මේ දවස්වල තමන්ගේ අමාත්‍යංශයට එන්නෙ නැති ඇමැති කෙනෙක් ඉන්නවා... උන්නැහේගෙ අමාත්‍යංශයේ ඇමැතිතුමා නැති නිසා ඒකෙ වැඩ බලන්නෙ ඇමැතිතුමාගේ පවුලෙ සමීපතම ඥාතිවරියක්ලු. උප ඇමැතිතුමාට ඒ වැඩ ගැන කිසිම වගකීමක් පවරලත් නැහැ කියලයි ආරංචි..
ඉතින් මේ නෝනා මහත්තයා ඇමැති බලතල ඇමැතිතුමාටත් වඩා තදින්ම ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා සමහර වැඩ අලවෙලා කියලා තමයි කතාව යන්නෙ. අමාත්‍යංශ ලේකම් තැනට පිට රාජකාරි ගමන් යන්න වෙන් කරපු ඉන්ධන දීමනාව පවා මෙතුමිය කපා හැරලා කියලත් අහන්න ලැබෙනවා...
මේ ජරමර නිසා එතන නිලධාරි බොහෝම දුක්මුසුව දුර්මුඛව නන්නත්තාරවෙලා ඉන්නවලු. දැන් සති ගණනාවකින් ඇමැතිතුමා කන්තෝරැවට නොආ නිසා මුලු අමාත්‍යංශෙම ලෙඩ වෙච්ච බවයි පේන්නෙ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd