මොළයේ  නිසි ක්‍රියාකාරීත්වය සහ ශරීර ඌෂ්නත්වය පාලනය කිරීමට උපකාරී වන ‘මෙලටොනින්‘ රසායනය නිසි  පරිදි ක්‍රියාත්මක නොවීමෙන්  පෙර පාසල් හා සහ පාසල් වයසේ දරුවන්  දරුවන් බොහෝ දෙනකු  නිතර හිස රදයෙන් පෙළෙන බව  බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ  වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා  කියයි.

වැඩෙන දරුවන්ගේ  මොළයේ ‘මෙලටොනින්‘ රසායනය නිෂ්පාදනය වන්නේ  අඳුරේදීය.

රාත්‍රියේ නින්ද කෙටි වීම,උදෑසනින්  අවදි වීම,පරිගණකය ,දුරකතන භාවිත කරන කාලය ඉහළ යාමෙන් දරුවන් ආලෝකයේ සිටින කාලය වැඩි වී  ඇති බව ඔහු කියයි.

මෙලෙස රසායන නිපදවීම අඩාල වීමෙන් දරුවන්ගේ නිරෝගි බවට බලපෑමක්  එල්ලවී ඇත.

නින්දට යන කාලය අඩු වීමෙන් දිනපතා හිසරදය,මතක ශක්තිය අඩු වීම,කේන්ති යෑම,නිරතුරුවම ඇති විය හැකි බව වෛද්‍යවරයා  අවධාරණය කරයි.