ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිසංවිධානයකට බ්‍රිතාන්‍ය රජය උදව් කරයි. බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හි ඊට සම්බන්ධ සාකච්ඡාවකි.
පොලිස්පතිකමට තරග කරන තිදෙනාගෙන් කෙනකු වන පූජිත් ජයසුන්දර මහතා එහිදී කථාවක් කළේය.
පොලිස් සාමාජිකයනට බලපාන ප්‍රධාන ප්‍රශ්නය නින්ද අහිමි වීම බව ඔහු එහිදී කීවේය. සැරයන්වරුන් හා කොස්තාපල්වරුන් බරපතල ලෙස ඊට මුහුණ දෙන බව ඔහු කීය. බොහෝ අවස්ථාවලදී ඔවුනට පැය තුනකට වඩා නින්ද නොලැබෙන බවද පැවසීය.
පසුගියදා කොළඹ පැවැති ඔහුද සහභාගී වූ උත්සවයකදී පොලිසියේ බොහෝ දෙනාට නින්ද යෑම සාධාරණ බව පෙන්වන්නට ඔහු උත්සාහ ගත්තේදැයි ඊට සහභාගී වූ පොලිසියේ බොහෝ දෙනා අසන්නට වූහ.
නව පොලිස්පති තරගයට ඉදිරිපත්වී සිටින එම සාකච්ඡාවට පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධරයකු කියා ඇත්තේ තමාද නින්ද ගිය එම රැස්වීමට පැමිණි බව සඳහන් වූවත් තමාට ඇරැයුමක් පවා නොලැබුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම කතාව සහතික ඇත්ත. මේවට විතරක් නොවෙයි රජයේ වැඩකරන හැමදෙනාටම පඩි ගෙවන්නේ අහිංසක රටවැසියෝ. නමුත් මෙයාලට රාජකාරියේදී නිදියන්න ලැබෙන අවස්ථා නැත. මොකද පාරේ වාහන හසුරවන ගමන් නිදියන්නද? පොලිසියේ වැරදි තිබෙනවා. නමුත් අපි ඇත්ත කතා කරමු. (නි)
එයාලා කොහොමත් ඉතින් අඩනින්දේ වගේනෙ ඉන්නේ (නි)
මේ වනවිට ඇති පොලිස් සේවය ඉස්සරහට ගෙනියන්න පුළුවන් හොඳම පුද්ගලයා පුජිත ජයසුන්දර මහතා පමණි. (නි)
අනේ ඉතින් මොනවට අපි මේවට උත්තර දෙනවද? (නි)
පොලිස් නිලධාරීන් වැඩකරන විදියට ඔවුන්ට නින්දක් නැතුවා විතරක් නෙමෙයි නිවාඩුත් නැහැ. අපි තවම අවුරුද්දට ගෙදර ගිහින් නැහැ (නි)
අන්න ලග්ගල නිදාගෙන ...... (නි)
නරකද මේ මිනිසුන්ට දවසකට පැය අටක් නිදාගන්න දුන්නා නම්? එහෙනම් මේ කතා අහන්න වෙන්නේ නැහැනේ. (නි)
බිම දමාගෙන බැටන් පොල්ලෙන් ගහනවා නොවෙයි, වැටුණු කෙනා නැගිටුවන්න උත්සාහ කරනවා වගේ කතා කියන්නෙත් හීනෙන් වෙන්න ඇති (නි)
මමත් මෙතුමාට සුබ පතනවා. ඉතාම අවංක නිලධාරියෙක්. (නි)
දේශපාලුවෝ කිසිදාක පොලිසියට හරි විදිහට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසාමයි පොලිසිය මෙච්චර බලු වෙලා තියෙන්නේ. හැබැයි දේශපාලුවෝ ඇඟිලි නොගැහුවත් පොලිසිය හරි පාරේ යයි කියලා හිතන්න බැහැ (නි)
පොලිසියේ අය ගැන දුකත් හිතෙනවා වෙලාවකට (නි)
