නින්දා අපහාස සහ විවේචන කෙතරම් එල්ල වුවද ජනවාරි අට වැනි දා රට වෙනුවෙන් පැවරුණු වගකීම් නිසි ලෙස ඉටු කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) වැලිමඩදී කීවේය.
වැලිමඩ ශ්‍රී සංඛගිරි විහාරස්ථානයේ අභිනව වාහල්කඩ ජනපති අතින් විවෘත විය.
බුදුන් වහන්සේ මෙන්ම මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨයන් ද, රටට වැඩ කළ බොහෝ දෙනාද විවිධ චෝදනා සහ අපවාදවලට ලක් වූ බව ජනපති පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් නෙවෙයිනේ නින්දා අපහාස ලැබෙන්නේ. හොඳ හේතු ඇතිව. (බ)
මට තේරෙන්නේ නැත්තේ මෙතුමා බුදුන්ට හෝ ගාන්දිට සමවෙන්න කරපු ශ්‍රේෂ්ඨ වැඩේ මොකක්ද කියල. (අ)
විවිධ චෝදනා සහ අපවාද වලට ලක් වූ රටට වැඩ කල ශ්‍රේෂ්ඨයන් අතර හිටපු ජනාධිපති තුමාත් සිටින බව පිලිගැනීමට තරම් වත්මන් ජනාධිපති තුමා නිහතමානීද?(අ)
තමන් කරන දෙය නිවැරදි ද, සද්භාවයෙන් කළාද කියා දන්නේ තමන් විතරයි..ලෝකේ වැඩි පුරම බැනුම් ඇසුවේ නිවැරදි වැඩ කරන අය. ඔබ තුමා ගැන පොදු ජනතාව ලොකු විශ්වාසයක් තබා ගෙනයි ඉන්නේ. එම විශ්වාසය රැකෙන පරිදි "තාදී ගුණයෙන්" යුතුව වැඩ කටයුතු කළා ම කවුරු මොනවා කීවත් ස්වභාව ධර්මය විසින් ඔබ තුමාව රැක ගනීවි. (බ)
දැන්නම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කිසිම වෙනසක් නැහැ (නි)
හැමෝගෙම කතාව නම් තියනවා. එත් කරපු දෙයක් නම් තාමත් නැහැ (නි)
පාර්ලිමේන්තුවේ වෙන දේවල් දන්නේ නැහැ කියන ජනාධිපතිවරයෙක්ගෙන් රටට වැඩක් නැහැ.(අ)
චතුරි, දැන් ආණ්ඩුව කරන දේවලුත් පොඩ්ඩක් හොයලා බලන්නකෝ (නි)
මේ කතාව අපි අහන්නේ දැනට අවුරුද්දකට පෙරසිටනේ. නමුත් තවමත් කළ දෙයක් අපි දැක්කේ නැහැ (නි)
නැතිව වෙන මොනවා කරන්නද (බ)
ලංකාවේ අපි පසුකලෙ මොනවගේ සිදුවීම් පිරි බැරෑරුම් කාල වකවානුවක්ද යන්නත් ඉදිරි යුගය කෙසේ යායුතුද යන්නත් හරි හැටි විමසුන් ඇසින් තේරුම් නොගෙන කතිරයේ හයිය පෙන්නපු අම්බාරුවන්ට ඉදිරි මාස කිහිපය ඇතුලත අං එන එක නියතයි , සහතිකයි. (අ)
අපේ රටේ යහපත් වැඩක් කරන ඕනෑම නායකයෙකුට අත්වෙන ඉරණම මේක තමයි ජනපති තුමනි නින්දා අපහාස , නොසැලී පෙරටම යමු ඔබට ජය නියතයි !(අ)
හිටපු ජනාධිපතිනියක් වැඩි වැඩක් නොකර අවුරුදු 11 හිටියා. කවුරුවත් බැන්නද? බැන්නත් වැඩක් වුණාද? (නි)
වැඩකට නැති කෙනෙක් (බ)
හැමදා අපේ ජනපති මහින්ද මහත්තය පමණි (බ)
ඉතිරි අවුරුදු 4 මත් ඕකම කියා කියා ඉන්නකෝ. වැඩක් කරන බවක්නම් පෙන්නේ නෑ. දෙන්නම නිකන් කටින් බතල කොළ හිටවනවා විතරයි. දියුණු වේගෙන ආපු රට ආපස්සට යන්න පටන් ගෙන තියෙන්නේ. කාටවත් ගානක් නෑ. (බ)
ඔබතුමාගේ සංකල්ප හොදයි,එහෙත් ප්‍රයෝගික නැහැ ,මන්ද ඔබ ජනාධිපති බවට පත්වුණේ යු.එන්.පි ඡන්දවලින්,දැන් ඔබ නිදහස් පක්ෂය ගැන කතාකරට ,ඔබ සභාපති වුබත් ,සෑබැ නිදහස් පාක්ෂියන් ඔබව දකින්නේ පක්ෂය හැරදමා ගිය කෙනෙක් ලෙසිනි. එමෙන්ම ඔබ තුමා හදවතට එකගව පක්ෂය වෙනුවෙන්න් පෙනි නොසිටින බැවින් , ඔබ ජනාධිපති වුනත් ඔබතුමාගේ සංකල්ප කරගෙනයාම නොහැකිවී සිටින්නේ මේ හේතුන් නිසයි.(බ)
මෙතුමා හොද වෙන්න රටට මොනවද කළේ අප්පා..අවුරුද්දකට.රනිල් මීට වඩා හොදයි.අඩුගානේ යු.එන්.පිය වෙනුවෙන්වත් පෙනී හිටිනවා ඍජුවම. (බ)
අපේ රටට එදා මේද තුර ජනදිපතිලගෙන්, හොඳම ජනාදිපති. (ර)
අපේ රටේ එදා මෙදා හොදම ජනපති මහින්ද රාජපක්ෂ (අ)
ජනපති සහ අගමැති කිසිම දෙකට සැලෙන්න එපා , පසුගිය රජය කාපු හැටි පොඩි දරුවාගේ ඉඳල මුළු ලෝකයම දන්නවා අද ඔබ දෙදෙනාත් රාජපක්ෂවරුන්ගේ ගති පිහිටලා තිබුනානම්. අයියල ,මල්ලිලා මේ වෙනකොට හිරේ තැපල. (බ)