේ ඇමතිලාට දෙන්නෙක් විශ්‍රාම යනවලු,එක්කෙනෙක් බස් වල විරිඳු කියන්න යනවලු, තව කෙනෙක් එයාගේ මිනී වල එයාම කපාගන්නවලු. කව්ද වදේ අපිව බලා කියා ගන්නේ. තව සමහරු වෙනම ගමනක් යනවලු. (ස)
ඔයා බබා (ස)
පිස්සු කතාවක්නේ. (ස)
දෙවියන්ගේ හාල් කාල වගේ දැන් මේ ඇමතිවරු පාපොච්චාරණය කරන්න පටන් අරන්. බයවෙන්න එපා. ළඟදීම ඔයගොල්ලෝ ඔක්කෝටම විශ්‍රාම යන්නත් තවත් පිරිසකට වැලිකඩ කල්දේරමේ බත් කන්නත් වේවි. (ස)
බෝට්ටුව පෙරලෙන්ට හදන්නේ කියල දැනෙනකොට ගහන උප්පරවැට්ටි මේ. ආ... තව එකක්... විශ්‍රාම යන්නේ පුතා හෝ දුව හෝ පවුලේ වෙනත් කෙනෙක් හෝ ආදේශ කරලද...(ස)
ඔබතුමා මොනවද කළේ ? (ස)
මහා වැස්සකට කලින් ගෙම්බෝ එහෙට මෙහෙට පනිමින් කෑ ගසන එක මා කුඩා කාලයේ සිටම අත් දැක තිබෙන දෙයක්. (ස)
ඒ සැරේ මොකටද මේ එන්න හදන්නේ? (නි)
ආයෙත් මොනවා කරන්නද මන්දා යන්නේ? (නි)
එතුමා දන්නවා ඇත්ත තත්ත්වය ගැන. ඒකයි (නි)
අනේ පව් මෙයාට දැන් තමයි ඒක තේරිලා තියෙන්නේ. (නදී)
මම නම් විශ්‍රාම අරගෙන නොර්වේ ගිහිල්ල ගෙවල් සෝදනවා. (ස)
මට එතුමා ගැන හරිම කණගාටුයි (නි)
බලනකොට නන්දිමිත්‍ර නෙමෙයි නන් දොඩවන්නේ, අපේ අදහස් දාන කට්ටියනේ... (නි)
ඕවා අපි දන්නවා එත් කරන්න දෙයක් නැහැ. නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ. (ස)
බලනකොට පිස්සු හැදිලා තියෙන්නේ අපිට (නි)
ඇමතිතුමනි, ඇත්ත ජනතාව දන්නවා (නි)
ජනතාව ඔය ටික දන්නේ ගොඩක් කල් ඉඳලා.(නදී)
ඔබතුමා මෙච්චර කාලයකට බලාපොරොත්තු වූ ලෙස සාර්ථක වෙලා නැද්ද? (නි)
අනේ පවු. (නි)
හැමදාම කලේ නන් දොඩවන එක තමා. ජනතාවගේ අවාසනාවට ඒවා ජනතාවට තේරුනේ නැහැ.(නදී)
එතුමන්ලා නන් දොඩවනවා, අපි අතරමං වෙනවා. (නි)
ජනතාව දැනගත්තට වැඩක් නැහැ, දෙන්නෙම එයාලටමනේ. (නි)
කට්ටිය කළ දේවල් එළිවෙන දවස වැඩි ඈතක නෙමෙයි. (නි)
එහෙනම් මේ වෙනකොට ඉතින් අධිවේගී පාරවලුත් දෙකක්ම හදලා තියෙන්නේ... (නි)
පරක්කුවෙලා හරි කියපු එක අගය කරනවා.කොහොමත් හැමෝම කරන්නේ ඔය ටික තමා. (ස)
අයියෝ! මොකද මහත්තයෝ මේ? (නි)
අපේ කෙනෙකුත් ඒ කාලයේ වැඩ කළේ ඔය කියන අවසාන ඡේදයේ හැටියට තමයි (නි)
අනේ රටකට ගිය කල! (නි)
කියන විධියට තරුණ පිරිස ඇරුනාම අනිත් අය මැට්ටෝ. එහෙම බලනකොට උන්නැහෙත් තරුණයෙක් නෙවෙයිනේ. (ස)
ඔබතුමාගේ ප්‍රකාශය හොඳයි, නමුත් ප්‍රමාදයි. (නි)
පාර්ලිමේන්තුව පැත්ත පළාතේ නොගියාට අපි නම් මේවා ගැන දැනගෙන හිටියා (නි)
ඒ වුණාට මෙයා කියන්නේ ඇත්ත. (නි)
මෝඩ අපිට අන්දලා (ස)
ඔබතුමා ඔය කතාව කටින්ද කිවේ ?. (ස)
ඊලග පාර්ලිමේන්තු මැතිවරණයේ දී නම් දැන් ඉන්න ඇමතිලා ගොඩක් දෙනා විශ්‍රාම යවන්න ජනතාව කටයුතු කරාවි. (ස)
අනේ ඉතින් අපි නම් මුකුත් ඕව ගැන දන්නේ නෑ. (ස)