අභය හා සමන්, ඔබ දෙදෙනා හරි සාන්තුවරයො නේද? (නි)
මෙතුමා නිර්භීත නිලධාරියෙක්. කිවයුතු දේ නොවලහා කීම අගය කළයුතුයි. එඩිතර, නිහතමානී ගුණයන්ගෙන් පිරිපුන් කෙනෙක් මොහු (නි)
සැබවින්ම හරිම කණගාටුයි. මා හොඳින්ම දන්නවා මේ කතාව ඇත්ත. අපේ පොලිසියේ රාළහාමිලට හරිම පීඩාවක් තියෙන්නේ. එයාලට සතියට දින හතේම වැඩ කරන්න ඕනෑ. එ්ත් මා ඇමෙරිකාව වැනි රටවල සතියට දින තුනක් සේවය කළොත් දින හතරක් විවේක දෙනවා. එනිසා හොඳ මානසිකත්වයක් තියෙනවා. එනිසා ඒ ගැන හිතනවා නම් ගොඩක් හොඳයි (නි)
එහෙනම් හීනෙන් වාගේ වෙන්න ඇති සමහරු ජරාවත් කන්නේ. (නි)
පුජිත් ජයසුන්දර මහතා අතිශය දුර්ලභ ගණයේ රාජ්‍ය නිලධාරියෙකි. තම අවංක කම මුලික කරගෙන තරුණ වියේදීම මෙතරම් ගමනක් ඒම පහසු කටයුත්තක් නොවුනත් එතුමාට පොලිසියේ මුල් පුටුව ලැබුනොත් රටේ වාසනාවක් (ම)
ඉතින් අපි මොනවා කරන්නද? (නි)
පුජිත් ජයසුන්දර මහතා වැනි අයෙකුගේ අඩුව පොලිසියට තදින් දැනෙන මොහොතක ඔබතුමාගේ පත්වීම ඉක්මන් වේවායි පතමි (නි)
මෙයාලා ඉතින් රාජකාරි වෙලාවලත් නිදි තමයි. තවත් මොනවද? (නි)
රාජකාරිය දේවකාරිය සේ කළා නම් ඉතා වටිනවා. මෙය මහජන සේවයක්.මොකද මේවාට පඩි ගෙවන්නේ අහිංසක රටවැසියෝ (නි)
පුජිත් වගේ කෙනෙක් ඉහළම පුටුවේ සිටිය යුතුමයි කියායි මම නම් හිතන්නේ (නි)
මේ වැනි නිලධාරීන් පත්නොවීම මහජනයාගේ අවාසනාවකි (නි)
දේශපාලඥයා කවදාද නිවැරදී තීන්දු ගත්තේ? (නි)
ඔබතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. පොලිස් දෙපාර්තුමේන්තුවේ නිලධරයන් පැය 24ක සේවා කාලයක නිරත වෙනවා. ඔවුන්ගේ වැටුප් නිවාඩු ඔවුන්ට නිසිලෙස ලබා දිය යුතුයි.(හේ)
පූජිත ජයසුන්දර මහතා නව පොලිස්පති වන බව මට ස්ථිරයි. එතුමා අවංක පොලිස් නිලධාරියෙක්. මම සුභ පතමි! (නි)
මෙතුමා කියන දේ ඇත්ත. ඕනෑම සේවකයෙකුට අවම පය 10ක විවේකයකුත් හොද නින්දකුත් අවශ්‍යයයි(කෞ)
මම කැමති මෙතුමාගේ කතාවට (ම)
නොනිද නොනිමි මෙහෙවර (අ)
දැන් ඔය හොඳට නිදාගෙන තියෙන්නේ ලග්ගල (නි)
මෙයාලගේ වැටුප වැඩිකළා නම් හරි (නි)
ඔබ කියන කතාව හරියටම හරි. අනෙක දැන් හැම මඟුල් ගෙදරකටම වාහන පේළියට පොලිස් මෝටර් රථ සහ මෝටර් සයිකල් දෙනවා. මේවා ඉල්ලන්නේ ඉහළ ප්‍රභූවරුන්. මේවාට ගෙවන්නේ රජයේ මුදල්. මේවාට මුදල් අයකළ යුතුයි (නි)
ජරාව ලැබෙනවානම් පැය 24 නිදිමරාගෙන ඉන්න පුළුවන්.නැත්තන් පයක් වත් නිදිමරන්න බැහැ .(කෞ)
ඇරැයුමක් පවා නොලැබුණු උත්සවයකට ආවේ ඇයි? (අ)