රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා තහවුරු කර ගැනීම සඳහා ‘නන්දි ‘ අලි පැටවා නවසීලන්තයට තෑග්ගක් වශයෙන් යැවීම හෝ ඒ සම්බන්ධ කිසිදු පියවරක් ලබන අගෝස්තු 02 වැනිදා තෙක් නොගන්නා බවට නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේස්කර මහතා මේ බව අධිකරණයට දැන්වීය.
වඳවී යන සතුන් නම් කොට සිටින රතු දත්ත පොතටද ඇතුළත් දුර්ලභ ආසියානු අලි පරපුරකට අයත් පස් හැවිරිදි ‘නන්දි‘ නැමැති අලි පැටවා නවසීලන්තයේ ඕක්ලන්ඞ් සත්ව උද්‍යානයට තෑගි කිරීම තහනම් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද (13) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කරන ලදී.
COMMENTS
තෑග්ගක් විදියටවත් අලි පැටවු දෙන්න එපා.(හේ)
නවසීලන්තය අලින්ගේ වාසයට සුදුසු රටක් නෙවෙයි. එහෙ අලි නැත්තේ ඒ නිසා. මොන තරම් අපරාධයක් ද මේ කරන්නේ? තනියෙන් මේ අලි පැටවා මොන දුකක් වින්දියි ද ඒ රටේ? අහිංසක සත්තු පිටරට යවන අයගේ හත්මුතු පරම්පරාවටම හෙන ගහන්න ඕනෑ (ම)
නවසීලන්තයේදී අලි ඉතා ආදරයෙන් රැක බලාගන්නවා (නි)
අපේ අලි සම්පත දිනෙන් දින අඩුවෙන එකට මේ රටවලින්වත් විසඳුමක් ගන්න බැරිද? (නි)
නවසීලන්තයට එන්න ලැබෙනවා නම් අලියාගේ පෙර පිනක් (නි)
අපේ රටේ අලි ඉන්නේ අපේ රටේ ඉන්න අයට මරා දාන්න. අදත් මින්නේරියේ අලියකුව මරලා. කිසිම අලියෙක් රටින් පිට නොකළ යුතුයි (ම)
ඔය කතා කියන කීදෙනෙක් නවසීලන්තය දැක තිබෙනවද? මෙහෙ බල්ලෙකුට තියනවා ලංකාවේ මිනිසුන්ට වඩා සැළකිලි. ඇවිල්ලම බලන්න. (නි)
මේ අලි පැටියා යවන්න එපා.(හේ)
සංහිඳියාව තිබෙනවා නම් දුන්නට කමක් නැහැ. (නි)
අපිටත් අලි අඩු එකේ ඇයි මේ පිටරට යවන්නේ? (නි)
මම නම් කියන්නේ අපේ සම්පත් රටින් පිට යවන්න එපා කියලයි (නි)
අපේ රටින් පිලිපීනයේ මැනිලා නුවර සත්තු වත්තට ඉතාම කුඩා කාලයේදී ලබාදුන් මාලි නම් ඇතින්නිය අවුරුදු 36 ක් කොන්ක්‍රීට් කූඩුවක එරට දුක් විඳිනවා. පාකිස්ථානයේ ජාතික සත්තු වත්තට ලබාදුන්නු කාවන් ඇත් පැටියාත් ඒ ආකාරයෙනම දුක් විඳිනවා. ජපානයට ලබාදුන් ඇත් පැටියත් එහෙමයි. හිතලා බලන්ට උඩවලවේ වගේ ජාතික වනෝද්‍යානයක ඒ අහිංසක සතුන් හිටියා නම් කොච්චර නිදහසක් විඳිනවාද? අන්තර්ජාලයෙන් වැඩි විස්තර සොයා බලන්න. කරුණාකර මීට විරුද්ධ වෙන්න. අපි දැන දැනම ඒ අහිංසක සතුන්ගේ මුළු ජීවිත කාලයම දුක් විඳවන්න යවන්නේ ඇයි? (නි)
අපේ රටින් ඔහොම දුන් අහිංසක සතුන්ට වෙලා තිබෙන දේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)
පවු අපේ අහිංසක සත්තු (නි)
ලංකාවේ අලිමරන තරමට, අපේ අලි හොඳට බලාගන්න රටවලට එක අලි පවුල ගානේ දීලා තිබ්බොත් අාපහු අපේ අලි තව අවුරුදු කීපයකින් වඳ වෙලා ගියාම, ලංකාවට අාපහු අලි පැටව් ඉල්ලගන්න පුළුවන් අපේ සත්ත්ව උද්‍යානෙට. (නි)
අපේ මිනිස්සු දවසට එකා ගානේ අපි මරනවා. ඒවා ගැන කතා නැහැ. මේ අලියා යවන්නේ සත්තු වත්තකට. ඒ මිනිස්සු සතුන්ට ආදරෙයි. (නි)