පසුගිය කාලෙ රේගුවෙ සුරාබදු අංශෙ වගේම තවත් ලොකු ලොකු කන්තෝරැවලට කෙරෙන්න ඕන වැඩ ගැන නියෝග දුන්න තරැණ නෝනකෙනෙක් විෂය භාර අමාත්‍යංශයෙ හිටලු.
එයාගෙ නියෝග මත වෙච්ච සමහර දේවල් නිසා මාධ්‍යයට ලොකු ලොකු ප්‍රවෘත්තිත් හම්බවුණා...
ඉතින් මේ නෝනාගේ නියෝග ඉවසන්නම බැරි දෙපාර්තමේන්තු ප්‍රධානීන් දෙතුන් දෙනෙක් එයාගේ නියෝග නිසා තමන්ට පමණක් නෙවෙයි තමන්ගෙ දරැපවුල්වලටත් ඉස්සරහට ලොකු ලොකු අපල සිද්ධවෙයි කියලා බයවෙලා මේ ගැන එහෙන් මෙහෙන් තොරතුරැ හෙළිදරව් කළා කියනවා..
ඊට පස්සෙ ඒ තොරතුරැ අහුගත්ත කටකාර පංචායුධ උන්නැහේ පසුගියදා කවුන්සිලේදි නෝනගෙ නම් ගම් ඇඩ්‍රස් ඇතුව ලොකු කතාවක් කීව.. මේක කිව්වම ඒ තරැණ නෝනට හතරවටෙන්ම දොස් පරොස් එන්න පටන් ගත්තලු.. අන්තිමේදී එතුමියගෙ ඇස්වලින් කඳුළු බේෙරන ගමන් මේව ගැන තීන්දුවක් ගන්නව කියලා කීවලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd